21 වන සියවසේ සිදුවූ මේ භයානකම භූමිකම්පා 13 ගැන
ලංකාව මේ පසුකරමින් යන්නේ දරුණු ස්වාභාවික ආපදා සහිත කාලයක්. මෝසම් වැසි රටා සක්‍රීය වීම නිසා අපේ දේශගුණික චක්‍රයේ වෙනස් වීම් ඇතිව තිබෙන නිසා අධික ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා. ඒවා එහෙම වුනත් වාසනාවකට වගේ අපේ රටේ භූ කම්පන හෝ භූමිකම්පා ඇතිවන්නේ බොහොම අඩුවෙන්. ඒ භූමිකම්පා බොහොම “සුළුවෙන්” ඇති වන්නේ අපි මහද්වීප තලයක් මධ්‍යයේ සිටින නිසා බව කියවෙනවා.
නමුත් ලොව බොහෝ රටවල් වලට භූමිකම්පා නිසා කරදර ඇතිවෙනවා. ඉතින් ස්වභාවික පරිසර ව්‍යසන ගැන කතාකරනා කාලයේ අපි කල්පනා කළා 21 වන සියවස තුලදී සිදුවූ භයානකම භූ කම්පනයන් 13ක් ගැන ඔබ වෙතට මේ විදියට කරුණු ගෙන එන්නට.
1. පේරු භූමිකම්පාව
Source – maltatoday.com.mt
වසර 2001 ජූනි 23 වන දින සිදු වූ භූමිකම්පාව පේරු හී දකුණු වෙරළ තීරයේ කි. මි. 320ක් පුරා පැතිර ගියා. මේ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 8.4ක අගයක් වාර්තා කල අතර සිදුවූ අධික කම්පනයන් හේතුවෙන් මිනිසුන් 74 දෙනෙක් මියගොස් 64 දෙනෙක් අතුරුදන් වූ බව පැවසෙනවා.
2. ඩේනාලී භූමිකම්පාව
Source – purdue.edu
ඇමෙරිකාවේ ඇලස්කා ජනපදයේ ඩේනාලී (Denali) ජාතික වනෝද්‍යානය පාදක කරගනිමින් 2002 නොවැම්බර් 03 වනදා පැතිර ගිය භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.9ක අගයක් වාර්තා කළා. මේ අගය ගතවූ වසර 150 තුල ඇමෙරිකාවේ භූමිකම්පාවක් වාර්තා කල ඉහලම අගය වුණා. ඩේනලී භූ චලනය නිසා දේපල හානි සිදුවූ නමුත් ජීවිත හානි සහ අතුරුදන් වීම් කිසිවක් මේ භූමිකම්පාවෙන් වාර්තා වුයේ නැහැ. මෙයට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දෙන්නේ භූ කම්පන ලක්ෂය ඩේනලී වනෝද්‍යානය තුල පිහිටා තිබීම බවයි.
3. හොකයිඩෝ භූමිකම්පාව
Source – factsanddetails.com
මේක භූමිකම්පාව ඇතිවන්නේ හොකයිඩෝ දූපත අසල ගැඹුරු මුහුදේ වුවත්, එහි බලපෑම දූපතේ සිටින දසදහස් ගණනක් වූ පවුල් අවතැන් කිරීමට සමත් වුනා. 2003 සැප්තැම්බර් මස 26 දින ඇතිවූ මේ භූ චලනය නිසා 800කට වඩා වැඩි ප්‍රමාණයකට තුවාල සිදුවූ අතර මරණ සිදුවූයේ නැහැ. නමුත් ඇතිවූ කම්පනය නිසා නාය යෑම් සහ සුනාමි තත්ත්වයන් වලට හොකයිඩෝ දූපතට මුහුණ දෙන්නට සිදු වුවා. මේ භූ චලනයේ රිච්ටර් මාපක අගය 8.3ක්.
4. සුමාත්‍රා භූමිකම්පාව
Source – emaze.com
මේ භූමිකම්පාව ගැන අමුතුවෙන් විස්තර කියන්නට උවමනා නැත්තේ එහි බලපෑමට සුනාමි ව්‍යසනයක් ලෙසින් ලංකාවටත් මුහුණ දෙන්නට සිදුවූ නිසයි. 2004 දෙසැම්බර් 26 දින සුමාත්‍රා දූපතේ බණ්ඩා ආකේ ප්‍රදේශයේ කි. මි. 30ක් යට ගැඹුරු මුහුදේ මහද්වීප තල දෙකක් ගැටීමෙන් සිදුවූ මේ භූ කම්පනය සහ සුනාමි ව්‍යසනය නිසා ඉන්දුනීසියාව, ඉන්දියාව, ලංකාව, මාලදිවයින සහ තායිලන්තයට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 200,000 පසු කරනවා. එයිනුත් වැඩිම ජීවිත හානි සිදු වුයේ නිකොබාර් සහ අන්දමන් දූපත් වල ජීවත් වන්නන් හටයි. තවත් මිලියන ගණනක් ජීවිත අවතැන් වූ අතර මේ ව්‍යසනයට පත්වූ අය හට ආධාර ලෙස ලොව පුරා එක්රැස් කල ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 14කට ආසන්න බව පැවසෙනවා. මේ භූ කම්පනයේ රිච්ටර් අගය සටහන් වුණේ 9.3ක් හැටියටයි.
