2022 රනිල් රටේ පාලනය බාරගන්නා විට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,567
    10,360
    113
    44
    Living in an Atom
    461847762_850131113923809_4309169184136774331_n.jpg



    2022 රනිල් රටේ පාලනය බාරගන්නා විට ආර්ථිකය අර්බුදයේ උච්චතම අවස්ථාවේ හා දේශපාලන අස්ථාවරත්වයෙන් යුතු මොහොතක මහබැංකු අධිපති නන්දලාල් මහතා තමාට දේශපාලන ස්ථාවරත්වය උදාකර දෙන රනිල් වික්‍රමසිoහ මහතාගෙන් තමා දැඩි ඉල්ලීමක් කළ බවත් එම ස්ථාවරය තුලින් දැඩි මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති සම්මත කොට නොතිබෙන්නට මෙම ආර්ථික අර්බුධයට විසදුම් ගෙන ඒම ඉතා අසීරුබවත් වරෙක මහබැoකු අධිපතිතුමන් සදහන් කල අතර,
    ජනාධිපති රනිල්ට මුදල් අමාත්‍යවරයා ලෙස ලැබුණේ ( - )7.8% වාර්ෂික ආර්ථික වර්ධන වේගය පහත වැටුණු රටක් බවත්, ක්‍රමයෙන් ගත් ආර්ථික ස්ථායිකරණ ක්‍රියාමාර්ග සමඟ 2022 වන විට වඩා ධනාත්මක වා.ආ.ව.වේ. ලබාගන්න හැකි වීමත්,67.8% අධිඋද්ධමන මට්ටම ක්‍රමයෙන් තනි ඉල්ලකමට ගෙන එමින්ද ,
    විදුලි කප්පාදුව ක්‍රමයෙන් ඉවත්කරමින් තෙල් ගෑස් ඉන්ධන හිඟයෙන් ඉවත්වෙමින් සංචාරක කර්මාන්ත දැවැන්ත වර්ධනය සමඟ ණයවර ලිපි මඟින් යළිත් ගනුදෙනුව හැකිවීම මත කර්මාන්ත අංශයේ ක්‍රමික වර්ධනයක් සහ පොහොර හිඟය දුරලමින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයද වර්ධන වුණා.

    බුන්වත් වූ අනෙක් රටවලට වඩා වේගවත්ව නැගී සිටි ශ්‍රී ලංකාව රාජ්‍ය සේවක වැටුප්කප්පාදු කිරීම් නොකර බදු ආදායම ශක්තිමත් කරගනිමින්ද IMF නිර්දේශ අනුව මුදල් අච්චුගැසීමකින් තොරව රුපියල ශක්තිමත් කරගමින් අනෙක් අතට ප්‍රේෂණ වැඩිකරගනිමින් ද විදෙස් සංචිත ඩොලර් බිලියන 6 සීමාව පසු කර තිබෙනවා..

    2022 වන විට -7.8% වූ වාර්ෂික ආර්ථික වර්ධනය වේගය 2023 වන විට -2.3% ලෙස ආර්ථිකය හැකිළුණු අතර,
    නැවත එය 2024 පළමු කාර්තුවේ 5.3% වර්ධනයක් ද,
    දෙවන කාර්තුව වන විට 4.7% ක්‍රමික වර්ධනයක් අත් කරගැනීමට ශ්‍රීලංකාවට හැකිව තිබෙනවා.
    මහබැංකුව වාර්ෂික ආර්ථිකය වර්ධනය 3% වනු ඇතැයි පුරෝකථන කල අතර,
    ජාත්‍යන්තරව මූල්‍ය අරමුදල 1.2% ,
    ලෝක බැංකුව 2.2 ලෙසත්,
    ආසියා සංවර්ධන බැංකුව 2.6% පුරෝකථන කර ඇති අතර,
    ඒ සියළුම අපේක්ෂිත මට්ටම් අභිබවා ආර්ථික වර්ධනය 4% ආසන්න අගයක් ගනු ඇතැයි මේ වනවිට බැංකු අධිපතිවරයා පවසයි..
    ජනාධිපති රනිල් 2025 දී 3% ආර්ථිකය වර්ධනයක් අපේක්ෂා කල අතර ඊට අනුගතව විශේෂයෙන්ම රාජ්‍ය අoශයේ වැටුප් වැඩිවීමක් ද විදුළිය හා ජළ පාරිබෝගිකයන්ට සහණයක් ලබාදීමට යෝජනා කලේ 2024 මුලදී..

    හිටපු ජනාධිපති රනිල් ISB ණයහිමියන් අතර එකඟතාව තහවුරුකර ගැනීමට කටයුතු කිරීම ආර්ථිකය වර්ධනය තවදුරටත් ඉහළයාමට අත්වැල් සපයා ඇති අතර ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමටත් ඒ හරහා බංකොලොත් ලේබලයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය මිදෙන අතර ආයෝජනකරුවන් දිරිගන්වන සුළු වීම හා ඒ හරහා අපනයනය මූලික කරගත් ආර්ථිකයක් කරා එළැඹීමට පහසුවන අතරම එය වක්‍රාකාරයෙන් නැවත ආර්ථිකය වර්ධනය වේගය ඉහළ දමනු ඇති..
    හිටපු ජනාධිපති රනිල් ධනාත්මක අඛණ්ඩ ආර්ථිකය වර්ධනයක් ලබා ගැනීමේ අධිඨනින් ,
    2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමනාකරණ පනත ඇතුළු රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කල යුතු බවට යෝජනා කලා..

    මහබැංකුව ස්වාධීන කිරීමේ නීතිය ප්‍රථමයෙන්ම සම්මත කල අතර දේශපාලන බලපෑම් වලින් තොර ආයතනක් කිරීම එහි අරමුණ වුණා,
    පාර්ලිමේන්තුවට ගෙනා ආර්ථික පරිවර්තන නීති කෙටුම්පතට එවකට විපක්ෂයේ සිටි ජාතික ජන බලවේගය නඩු පවරන බව පැවසුවා..
    එහෙත් ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක එවකට ඔවුන්ගෙන් චෝදනා ලැබූ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා නැවත මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස නැවත පත් කෙරුණා..

    ✍️
    - පුබුදු ලක්මාල් වික්‍රමආරච්චි
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    Lokka thamai me tharam wath goda gaththe apita mathakai thibba widiha .aluth kena awith 10kata wadi kare ekama de vehicle show Eka Witharai Anna ewath aran gihin
     
    • Like
    Reactions: nayi hami