මිනිස්සු රිප්ලයි කරන් නැත්තෙ ඇයි?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,132
    23,938
    113
    ලංකාවෙ මිනිස්සුන්ට සමහර වෙලාවට මනුස්සකමට දෙයක් කිවුවත් ඇහුන් නෑ වගේ ඉන්නෙ ඇයි?
    මම කියන්නෙ ඔය කඩවලට එහෙම ගිහින් මුදලාලිල එක්ක එහෙම. හිනාපොදක් නෑ මූනවල් වල.
    හිතපන් අපි බඩුවක් ගන්නව. ටීවී එකේ දකිනව ඒකෙ අලුත් මොකක් හරි flavor එකක් ඇවිල්ල කියල.
    අපි ඕක නිකන් කියල තියෙනවද ඇහුව කියපන්කො. ඇහුන් නෑ වගේ ඉඳල බෑග් එකක් ඕනෙද වගේ දෙයක් අහනව.
    හැමෝම නෙමෙයි ඔහොම උන් සෙට් වෙනව.
    අද කුරියර් එකක එකෙක් ආවා ඌත් එහෙමයි.

    මාරම disrespectful ඒ වැඩේ.

    සුද්දො දැකලම නෑ ඔහොම කරනව. උන් අපි පොඩි දෙයක් කිවුවත් ඒකට attention එක දුන්න කියල පෙන්නල බොරුවට හරි රිප්ලයි එකක් දෙනව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,938
    113
    පුප දෙන්න යන්න එපා. අවශ්‍ය දේ විතරක් කතා කරපන්.

    waradda ube... :yes:

    පුප දෙන්න නන් යන්නෙ නෑ අවශ්‍ය දෙයක් අහන්නෙ ගොඩක් වෙලාවට. උන් තත්පර 10 ක් විතර ඉඳල තමයි උත්තර දෙන්නෙ. ලංකාවෙ මිනිස්සු ego එකක ඉන්නෙ කියලයි මටනන් හිතෙන්නෙ. ගොඩක්ම සිංහල උන් තමයි.
    සුද්දො බලපන් පාරෙදි පාස් උනත් හෙලෝ කියාගෙන යන්නෙ. (ලංකාවෙ එච්චර පුප දෙන්න නන් බෑ කියල දන්නව).
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,538
    26,154
    113
    Fantasy
    අද බස් එකෙ එද්දි ගෑනු කෙනෙක්ට රු34 ගාස්තුවට අරූ 40ක් අරන්. අර ගෑනු කෙනා 3,4 පාරක් කියනවා ඇහුනා ගාන කීයද කියලා අර කොන්දොස්තර සුනකයා ඇහුනේ නෑ වගෙ ගියා. එක්කො කියපන් මාරු සල්ලි නෑ කියලා.

    PS - අද මගෙ BMW එකෙ ඩ්‍රයිවර් ගෙදර ගිහින් ඒකයි බස් එකෙ ගියේ. නැත්තම් මේකෙ ඉන්නෙ මිලියන්ස් වලින් සැලරි ගන්න උදවියනෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,938
    113
    Enan uba kiyana eka ahenne nethiwa athi.
    එහෙම නෑ බන් ඇහෙනව.
    දැන් හිතපන්කො පරාටයක් ගත්ත කියල. අරූ ඔතන ගමන් ඉන්නෙ. අපි අහනව ගාන කීයද කියල. ආයෙ කැල්කියුලේටර් වල ගහන්න දේකුත් නෑ ඌ ගාන දන්නව. හැබැයි අරූ ඕක ඔතල ඉවර වෙලා ෂොපින් වලට දාලා අතට දීලා තමයි ගාන කියන්නෙ. එතකන් ඇහුන් නෑ වගේ ඉන්නව.