5. උතුරු සුමාත්‍රා භූමිකම්පාව
Source – enterprisemission.com
වසර 2005 මාර්තු 28 වැනි දින උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළ තීරයට භූ කම්පනයක් ලෙසින් බලපාන මේ සිදුවීම ඇතිවෙන්නේ භූගත ඉන්දියානු සාගර තලය මතයි. මතුපිට සිට පතුලට ගැඹුර කි. මි 30ක් වන අතර මේ කම්පනය රිච්ටර් මාපකයේ සටහන් වන්නේ 8.6ක් ලෙසයි. නමුත් අවට රටවලට කිසිදු ව්‍යසනයක් සිදු නොවන අතර තායිලන්තය සිංගප්පුරුව, මලයාසියාව සහ ඕස්ට්‍රේලියාවට භූ කම්පනය දැනුණු බව වාර්තා වෙනවා.
නමුත් මෙයින් වඩාත් ආපදා සිදුවුයේ සුමාත්‍රා දූපත අසලම පිහිටි නියාස් සහ සිමියුලු දූපත් වෙතටයි. වාර්තාගත මරණ සංඛ්‍යාව 1000 – 2000 අතර වන බවයි පැවසෙන්නේ.
6. කුරිල් දූපත ආශ්‍රිත භූමිකම්පාව
Source – cwis.usc.edu
2006 වසරේ නොවැම්බර් 15 වනදා රුසියාවේ කුරිල් දූපත ආශ්‍රිතව ඇතිවන භූමිකම්පාව රිච්ටර් මාපකයේ සටහන් වන්නේ 8.3ක් ලෙසටයි. ඒ වගේම ගැඹුරු මුහුදේ ඇතිවුන මේ භූ චලනය නිසා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වරායකට සහ ජපානයේ හොකයිඩෝ සහ හොන්ෂු දූපත් වලට කුඩා සුනාමි තත්ත්ව ඇතිවුණු බව වාර්තා වුනා.
7. දකුණු සුමාත්‍රා භූමිකම්පාව
Source – bt.dk
2007 සැප්තැම්බර් 12 වනදා රිච්ටර් මාපකයේ 8.4ක් ලෙස සටහන් වෙන මේ භූ චලනය ඇතිවන්නේ දකුණු සුමාත්‍රා දූපත් අසල මුහුදෙයි. භූමිකම්පාව නිසා 21 දෙනෙක් මියගිය අතර තුවාල ලත් ප්‍රමාණය 88ක් වනවා. මේ භූමිකම්පාව සිදුවූ දින දකුණු මලයාසියාව, සිංගප්පුරුව සහ ඉන්දියාව වෙතට සුනාමි අවදානමක් ඇතිවන්නට ඉඩ ඇති බව පැවසුවත් භූ චලනය ඇතිවී පැය 24ක් යන තුරුත් කිසිදු ආපදාවක් සිදුවුයේ නැහැ.
8. සිචුවාන් පළාතේ භූමිකම්පාව
Source – britannica.com
2008 මැයි මස 12 වැනිදා සිචුවාන් පළාතේ චෙන්ග්ඩු ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනය චීන ඉතිහාසයේ සිදුවූ විනාශකාරිම භූ චලන වලින් එකක් ලෙසට සැලකෙනවා. රිච්ටර් මාපකයේ 7.9 – 8.0 අතර සටහන් වූ මේ කම්පනය පෙර කම්පන සහ පසු කම්පන රාශියකින් සමන්විත වූ බව කියවෙනවා. දේපල හානි අතිවිශාල ප්‍රමාණයක් සිදුවූ අතර අතුරුදහන් වීම් 19,000 කට ආසන්න ප්‍රමාණයකුත් මරණ 69,000 – 90,000 අතර ප්‍රමාණයකුත් සිදුවූ බව සඳහන්.
