Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2023 ICC Men's Cricket World Cup - 🏏🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එංගලන්තය සමග තරගය ජය ගත් ඉන්දියාව, ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

ඉන්දියාව මේ වනවිට තමන් ක්‍රීඩා කළ තරග හයම ජයගෙන, අපරාජිතව සිටිනවා.

විශේෂඥ මතය අනුවත්, සාමාන්‍ය දැනීමට අනුවත් මෙවර ලෝක කුසලානය ජය ගැනීමට වැඩිම ඉඩක් ඇති කණ්ඩායමත් ඉන්දියාව.

කොහොමත් මේ ලෝක කුසලානය සංවිධානය කෙරෙන්නේම ඉන්දියාවට ජයග්‍රහණය කිරීමටයි.

මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ බලවතා මෙන්ම පාලකයාත් ඉන්දියාව බව නොරහසක්.

ඒ බව පැරණි ක්‍රිකට් බලවතුන් වූ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවත් දන්නවා.

නමුත් මුදල් බලයෙන් සහ අයි.සී.සී නීතියෙන්ම සම්මත වූ 'බිග් ත්‍රී' පනතෙන් පසුව ඉන්දියාවට අභියෝග කළ හැක්කෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ නැහැ.

ව්‍යවස්තාපිත නීතියෙන් සහ මූල්‍ය බලයෙන් ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ සිහසුන හිමි කරගත්තා.

ඉන්දීය මැතිවරණය ලඟ ලඟම එනවා.

ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවත් වෙන ජාතියක්. ඉන්දීය ජනතාවට අන් සියල්ලටම වඩා ක්‍රිකට් තරග ප්‍රතිඵල වැදගත්.

2023 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ අළුතින් කඩිමුඩියේ ඉදි කළ 'නරේන්ද්‍ර මෝදි' ක්‍රීඩාංගණයේ.

නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේ, ඉන්දියාව ක්‍රිකට් ලෝක කුසලානයක් ජය ගැනීමම නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට ඊළග මැතිවරණයේදි විශාල වාසියක්.

එය ඉන්දීය ඉතිහාසයේත්, ඉන්දීය ජනතාවගේ හදවතේත් රන් අකුරින් ලියවෙන මතකයක් වේවි.

බිග් ත්‍රී පනතත්, IPL සමග එන මුදල් බලයත් නිසා ඉන්දියාවේ පාලකයා නොනිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේත් පාලකයා බවට පත්වෙනවා.

වර්තමානයේ ICC ය පාලනය කරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා.

ඔහු භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු සහ ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා ගේ පුත්‍රයා.

ජේ ෂා, නරේන්ද්‍ර මෝදි ගේ සමීපතම හිතවතෙක්.

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ගුජ්රාත් ටයිටන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන්නේත් 'ෂා' පවුල විසින්මයි.

ගුජරාතය නරේන්ද්‍ර මෝදි ගේ උපන් බිම. ඔහු ඉන්දීය දේශපාලනයට පිවිසෙන්නේත් ගුජරාතයෙන්.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ගුජරාතය කේන්ද්‍ර කර ගොඩනගන්නේ අහඹුවක් නිසා නොවෙයි.

ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන්නේත් නරේන්ද්‍ර මෝදි ගේ උපන් බිම වන ගුජරාතයේමයි.

මේ අනුව මෙවර ලෝක කුසලානය ඉන්දියාවට ජයග්‍රහණය කිරීම උදෙසාම සංවිධානය වන්නක් බව පැහැදිලියි.

එය ඉන්දියාවේ වගේම අයි.සී.සීයේත් අවශ්‍යතාවය.

බොහෝ දෙනෙකු සිතා සිටිනා පරිදි අයි.සී.සී ය යනු ස්වාධීන, අපක්ෂපාතී ආයතනයක් නොවෙයි.

වර්තමානයේ අයි.සී.සීයේ ක්‍රියාත්මක වන්නේ ඉන්දීය අභිලාෂය.

