'2028 දී ඇමරිකාව පරදවමින් චීනයට ජය'

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Getty Images


    මීට පෙර ප්‍රක්ෂේපනය කර තිබූ කාලයට වඩා වසර පහකට කලින් චීනය ලොව දැවැන්තම ආර්ථිකය බවට පත්වෙමින් වසර 2028 වනවිට ඇමරිකා එක්සත් ජනපදය අභිබවා යන බව ලෝක ආර්ථිකය පිළිබඳ නවතම සමීක්ෂණ වාර්තාවක් සඳහන් කරයි.

    බ්‍රිතාන්‍යයේ පවත්වාගෙන යන ආර්ථික සහ ව්‍යාපාර සමීක්ෂණ මධ්‍යස්ථානය (CEBR) නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ කොවිඩ් 19 "දක්ෂ ලෙස" කළමනාකරණය කිරීම මගින් චීන ආර්ථිකයේ සාපේක්ෂ වර්ධනය ඉදිරි වසර කීපය තුළ එක්සත් ජනපදය සහ යුරෝපය සමඟ සංසන්දනය කිරීමේදී ඉහළ යනු ඇති බවය.

    මේ අතරතුර, වසර 2030 වන විට ඉන්දියාව, ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත් වනු ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

    ආර්ථික සහ ව්‍යාපාර සමීක්ෂණ මධ්‍යස්ථානය (CEBR) විසින් ලෝක ආර්ථික ලීග් ලැයිස්තුව සෑම වසරකම නිකුත් කරනු ලබන්නේ දෙසැම්බර් 26 වැනිදා ය.

    කොරෝනා වසංගතයෙන් මුලින් ම බැට කෑවේ චීනය වුවද අතිශයෙන් ම දැඩි වූ නීති පනවමින් ඉන් මිදෙන්නට හැකි වූ හෙයින් යුරෝපා රටවලට මෙන් ආර්ථිකය එක්තැන් කරවන ලොක්ඩවුන් කරා නැවත නැවතත් යාමට ඔවුනට අවශ්‍ය නොවුණි.
    BBC


    එහි ප්‍රතිඵලයක් වශයෙන්, දැවැන්ත ආර්ථිකයක් සහිත වෙනත් රටවලට මුහුණ දීමට සිදුවූ ආකාරයේ ආර්ථික අවපාතයකට 2020දී චීනය ලක් නොවීය. ඒ වෙනුවට 2%ක ආර්ථික වර්ධනයක් 2020දී චීනයේ සිදුවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

    කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකයට මරු පහරක් එල්ල විණි. වසංගතයට ගොදුරු වී එරට 330,000කට අධික පිරිසක් මිය ගිය අතර ලේඛන ගතවී තහවුරු වූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 18.5 ඉක්මවා ගියේය. එක්සත් ජනපදයට සිදු වූ ආර්ථික හානිය මූල්‍ය ප්‍රතිපාදන සහ මහා පරිමානයේ මූල්‍ය උත්තේජක ඔස්සේ වසා ගැනුණු බව සැබවි; නමුත් ලබන වසර තුළ රැකියා විරහිත ජනතාවගෙන් මිලියන 14කට සහන දීමනා නොමැති වන තත්වයක් එක්සත් ජනපදයේ ඇති විය හැකි බවට දේශපාලන මත ඉදිරිපත් වී තිබේ.
    කෙසේ නමුත්, කොවිඩ් 19 වසංගතය සහ ඊට අනුරූපව සිදුවූ ආර්ථික බිඳ වැටීම් චීනයට වාසිදායක තත්වයක් උදා කර ඇති බව ඉහත කී සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.
    BBC


    එහි තවදුරටත් සඳහන් වන්නේ, "වසංගතය නිමා වීමෙන් අනතුරුව 2021 දී ශක්තිමත් ආර්ථික පොලාපැනීමක්" හේතුකොට ගෙන එක්සත් ජනපද ආර්ථිකයේ වාර්ෂික වර්ධනය, 2022 සිට 2024 දක්වා 1.9%ක් වන අතර ඉන් පසු වසර වලදී එය 1.6ක වර්ධනයකින් පවතිනු ඇති බවය.
    නමුත් චීන ආර්ථිකය 2025 වනතෙක් 5.7%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන බවත් 2026 සිට 2030 දක්වා එය 4.5%ක වර්ධනයකින් පවතිනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
    වසර 2000දී ලෝකයේ සමස්ත ආර්ථිකයෙන් 3.6%ක් චීනය සතුව පැවතුණි. මේ වන විට 17.8ක් දක්වා තම පංගුව වැඩි කර ගැනීමට චීනය සමත් වී සිටී. වසර 2023 වන විට චීනය "ඉහළ ආදායම් ලාභී ආර්ථිකයක්" බවට පත්වනු ඇති බවට ද ඉහත සමීක්ෂණ වාර්තාව අනාවැකි පල කරයි.
    චීන ආර්ථිකයට වාසිසහගත වී ඇත්තේ කොවිඩ් වසංගතය කල්තියා පාලනය කර ගැනීම පමණක් නොවේ. ආර්ථික සහ ව්‍යාපාර සමීක්ෂණ මධ්‍යස්ථානයේ (CEBR) උප සභාපති ඩග්ලස් මැක්විලියම්ස් පවසන පරිදි නවීන නිෂ්පාදන ආදී කර්මාන්ත සඳහා කඩිනම් ප්‍රතිපත්ති සම්පාදනයන් ඇතිකිරීම හේතුවෙන් ද චීන ආර්ථිකය වේගවත් වී ඇත.

    Getty Images


    "එක් මට්ටමකින් මධ්‍යගත පාලනයක් පවත්වාගෙන යන ගමන් අනෙකුත් ක්ෂේත්‍ර තුළ නිදහස් වෙළඳ ආර්ථිකයක් පවත්වාගෙන යාමට ඔවුන් උත්සාහ කරන බවක් තමයි නෙනෙන්නට තියෙන්නේ. විශේෂයෙන් ම තාක්ෂණික නිමැවුම් ක්ෂේත්‍රය ඉදිරියට තල්ලු කර ගැනීම සඳහා ඔවුන්ට උදව් වෙන්නේ ඒ නිදහස් වෙළඳ ආර්ථික කොටස තමයි." ඔහු බීබීසීයට පැවසීය.
    කෙසේ නමුත්, එක්සත් ජනපදය අභිභවා චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වුවද එක් පුද්ගලයෙකු සතු දල වත්කම ගත් කල එක්සත් ජනපද වැසියෙකුට වඩා චීන වැසියෙකුගේ ආර්ථික මට්ටම දුප්පත් වනු ඇත. එක්සත් ජනපදයේ මෙන් හතර ගුණයක ජනගහනයක් චීනය සතු ය.

    BBC
     
    • Like
    Reactions: nivish and NRTG

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    china, america wa pass karoth me kiyana widiyata dollar ekata mona wage deyak weida? International payments, transactions USD walin karana ekata effect wenawada.
    Un digital Yuan eka genna hadanne. USA eeta godak passen inne. Ehema unath dollar ekata tiyena tana lesiyen wenas wena ekak naa.