9. සැමෝවා දූපත් භූමිකම්පාව
Source – earthpbl.wordpress.com
2009 සැප්තැම්බර් මස 29 දින ඇති වූ 8.3ක රිච්ටර් මාපක අගයක් ගත් මේ භූමිකම්පාව ඇතිවන්නේ සැමෝවා දූපත් අසල පැසිෆික් මුහුදෙයි. මුහුදු පතුලේ වූ භූ චලනය නිසා ඇතිවූ සුනාමි තත්ත්වය සැමෝවා දූපත් වලට බලපෑවා. ඊට අමතරව අවට වූ නවසීලන්තය, ටොන්ගා, ෆීජී සහ කුක් දූපත් ආදී ප්‍රදේශ වලටද මේ භූ කම්පනය බලපානු ලැබුවා. මේ ව්‍යසනයෙන් ජීවිත 200කට ආසන්න ප්‍රමාණයක් අහිමි වූ බව පැවසෙනව.
10. හයිටි භූමිකම්පාව
Source – eliselapaglia.wordpress.com
රිච්ටර් මාපකයේ 7.0 ලෙස සටහන් වූ මේ භූමි කම්පාව නිසා හයිටි රාජ්‍යයේ සිදුවූ මරණ සංඛ්‍යාව 100,000 සිට 316,000 අතර වනවා. ඒ වගේම 2010 වසරේ ජනවාරි 12 වන දා සිදුවූ මේ භූ කම්පනය එතෙක් පැවති වැඩිම දේපල සහ ජීවිත හානි වුණු භූ කම්පා වලින් එකක් ලෙස වාර්තා වෙනවා. හයිටි රාජ්‍යය එකම සොහොන් බිමක් බවට පත් කරන්නට මේ ව්‍යසනය සමත්වුණා. භූ කම්පනය නිසා විනාශ වූ සිරගෙවල් වලින් පැන ආ භයානක අපරාධකාරයන් කොල්ලකෑම් කරමින්, කාන්තාවන්ට අතවර කරමින් හැසිරෙන්නට වීම නිසා මේ ව්‍යසනයෙන් පසුවද ඉතාම අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීමට ඔවුන්ට සිද්ධ වූ බව පැවසෙනව.
11. චිලී භූමිකම්පාව
Source – lapresse.ca
2010 පෙබරවාරි 27 වැනිදා මධ්‍යම චිලියානු නගර සිමාවේ ඇතිවූ භූ චලනය නිසා අහිමි වූ ජීවිත ගණන 500කට අධික වෙනවා. 8.8ක රිච්ටර් මාපක අගයක් වාර්තා කල මේ චලනය නිසා මධ්‍යම චිලියේ වූ දේපල හානි ප්‍රමාණය ඉතා අධික බව පැවසෙනවා. ඒ වාගේම මෙහි බලපෑම හවායි, ටහිටි, නවසීලන්තය වගේ රටවල් වලට දැනෙන්නට තරම් බලවත් වුවා. භූ කම්පනය නිසා ඇතිවූ සුනාමි තරංග මීටර 1.8ක් තරම් උසට විහිදුනු බවට BBC වාර්තා පවසනවා.
12. මහා ටෝහොකු භූමිකම්පාව
Source – jumentofotos.blogspot.com
ජපානයේ හොන්ෂු හි සෙන්ඩායි ප්‍රදේශය අසල සාගර පතුලේ 2011 මාර්තු 11 වන දින ඇතිවූ භූමිකම්පාව සහ සුනාමි තත්ත්වය නිසා විශාල ජීවිත හානි සහ දේපල හානි ප්‍රමාණයක් ජපානයට සිදුවුනා. රිච්ටර් අගය 9.1ක් හැටියට සනිටුහන් වුණ මේ භූමිකම්පාව ජපන් ඉතිහාසයේ වාර්තා වූ භයානකම භූමිකම්පාවක් වනවා. එහිදී විනාඩි 6ක් වැනි කාලයක් පැවතුණු භූමිකම්පාව නිසා මිනිසුන් 16,000කට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත හානි වූ අතර 2500කට අධික ප්‍රමාණයක් අතුරුදහන් වූ බව පැවසෙනවා.
13. ගොර්ඛා භූමිකම්පාව
Source – phys.org
නේපාලය ආශ්‍රිතව වසර 2015 දී සිදුවූ මේ භූමිකම්පාව නිසා මිනිස් මරණ 8000කට අධික සංඛ්‍යාවක් වාර්තා වුනා. සිදුවූ සියලු දේපල හානි වල ප්‍රමාණය ගණන් බැලු විට එහි අගය ඩොලර් බිලියන 10ට ආසන්න අගයක් ගනු ලැබුවා. රිච්ටර් මාපකයේ අගය 7.8 සිට 8.1 දක්වා අගයක් ගන්නා ලද මේ භූමිකම්පාව නේපාලයේ දිස්ත්‍රික්ක 39ක් පුරා පැතිර ගොස් තිබෙන අතර ඉතාම පෞරාණික වටිනාකමකින් යුතු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක්ද මේ භූමිකම්පාව නිසා විනාශයට පත්වුනා.
copied from aniwa.lk

Last edited: