2025 සැප්තැම්බර් 7 පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) 🌝❤️

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com


    මේ චන්ද්‍රග්‍රහණය ආරම්භ වෙන්නෙ සැප්තැම්බර් 7 වන දින රාත්‍රී 8:58ට. නමුත් මේ වෙලාවෙ හඳේ පැහැය ක්‍රමයෙන් අඩු වීමක් විතරයි දකින්න පුළුවන් වෙන්නෙ. රාත්‍රී 9:57 සිට රාත්‍රී 11:00 දක්වා අපිට අර්ධ චන්ද්‍රග්‍රහණයක් දකින්න පුළුවන් වෙනවා. රාත්‍රී 11:00ට පූර්ණ චන්ද්‍රග්‍රහණය ආරම්භ වෙනවා. මේ වෙලාවෙ ඉදන් හඳ ක්‍රම ක්‍රමයෙන් රතු පාට වෙනවා අපිට දකින්න පුළුවන් වෙනවා. රාත්‍රී 11:41 වන විට හඳ උපරිම රතු පාටින් දකින්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ තමයි චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව අපිට බලන්න පුළුවන් වෙනනෙ. පූර්ණ ග්‍රහණය අවසන් වෙන්නෙ සැප්තැම්බර් 8 වන දින 12:22 A.M. ඊටපස්සෙ ආයිත් අර්ධ ග්‍රහණයක් දකින්න පුළුවන්. 1:26 A.M වෙද්දි අර්ධ ග්‍රහණයත් ඉවර වෙනවා. 2:25 A.M වෙද්දි පෘථිවියෙ උප චායාවත් හඳෙන් ඉවත්වෙලා ගිහින් චන්ද්‍රග්‍රහණය අවසාන වෙනවා.

    කෙටියෙන්ම කිව්වොත් ඔයාලා රාත්‍රී 9:57 ඉදන් 12:22 වෙනකල් මේක බලන්න. හොඳම ටික තියෙන්නේ ඒ වෙලාව අතරතුර. මේ චන්ද්‍රග්‍රහණයේ පූර්ණ අවස්ථාව තියෙන්නේ ඒ වෙලාව අතරතුරදී. මීලඟට මේ වගේම දීර්ඝතම අඳුරු පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අපිට බලන්න පුළුවන් වෙන්නෙ 2040 නොවැම්බර් 18 වන දින. මීට කලින් මේ වගේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වුණේ අවුරුදු 7ට කලින් 2018 ජූලි 27 වන දින. අපිට 2040ට කලින් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ආයිත් බලන්න පුළුවන් 2028 දෙසැම්බර් 31 වන දින. නමුත් ඒක මෙවැනි දීර්ඝ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නෙවෙයි. ඒ නිසා මේක මිස් කරගන්න එපා.

    සැ:යු - මේ හැමදෙයක්ම බලන්න පුළුවන් වෙන්නෙ එදාට පැහැදිලි අහසක් තිබුනොත් විතරයි. වැහි වළාකුළු තිබුනොත් සොරි තමයි. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    හර්ෂණ චතුරංග සිල්වා ✍️

    #bloodmoon2025 #bloodmooneclipse #lunareclipse #lunareclipse2025 #Hawa
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    දැන් හඳෙන් කොටසක් වැහිල ... ඒත් රතුපාට නෑ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අඩේ මාත් ත්‍රෙඩ් එකක් දැම්ම මේ ත්‍රෙඩ් එක දැක්කෙ නැහැ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,938
    1
    6,810
    113
    HAIL RED COMRADES 🚩 "To those who suffered and gave their lives for a better future, your sacrifice has paved the way. Your ideals have triumphed today. May your souls find peace. ✨🕊️💛"
     

    Attachments

    • IMG_20250907_233631_058.jpg
      IMG_20250907_233631_058.jpg
      126.9 KB · Views: 53