ලෝක කුසලානයේ කාල සටහනේ සිට සියල්ල සැකසුනේ ඉන්දීය කණ්ඩායමට වාසිදායක ලෙසින්.

තනතීරු සැකසෙන්නේ ඉන්දීය තනතිලි භාරකරුවන් විසින්මයි.

ඒ ක්‍රියාවලිය අධීක්ෂණය කරන්නේත් අයි.සී.සීයෙන් පත් කළ ඉන්දීය නිළධාරියෙක්.

ඉන්දීය - නවසීලන්ත තරගයට සැකසුනේ මන්දගාමී, ඉපිලීමෙන් අඩු තනතීරුවක්.

නවසීලන්ත ක්‍රීඩකයන් උසින් වැඩියි.

අඩු ඉපිලීමකදී (Bounce) පන්දුවට පහර දීමට ඔවුන්ට අපහසුයි.

එම තනතීරුව සකස් කර තිබුණේ හිතාමතාම නවසීලන්ත පිතිකරුවන්ගේ එම දුර්වලතාවය ඉලක්ක කරමිනුයි.

මේ වාසිය ඉන්දීය පන්දු යවන්නන් මැනවින් භාවිතා කළා.

එපමණක් නොවේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිතා වන තාක්ෂණය පවා, අවශ්‍ය නම් එලෙස භාවිතා කළ හැකි උපකරණයක්.

විනිසුරු තීරණ යළි සළකා බැලීමේ දි ක්‍රියාත්මක වන තාක්ෂණය 100% ක් නිවැරදි යැයි බොහෝ දෙනෙක් සිතා සිටිනවා.

නමුත් එය වැරදියි.

මේ තාක්ෂණය ක්‍රියාත්මක කරන්නේ ලෝක කුසලානයේ තරග විකාශකයන් විසින්.

ඒ සඳහා විකාශකයන් කැමරා කෝන, දර්ශන සහ පරිගනක වැඩසටහනක් (Hawk Eye) භාවිතා කරනවා.

එහිදී විකාශකයන් විසින් ඇතුලත් කරනා දත්ත වෙනස් කිරීමෙන්, අවශ්‍ය නම් මේ තාක්ෂණයේ ප්‍රතිඵල වෙනස් කරගත හැකියි.

මෙය කොතරම් සූක්ෂමදැයි කිවහොත්, කඩුල්ලේ සවිකර ඇති කැමරා වල කෝනය එක දශමයකින් හෝ වෙනස් වීම පවා අවසන් ප්‍රතිඵලයට බලපානවා.

මේ ක්‍රියාවලියේ තාක්ෂණික පාලනය තරග විකාශකයන් සතුයි.

විනිසුරු තීරණ යළි සලකා බැලීමක දී (DRS) පන්දුවේ දෝලනය, ඉපිලීම, දග කැවීම ඉතා සුලු ප්‍රමාණයකින් වෙනස් කර තීරණය වෙනස් කිරීමේ හැකියාව තරග විකාශකයන්ට පවතිනවා.

ඒ සඳහා අවශ්‍ය කැමරා කෝනයේ සුලු වෙනසක් හෝ සුලු පරිගනක විධානයක් පමණයි.

එය බොහෝ විට පියවි ඇසට නොපෙනෙන වෙනසක්.

එවැනි සිදුවීම් අතීතයේ සිදුව තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේ තරග විකාශන අයිතිය දරන්නේත් ඉන්දියාවේ ස්ටාර් ස්පෝර්ට්ස් සමාගම.

ස්ටාර් ස්පෝර්ට්ස් යනු ඉන්දියාව ජයගත් තරග පමණක් යළි යළිත් විකාශය කරනා, ඉන්දියාව පරදින තරග ඉවත්ම කර දමනා ඉන්දීය විකාශන ආයතනයක්.

ඊයේ තරගයේ දී රෝහිත් ෂර්මා ගේ දැවී යාමේ තීරණයක් එලෙස ආන්දෝලනයට හේතු වුණා.

මාර්ක් වූඩ් යැවූ පන්දුවකට, රෝහිත් ෂර්මා කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරුණා.

කෙසේ වෙතත් විනිසුරු තීරණ සලකා බැලීමේ දී (DRS) එම පන්දුව සම්පූර්ණයෙන්ම කඩුල්ල මග හැර යන බවක් පෙනුණා.

ඒ අනුව නොදැවුනු ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරුණු රෝහිත් ෂර්මා ට කඩුල්ලේ රැඳී සිටීමේ වරම් හිමිවුණා.

ඊයේ තරගයේ ඉන්දියාව වෙනුවෙන් තීරණාත්මක ඉනිම ක්‍රීඩා කළේ ඔහු.

නමුත් මෙම තීරණයේ බොහෝ සැක සහිත තැන් තිබුණා.

බෝල් ට්‍රැකිං තාක්ෂණයේ දී පන්දුවේ දෝලනය අස්භාවික බව බොහෝ දෙනෙකු කියා සිටියා.

මාර්ක් වූඩ් ගේ පන්දු වල නොතිබෙනා අස්භාවික දෝලනයක්, බෝල් ට්‍රැකිං තාක්ෂණයේ දී පෙනුණා.

එමෙන්ම බෝල් ට්‍රැකිං තාක්ෂණයේ දි තෝරා ගත් පන්දුව ගැටුනු ස්ථානයේත් සුලු වෙනසක් පවතින බවට බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා.

මේ සියලු සාධක මත, බෝල් ට්‍රැකිං තාක්ෂණයේ දී එම පන්දුව සම්පූර්ණයෙන්ම කඩුල්ල හැර යන අයුරු පෙනුණා.

කඩුල්ලේ යම් තැනක හෝ ගැටුනා නම්, විනිසුරු තීරණය (Umpire's Call) මගින් දැවී යාමට තිබූ රෝහිත් ගැලවුනේ පන්දුව සම්පූර්ණයෙන්ම කඩුල්ල මග හැර යාම නිසයි.

බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුණේ එම පන්දුව සම්පූර්ණයෙන්ම කඩුල්ල මග හැර යාම ඇදහිය නොහැකි බවයි.

මේ එක් සිදුවීමක් පමණයි.

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරු තීරණ යළි සලකා බැලීමේ තාක්ෂණය පවා සර්ව සාධාරණ එකක් නොවෙයි.

එය අවශ්‍යතාවයක් ඇති වූ විටෙක, අවශ්‍ය ලෙස වෙනස් කළ හැකි එකක්.

අනිවාර්යෙන්ම ලෝක කුසලානයේ ඉදිරියේදීත්, අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එම විකල්පත් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් භාවිතා කෙරේවි.

එපමණක් නොවෙයි.

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ කාසියේ වාසිය පවා වෙනස් කළ හැකියි.

ලෝකයේ වෙනත් ඕනෑම ක්‍රීඩාවක කාසියේ වාසිය උරගෑමේ අවස්තාව රසිකයන්ට විවෘතයි.

නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේදි තවමත් ඒ අවස්තාව පැහැදිලිව විකාශය කෙරෙන්නේ නැහැ.

අවශ්‍ය නම් තරග තීරකවරයාට සූක්ෂමව කාසියේ වාසියේ තීරණය පවා වෙනස් කළ හැකියි.

කාසියේ වාසිය උරගා බලන අවස්තාවටත්, ඩ්‍රෝන කැමරා සහ ස්පයිඩර් කැමරා භාවිතා කරන ලෙසට පාකිස්තාන හිටපු ක්‍රීඩක මොහොමඩ් හෆීස් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.

නමුත් එම ඉල්ලීමට 'ස්ටාර් ස්පෝර්ට්ස්' විකාශකයන් යහපත් ප්‍රතිචාරයක් ලබා දුන්නේ නැහැ.

