Ornab සුළිකුණාටුව
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද උදෑසන වනවිට පවතින වලාකුළු වර්ධනය සිතියමේ දැක්වෙයි. නිරීක්ෂණ ඔස්සේ සිදුකරන ගණනය කිරීම් අනුව එය "සුළි කුණාටුවක" මට්ටම දක්වා වර්ධනය වී ඇති බව දකින්න පුළුවන්. කෙසේ වෙතත් ලෝක කාලගුණ සංගමයේ කලාපීය කාලගුණ විශේෂඥ ආයතනය(RSMC Delhi) එය නිලවශයෙන් නිවේදනය කර නොමැත. RSMC විසින් එම පද්ධතිය "ඔ(ර්)නබ්" Arnab: pron Ornab ලෙස නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත අතර ඉන් පසුව ලංකාවේ ඇතුළු ලෝකයේ කාලගුණ ආයතන එම නම භාවිතා කරනු ඇත. ඔර්නබ් යනු බංගලාදේශය විසින් කලාපීය සුළිකුණාටු නම් ලැයිස්තුව වෙත යෝජනා කල නමකි. 169ක් වූ සම්පුර්ණ ලයිස්තුවේ 'ඔර්නබ්' 27 වන නාමයයි. මේ නම 'ඔර්නවා' යන සංස්කෘතික වචනයෙන් බිඳී ආ "විශාල ජල වපසරිය, මුහුද සාගරය වැනි අරුත් දෙන බව කියවේ.
පද්ධතියේ වර්ධන අවධි සාරාංශය
2026 ඔක්තෝම්බර් 26 දින සුළිකුණාටුවක්
2026 ඔක්තෝම්බර් 27 දින චණ්ඩ සුළිකුණාටුවක්
2026 ඔක්තෝම්බර් 28 දින ඉතා චණ්ඩ සුළිකුණාටු
පද්ධතියේ ගමන් මාර්ගය අනුව එය ඔක්තෝම්බර් 28 උදෑසන පමණ ඉන්දියාවේ විශාකපට්නම් වෙරලහරහා ඉන්දියාව වෙත ඇදෙනු ඇතිබව දකින්න පුළුවන්.දිවයිනට ඈතින් පිහිටන නිසා මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරිදින කිහිපයේ දී තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්.බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැවතිය හැකි අතර මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට නිකුත්කර ඇති අනතුරු ඇඟවීම් සහ අවවාදාත්මක නිවේදන

02. දිවයිනේ බස්නාහිර අර්ධයේ තද වැසි ඇතිවීමේ හැකියාව ගැන සඳහන් "ඇම්බර්" නිවේදනය යාවත්කාලීන කර ඇත
උපකල්පණය කරන ගමන් මග
කාලගුණය ගැණු ඉක්මනට වෙනස් වෙන බැවින් තමන්ගේ ආරක්ෂාව සදහා නිරන්තර අවධියෙන් සිටින්න