    හැමෝම නෙමෙයි. හොඳට හිනාවෙලා වැඩේ කරල දෙන කඩ ඕන තරම් තියෙනව.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,754
    6,463
    113
    ලංකාවෙ මිනිස්සුන්ට සමහර වෙලාවට මනුස්සකමට දෙයක් කිවුවත් ඇහුන් නෑ වගේ ඉන්නෙ ඇයි?
    මම කියන්නෙ ඔය කඩවලට එහෙම ගිහින් මුදලාලිල එක්ක එහෙම. හිනාපොදක් නෑ මූනවල් වල.
    හිතපන් අපි බඩුවක් ගන්නව. ටීවී එකේ දකිනව ඒකෙ අලුත් මොකක් හරි flavor එකක් ඇවිල්ල කියල.
    අපි ඕක නිකන් කියල තියෙනවද ඇහුව කියපන්කො. ඇහුන් නෑ වගේ ඉඳල බෑග් එකක් ඕනෙද වගේ දෙයක් අහනව.
    හැමෝම නෙමෙයි ඔහොම උන් සෙට් වෙනව.
    අද කුරියර් එකක එකෙක් ආවා ඌත් එහෙමයි.

    මාරම disrespectful ඒ වැඩේ.

    සුද්දො දැකලම නෑ ඔහොම කරනව. උන් අපි පොඩි දෙයක් කිවුවත් ඒකට attention එක දුන්න කියල පෙන්නල බොරුවට හරි රිප්ලයි එකක් දෙනව.
    mandayo ban ganu hithanne unta katha karoth hukanna enava kiyala
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,938
    113
    mandayo ban ganu hithanne unta katha karoth hukanna enava kiyala

    පිරිමි තමයි මටනන් ගොඩක් සෙට් වෙන්නෙ.

    වැඩිය ඕනෙ නෑ කාටහරි වට්සැප් මැසේජ් එකක් දාපන් දේවල් දෙක තුනක් අහල. එකකට විතරයි රිප්ලයි කරන්නෙ. අනිත් ඒවා ටික ආයෙ පාරකට අහන්න ඕනෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,914
    68,318
    113
    එහෙම නෑ බන් ඇහෙනව.
    දැන් හිතපන්කො පරාටයක් ගත්ත කියල. අරූ ඔතන ගමන් ඉන්නෙ. අපි අහනව ගාන කීයද කියල. ආයෙ කැල්කියුලේටර් වල ගහන්න දේකුත් නෑ ඌ ගාන දන්නව. හැබැයි අරූ ඕක ඔතල ඉවර වෙලා ෂොපින් වලට දාලා අතට දීලා තමයි ගාන කියන්නෙ. එතකන් ඇහුන් නෑ වගේ ඉන්නව.

    හැමෝම නෙමෙයි. හොඳට හිනාවෙලා වැඩේ කරල දෙන කඩ ඕන තරම් තියෙනව.
    Koheda uba thambi sinhala arrears area ekakada
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,538
    26,154
    113
    Fantasy
    පිරිමි තමයි මටනන් ගොඩක් සෙට් වෙන්නෙ.

    වැඩිය ඕනෙ නෑ කාටහරි වට්සැප් මැසේජ් එකක් දාපන් දේවල් දෙක තුනක් අහල. එකකට විතරයි රිප්ලයි කරන්නෙ. අනිත් ඒවා ටික ආයෙ පාරකට අහන්න ඕනෙ.
    එකඟයි.
    උන්ව මන් හලනවා
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,388
    5,324
    113
    Loading...
    පුප දෙන්න නන් යන්නෙ නෑ අවශ්‍ය දෙයක් අහන්නෙ ගොඩක් වෙලාවට. උන් තත්පර 10 ක් විතර ඉඳල තමයි උත්තර දෙන්නෙ. ලංකාවෙ මිනිස්සු ego එකක ඉන්නෙ කියලයි මටනන් හිතෙන්නෙ. ගොඩක්ම සිංහල උන් තමයි.
    සුද්දො බලපන් පාරෙදි පාස් උනත් හෙලෝ කියාගෙන යන්නෙ. (ලංකාවෙ එච්චර පුප දෙන්න නන් බෑ කියල දන්නව).
    සමාජ ආශ්‍රයත් එක්ක ඕක හරි යනවා. සිංහලම කියන්න බැහැ බන්. තම්බි, බෙන්තොට ග⁣ඟෙන් එහා උන් එහෙම පට්ටම චාටර් එවුන් ඉන්නවා. මට සෙට් වෙලා තියෙනවා. ලංකාවෙ මිනිස්සු කොහොමත් ටොක්සික් වැඩියි. හොඳ මිනිස්සු අඩුයි දැන්. ගම්බද තමයි මනුස්සකම් තියෙන හොඳ මිනිස්සු ඉන්නෙ තාමත්.
     
    • Like
    Reactions: Lessar and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,670
    113
    ලංකාව් ස්මෝල් ටොක්ස් පටන් ගන්න හොදම ඔපෙනින් එක

    " ඊයෙ මාර වැස්සක් වැස්සෙ නේද"
    " අද නම් වහින්න පුලුවන් වගෙ නේද මුදලාලි"

    :yes: :yes:
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    571
    581
    93
    Habarana
    මං මේ සීන් එක ගැන සෑහෙන්න හිතලා තියෙනවා...ඔහොම කරන්නෙ තෝරගත්ත පිරිසකට විතරයි!
    ගොඩක් වෙලාවට අපේ ඇපියරන්ස්, කතා කරන විදිහ, ෆේශල් එක්ස්ප්‍රෙශන්ස් ,බොඩි ලැන්වේජ් බලපානවා...
    ඕරා වේව්ස් වීක් මිනිස්සුන්ට මේක වෙනවා වැඩියි!
    මටත් ගොඩක් තැන්වලදි මේක වෙනවා, කලින් ජොබ කරපු තැන උනුත් එහෙමයි..
    (මං හෙන මෝඩයෙක් කියලා ඉන් කන්ෆර්ම් කරගත්ත දවසෙ ඉදන් එහෙමයි 😆😅)
    අවුල තියෙන්නෙ ඔහොම ඔය උබ කියන විදිහට ඊගෝ එකක ඉන්න උන් , වෙන මිනිස්සුන්ට සලකන්නෙ හාත්පසින්ම වෙනස් විදිහකට...
    ගොඩක් උන් ඉන්න තැනක තමන්ගෙ මතය ඉදිරිපත් කලාම ,අනිත ඉන් ඒවා ඇහුනෙ නෑ වගේ ඉන්නවා!
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,517
    7,322
    113
    මට නම් ඔහොම සීන් එකක් උනේ එක පාරයි. මම පළතුරු ගන්න කඩේට එහා පැත්තේ කඩේ පළතුරු විකුණන පොර එක දවසක් මම කථා කරාම ගනං ගත්තෙ නෑ. මම ගිහින් ඇහුවා උගෙන් කෙසෙල් තියනවද කියලා. මූ නිකං ඕනවට එපාවට වගේ ඔය තියන්නේ කිව්වා. ඊට වැඩිය ඉදුන කෙසෙල් නැද්ද ඇහුවම මූ කියපි ඔච්චර තමයි කියලා. මම එවෙලෙම හරි හරි කියලා කඩෙන් එලියට බැස්සා. මූ මම එනකොට කථා කරනවා සර් සර් එන්න මේක හොද නැද්ද ගගා. මම එදයින් පස්සේ උගේ කඩේට ගියේ නෑ.

    ලොකුම දේ කඩවලට ගියාම උන් අදුරන එවුන් නෙවෙයි නම් හිනා වෙලා කථා කරන්න යන්න එපා. ගනන් ගන්නෙ නෑ වගේ ඉන්න. ඕනෙ දේ අරන් එන්න. ගිහින් ෆිට් වෙච්ච කඩේක එවුන් එක්ක විතරක් හිනා වෙලා කථා කරන්න.