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව සර්ව සාධාරණ එකක් නොවෙයි.

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස් කළ හැකි බොහෝ දෑ තියෙනවා.

එමෙන්ම එලිපිටම ඒවා වෙනස් කෙරෙනවා.

සෙසු සියලූම දෙනා කිසිදු හඬක්, විවේචනයක් ඉදිරිපත් නොකරම ඒවා ඉවසනවා.

වත්මන් ක්‍රිකට් බල අධිකාරිය වන ඉන්දියාව එතරම් බලවත්.

මෙවර ලෝක කුසලානයට ඉන්දියාව සහභාගී වෙන්නේම කෙක්කෙන් හෝ කොක්කෙන් ජය ගැනීමට පමණයි.

ලෝක කුසලාන තරග කාල සටහන, තනතීරු වල සිට DRS තාක්ෂණය දක්වාම ඔවුන්ට භාවිතා කළ හැකි සියලූම විකල්ප පිළිබඳ ඔවුන් දැනුවත්.

අවශ්‍ය වන ඕනෑම මොහොතක ඔවුන් එම විකල්ප භාවිතා කිරීමට මැලි වන්නේ නැහැ.

කෙලෙස ජයග්‍රහණය කළත්, අවසානයේ ඉතිහාසයට වැදගත් ජයග්‍රාහකයා කවුරුන්ද යන්න පමණක් බව ඉන්දියාව විශ්වාස කරනවා ඇති.

මේ සියලු ගැටුම් මැද ලෝක කුසලානයේ ඉදිරිය තවත් රසවත් විය හැකි බව නම් විශ්වාසයි.

