Divorce_එකට මොකද කරන්නේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,572
    2,964
    113
    බළපිටිය
    මට වයස අවුරුදු 27යි. මම මීට අවුරුදු 5කට කලින් ඔෆිස් එකේ ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. එයා මට වයසින් ටිකක් වැඩිමල්. ඒ නිසා අපි අතර නොගැලපීම් තිබුණා වැඩි. නමුත් එයා මාත් එක්ක ආදරෙන් හිටියා, මාත් එයාට ආදරෙන් හිටියා. හැම මාසෙම මට ඇඳුම්, කන්න ආස දේවල් එහෙම අරගෙනත් දුන්නා.
    හැබැයි අපි යාලු වෙලා මාස 8ක් යනකම් එයා එයාගේ කලින් කෙල්ල එක්ක කතා කරලා. මම ඇහුවම මට බැන්නා. ඒ කෙල්ල දවසක් එයාට කියලා තිබ්බා එයාට කිසිම දෙයක් නැති නිසයි එයාව දාලා ගියේ කියලා. එතනින් පස්සේ එයා ඒ කෙල්ල එක්ක කතා කළේ නෑ, මට මාරම ආදරෙන් හිටියා.

    හදිසියේ ගෙදරට හොරෙන් අපි කසාද බැන්දා (අපේ ගෙදරින් අකැමැති නිසා). නමුත් මාව එයා එයාගේ ගෙදරටවත් වෙන ගෙදරකටවත් එක්කන් ගියේ නෑ, කැමති වෙනකම් ඉමු කියලා කිව්වා. මට වෙන පිරිමි ළමයෙක් එක්කවත් කතා බහ කරන්න දුන්නේ නෑ. එහෙම කවුරු හරි කතා කළොත් මට ගහනවා, ගුටි කාලා තියෙනවා සෑහෙන්න. දවසක් ඔෆිස් එකේම අයියා කෙනෙක් මගේ Birthday එකට Wish කරපු එකට Reply Message එකක් දැම්මා කියලා මගේ Phone එක පොළේ ගහලා මටත් ගහලා තියෙනවා ඔෆිස් එකේදිම. එයා නිසා මම සෑහෙන්න ලැජ්ජ වුණත් මම ඉවසගෙන හිටියා. හැමෝම කිව්වේ නවත්තන්න කියලා, ඒත් ආදරේ නිසාම හිටියා.
    අවුරුදු 4ක් යද්දීත් එයාගේ ගති වෙනස් වුණේ නෑ. එයා පිට ගෑනු ළමයින්ට Calls ගනිද්දී (Office calls) මාර ආදරෙන් කතා කරන්නේ. ගෑනු ළමයින්ට Friend requests දානවා. මට එපාම වෙලා තිබ්බේ.

    අපේ තාත්තාව කොහොම හරි කැමති කරගෙන Wedding එකක් ගන්න ලෑස්ති වුණා. ඒත් අපේ අම්මා විරුද්ධයි. අපේ අම්මට පාරේදී මෙයා ගහන්න අත උස්සලත් තියෙනවා. ඒත් මම ඉවසගෙන හිටියා කේන්තියට වෙන්න ඇති කියලා.

    Wedding එක ගන්න ලෑස්ති වෙද්දීත් මෙයා මට හේතුවක් නැතුව බනින එකයි ගහන එකයි නතර කළේ නෑ.

    මට එපා වෙලා තිබ්බ නිසා මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. ඒක මාස දෙකක් වගේ තිබ්බේ. මම ඒක නතර කළා මොකද ඒ වගේ දේවල් හරි යන්නේ නැති නිසා. ටිකක් දුර දිග ගිය සම්බන්ධයක් වුණා ඒක. මම ඒක Husbandට කිව්වා මෙහෙම දෙයක් මම කළා කියලා, සමාව ඉල්ලුවා. මට හොඳටම ගහලා ඒ කොල්ලවත් හොයන් ගිහින් ඌටත් ගහලා ලොකු ප්‍රශ්නයක් වෙලා මෙයා Divorce නඩුවක් දැම්මා. එතකොට තමයි අපේ ගෙදර අය දැනගත්තේ මම බැඳලා කියලා.
    ඒත් එයා මාත් එක්ක කතා බහ කරලා හිටියා. මාස 3ක් වගේ ගිහින් කිව්වා මාව ඕනේ, මට ආදරෙයි, අපි වෙනදා වගේම හොඳින් ඉමු කියලා. මටත් ඕනේ වුණේ හොඳින් ඉන්න නිසා මම ඒකට කැමති වුණා. මම ඇහුවා එතකොට Divorce එකට මොකද කරන්නේ කියලා. ඒක ඒ විදිහට ගියදෙන්, අපි ආයේ බඳිමු කිව්වා. අපි මාස 3ක් වගේ හොඳට හිටියා. අපි ඒ වෙද්දී නීතියෙන් දික්කසාදත් වෙලා. නමුත් අපි ආදරේ කළා.

    මෙයාට කෙල්ලෙක් Message කරනවා මම දැක්කා. මම එපා කිව්වම මෙයා හා කියලා හිටියා, ඒ කෙල්ලටත් කිව්වා. ඒකිත් සමාවෙන්න කියලා පාඩුවේ හිටියා. නමුත් මේ දෙන්නා හොරෙන් සම්බන්ධයක් තියාගෙන.

    දවසක් මම මෙයාට Call ගත්තා, මාව Block කරලා. උදේ මගෙන් සල්ලිත් ඉල්ලගත්තා. මම මෙයාගේ පස්සෙන් ගියා, මේ දෙන්නම ගියේ Room එකකට. එනකම් හිටියා. අන්තිමට මට කිව්වේ "පළිගන්නයි මට ආයේ ලං වුණේ" කියලා. මාව එතනම කඩා වැටුණා වගේ වුණා. මම කෑගහලා රණ්ඩු කළා. මට කිව්වේ "ඔයාට දැන් කිසිම අයිතියක් නෑ, ඔයා මගේ කවුරුත් නෙමේ" කිව්වා. එදාත් ගුටි කෑවා, අන්තිමට නතර වෙන්න වුණේ Hospital එකේ.
    මම අන්තිමට හිත හදාගත්තා. වැඩක් නෑ දැන් කියලා.

    මට කියන්න ඕනේ වුණේ අපිට නොතේරෙන ගොඩක් දේවල් අපේ අම්මලාට තේරෙනවා. එයා අකැමැති වෙන්න හේතුව මට එදා තමයි තේරුණේ. අද වෙද්දී දෙමාපියන්ගේ ආශීර්වාදේ එක්ක මම සතුටින් ඉන්නවා මාව තේරුම් ගත්ත රත්තරන් මනුස්සයෙක් එක්ක.

    දෙමාපියන් අකැමැති දේවල් කරන්නම එපා. ජීවිතේ නාස්ති වෙනවා අපරාදේ කියලා හිතෙන තරමටම...
    💖
    ලස්සන අවසානයක්!
    #නොකියූකත


    ඔයාගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    963
    1,801
    93
    පියතෝ ජායතී සෝකෝ – පියතෝ ජායතී භයං
    පියතෝ විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයං
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,834
    3,295
    113
    38
    @ katubedda
    ඔයා.ගරල්ද?.දැන්,ඉන්නකෙනා.හොදට.සලකනවද.කෝල්.මි,0783926214
    සුනිල්.සුනිල්