- ඉරේෂාන් සිරිවර්ධන -

2023. 10. 30

[QUOTE="Absolute Zero, post: 29324989, member: 529716"] [IMG width="605px"]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/395478640_318490754130204_4313182019064808587_n.jpg?_nc_cat=1&ccb=1-7&_nc_sid=5f2048&_nc_ohc=W16BZCrIKUgAX-Khwzn&_nc_ht=scontent.fcmb2-2.fna&oh=00_AfDOdm1K6MD0En4hP7EBAMqgqN0DvC9j7xMNKuuO-QB5Kg&oe=6545203E[/IMG] එංගලන්තය සමග තරගය ජය ගත් ඉන්දියාව, ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ඉන්දියාව මේ වනවිට තමන් ක්‍රීඩා කළ තරග හයම ජයගෙන, අපරාජිතව සිටිනවා. විශේෂඥ මතය අනුවත්, සාමාන්‍ය දැනීමට අනුවත් මෙවර ලෝක කුසලානය ජය ගැනීමට වැඩිම ඉඩක් ඇති කණ්ඩායමත් ඉන්දියාව. කොහොමත් මේ ලෝක කුසලානය සංවිධානය කෙරෙන්නේම ඉන්දියාවට ජයග්‍රහණය කිරීමටයි. මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ බලවතා මෙන්ම පාලකයාත් ඉන්දියාව බව නොරහසක්. ඒ බව පැරණි ක්‍රිකට් බලවතුන් වූ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවත් දන්නවා. නමුත් මුදල් බලයෙන් සහ අයි.සී.සී නීතියෙන්ම සම්මත වූ 'බිග් ත්‍රී' පනතෙන් පසුව ඉන්දියාවට අභියෝග කළ හැක්කෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ නැහැ. ව්‍යවස්තාපිත නීතියෙන් සහ මූල්‍ය බලයෙන් ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ සිහසුන හිමි කරගත්තා. ඉන්දීය මැතිවරණය ලඟ ලඟම එනවා. ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවත් වෙන ජාතියක්. ඉන්දීය ජනතාවට අන් සියල්ලටම වඩා ක්‍රිකට් තරග ප්‍රතිඵල වැදගත්. 2023 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ අළුතින් කඩිමුඩියේ ඉදි කළ 'නරේන්ද්‍ර මෝදි' ක්‍රීඩාංගණයේ. නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේ, ඉන්දියාව ක්‍රිකට් ලෝක කුසලානයක් ජය ගැනීමම නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට ඊළග මැතිවරණයේදි විශාල වාසියක්. එය ඉන්දීය ඉතිහාසයේත්, ඉන්දීය ජනතාවගේ හදවතේත් රන් අකුරින් ලියවෙන මතකයක් වේවි. බිග් ත්‍රී පනතත්, IPL සමග එන මුදල් බලයත් නිසා ඉන්දියාවේ පාලකයා නොනිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේත් පාලකයා බවට පත්වෙනවා. වර්තමානයේ ICC ය පාලනය කරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා. ඔහු භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු සහ ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා ගේ පුත්‍රයා. ජේ ෂා, නරේන්ද්‍ර මෝදි ගේ සමීපතම හිතවතෙක්. ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ගුජ්රාත් ටයිටන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන්නේත් 'ෂා' පවුල විසින්මයි. ගුජරාතය නරේන්ද්‍ර මෝදි ගේ උපන් බිම. ඔහු ඉන්දීය දේශපාලනයට පිවිසෙන්නේත් ගුජරාතයෙන්. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ගුජරාතය කේන්ද්‍ර කර ගොඩනගන්නේ අහඹුවක් නිසා නොවෙයි. ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන්නේත් නරේන්ද්‍ර මෝදි ගේ උපන් බිම වන ගුජරාතයේමයි. මේ අනුව මෙවර ලෝක කුසලානය ඉන්දියාවට ජයග්‍රහණය කිරීම උදෙසාම සංවිධානය වන්නක් බව පැහැදිලියි. එය ඉන්දියාවේ වගේම අයි.සී.සීයේත් අවශ්‍යතාවය. බොහෝ දෙනෙකු සිතා සිටිනා පරිදි අයි.සී.සී ය යනු ස්වාධීන, අපක්ෂපාතී ආයතනයක් නොවෙයි. වර්තමානයේ අයි.සී.සීයේ ක්‍රියාත්මක වන්නේ ඉන්දීය අභිලාෂය. ලෝක කුසලානයේ කාල සටහනේ සිට සියල්ල සැකසුනේ ඉන්දීය කණ්ඩායමට වාසිදායක ලෙසින්. තනතීරු සැකසෙන්නේ ඉන්දීය තනතිලි භාරකරුවන් විසින්මයි. ඒ ක්‍රියාවලිය අධීක්ෂණය කරන්නේත් අයි.සී.සීයෙන් පත් කළ ඉන්දීය නිළධාරියෙක්. ඉන්දීය - නවසීලන්ත තරගයට සැකසුනේ මන්දගාමී, ඉපිලීමෙන් අඩු තනතීරුවක්. නවසීලන්ත ක්‍රීඩකයන් උසින් වැඩියි. අඩු ඉපිලීමකදී (Bounce) පන්දුවට පහර දීමට ඔවුන්ට අපහසුයි. එම තනතීරුව සකස් කර තිබුණේ හිතාමතාම නවසීලන්ත පිතිකරුවන්ගේ එම දුර්වලතාවය ඉලක්ක කරමිනුයි. මේ වාසිය ඉන්දීය පන්දු යවන්නන් මැනවින් භාවිතා කළා. එපමණක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිතා වන තාක්ෂණය පවා, අවශ්‍ය නම් එලෙස භාවිතා කළ හැකි උපකරණයක්. විනිසුරු තීරණ යළි සළකා බැලීමේ දි ක්‍රියාත්මක වන තාක්ෂණය 100% ක් නිවැරදි යැයි බොහෝ දෙනෙක් සිතා සිටිනවා. නමුත් එය වැරදියි. මේ තාක්ෂණය ක්‍රියාත්මක කරන්නේ ලෝක කුසලානයේ තරග විකාශකයන් විසින්. ඒ සඳහා විකාශකයන් කැමරා කෝන, දර්ශන සහ පරිගනක වැඩසටහනක් (Hawk Eye) භාවිතා කරනවා. එහිදී විකාශකයන් විසින් ඇතුලත් කරනා දත්ත වෙනස් කිරීමෙන්, අවශ්‍ය නම් මේ තාක්ෂණයේ ප්‍රතිඵල වෙනස් කරගත හැකියි. මෙය කොතරම් සූක්ෂමදැයි කිවහොත්, කඩුල්ලේ සවිකර ඇති කැමරා වල කෝනය එක දශමයකින් හෝ වෙනස් වීම පවා අවසන් ප්‍රතිඵලයට බලපානවා. මේ ක්‍රියාවලියේ තාක්ෂණික පාලනය තරග විකාශකයන් සතුයි. විනිසුරු තීරණ යළි සලකා බැලීමක දී (DRS) පන්දුවේ දෝලනය, ඉපිලීම, දග කැවීම ඉතා සුලු ප්‍රමාණයකින් වෙනස් කර තීරණය වෙනස් කිරීමේ හැකියාව තරග විකාශකයන්ට පවතිනවා. ඒ සඳහා අවශ්‍ය කැමරා කෝනයේ සුලු වෙනසක් හෝ සුලු පරිගනක විධානයක් පමණයි. එය බොහෝ විට පියවි ඇසට නොපෙනෙන වෙනසක්. එවැනි සිදුවීම් අතීතයේ සිදුව තිබෙනවා. මෙවර ලෝක කුසලානයේ තරග විකාශන අයිතිය දරන්නේත් ඉන්දියාවේ ස්ටාර් ස්පෝර්ට්ස් සමාගම. ස්ටාර් ස්පෝර්ට්ස් යනු ඉන්දියාව ජයගත් තරග පමණක් යළි යළිත් විකාශය කරනා, ඉන්දියාව පරදින තරග ඉවත්ම කර දමනා ඉන්දීය විකාශන ආයතනයක්. ඊයේ තරගයේ දී රෝහිත් ෂර්මා ගේ දැවී යාමේ තීරණයක් එලෙස ආන්දෝලනයට හේතු වුණා. මාර්ක් වූඩ් යැවූ පන්දුවකට, රෝහිත් ෂර්මා කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරුණා. කෙසේ වෙතත් විනිසුරු තීරණ සලකා බැලීමේ දී (DRS) එම පන්දුව සම්පූර්ණයෙන්ම කඩුල්ල මග හැර යන බවක් පෙනුණා. ඒ අනුව නොදැවුනු ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරුණු රෝහිත් ෂර්මා ට කඩුල්ලේ රැඳී සිටීමේ වරම් හිමිවුණා. ඊයේ තරගයේ ඉන්දියාව වෙනුවෙන් තීරණාත්මක ඉනිම ක්‍රීඩා කළේ ඔහු. නමුත් මෙම තීරණයේ බොහෝ සැක සහිත තැන් තිබුණා. බෝල් ට්‍රැකිං තාක්ෂණයේ දී පන්දුවේ දෝලනය අස්භාවික බව බොහෝ දෙනෙකු කියා සිටියා. මාර්ක් වූඩ් ගේ පන්දු වල නොතිබෙනා අස්භාවික දෝලනයක්, බෝල් ට්‍රැකිං තාක්ෂණයේ දී පෙනුණා. එමෙන්ම බෝල් ට්‍රැකිං තාක්ෂණයේ දි තෝරා ගත් පන්දුව ගැටුනු ස්ථානයේත් සුලු වෙනසක් පවතින බවට බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා. මේ සියලු සාධක මත, බෝල් ට්‍රැකිං තාක්ෂණයේ දී එම පන්දුව සම්පූර්ණයෙන්ම කඩුල්ල හැර යන අයුරු පෙනුණා. කඩුල්ලේ යම් තැනක හෝ ගැටුනා නම්, විනිසුරු තීරණය (Umpire's Call) මගින් දැවී යාමට තිබූ රෝහිත් ගැලවුනේ පන්දුව සම්පූර්ණයෙන්ම කඩුල්ල මග හැර යාම නිසයි. බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුණේ එම පන්දුව සම්පූර්ණයෙන්ම කඩුල්ල මග හැර යාම ඇදහිය නොහැකි බවයි. මේ එක් සිදුවීමක් පමණයි. වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරු තීරණ යළි සලකා බැලීමේ තාක්ෂණය පවා සර්ව සාධාරණ එකක් නොවෙයි. එය අවශ්‍යතාවයක් ඇති වූ විටෙක, අවශ්‍ය ලෙස වෙනස් කළ හැකි එකක්. අනිවාර්යෙන්ම ලෝක කුසලානයේ ඉදිරියේදීත්, අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එම විකල්පත් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් භාවිතා කෙරේවි. එපමණක් නොවෙයි. වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ කාසියේ වාසිය පවා වෙනස් කළ හැකියි. ලෝකයේ වෙනත් ඕනෑම ක්‍රීඩාවක කාසියේ වාසිය උරගෑමේ අවස්තාව රසිකයන්ට විවෘතයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේදි තවමත් ඒ අවස්තාව පැහැදිලිව විකාශය කෙරෙන්නේ නැහැ. අවශ්‍ය නම් තරග තීරකවරයාට සූක්ෂමව කාසියේ වාසියේ තීරණය පවා වෙනස් කළ හැකියි. කාසියේ වාසිය උරගා බලන අවස්තාවටත්, ඩ්‍රෝන කැමරා සහ ස්පයිඩර් කැමරා භාවිතා කරන ලෙසට පාකිස්තාන හිටපු ක්‍රීඩක මොහොමඩ් හෆීස් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා. නමුත් එම ඉල්ලීමට 'ස්ටාර් ස්පෝර්ට්ස්' විකාශකයන් යහපත් ප්‍රතිචාරයක් ලබා දුන්නේ නැහැ. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව සර්ව සාධාරණ එකක් නොවෙයි. වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස් කළ හැකි බොහෝ දෑ තියෙනවා. එමෙන්ම එලිපිටම ඒවා වෙනස් කෙරෙනවා. සෙසු සියලූම දෙනා කිසිදු හඬක්, විවේචනයක් ඉදිරිපත් නොකරම ඒවා ඉවසනවා. වත්මන් ක්‍රිකට් බල අධිකාරිය වන ඉන්දියාව එතරම් බලවත්. මෙවර ලෝක කුසලානයට ඉන්දියාව සහභාගී වෙන්නේම කෙක්කෙන් හෝ කොක්කෙන් ජය ගැනීමට පමණයි. ලෝක කුසලාන තරග කාල සටහන, තනතීරු වල සිට DRS තාක්ෂණය දක්වාම ඔවුන්ට භාවිතා කළ හැකි සියලූම විකල්ප පිළිබඳ ඔවුන් දැනුවත්. අවශ්‍ය වන ඕනෑම මොහොතක ඔවුන් එම විකල්ප භාවිතා කිරීමට මැලි වන්නේ නැහැ. කෙලෙස ජයග්‍රහණය කළත්, අවසානයේ ඉතිහාසයට වැදගත් ජයග්‍රාහකයා කවුරුන්ද යන්න පමණක් බව ඉන්දියාව විශ්වාස කරනවා ඇති. මේ සියලු ගැටුම් මැද ලෝක කුසලානයේ ඉදිරිය තවත් රසවත් විය හැකි බව නම් විශ්වාසයි. - ඉරේෂාන් සිරිවර්ධන - 2023. 10. 30 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom