😠එළවළු මිල ඉහළට – බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම සියයට 20කින් පහළට😢

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,368
    8,332
    113
    පවතින වර්ෂාපතනයත් සමඟ උඩරට සහ පහතරට එළවළු වර්ග කිහිපයක මිල ගණන් ඉහළ ගොස් තිබේ.
    ඒ අනුව, පසුගිය සතියේ රුපියල් 350ත් 400ත් අතර මිලක පැවති තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 600ත් 650ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
    ඊට අමතරව, රුපියල් 250ක මිලකට පැවති මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 400ත් 450ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර, රුපියල් 150ක්ව පැවති ගෝවා කිලෝවක තොග මිල රුපියල් 350ක් දක්වා ඉහළ ගොස් තිබේ.
    මැනිං වෙළෙඳපොළ පොදු වෙළෙඳ සමිතියේ හිටපු සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ උත්සව සමය ළං වීමත් සමඟ එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.
    එහිදී අදහස් දැක්වූ අනිල් ඉන්ද්‍රජිත් මහතා,
    “මේ දවස්වල එළවළු මිල වැඩිවීමක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි රටේ පවතින කාලගුණික තත්ත්වය. වැඩිම මිලක් තියෙන්නේ තක්කාලිවලටයි. තොග මිල රුපියල් 600ක් වගේ වෙනවා. ඒ වගේම බෝංචි රුපියල් 400ත් 500ත් අතර මිලක තියෙනවා. කැරට් රුපියල් 200ත් 250ත් අතර මිලක තියෙනවා. ලීක්ස් රුපියල් 200යි. අමුමිරිස් රුපියල් 350ත් 400ත් අතර මිලක තියෙනවා.පහතරට එළවළු මිලත් ඉහළ ගිහින් තියෙනවා. පතෝල කිලෝවක් මේ දවස්වල රුපියල් 400ක පමණ මිලකට අලෙවි වෙනවා. ඒ වගේම වැටකොළු රුපියල් 200ත් 250ත් අතර මිලක තියෙනවා. වට්ටක්කා මිලත් මේ දවස්වල ඉහළ ගිහින් තියෙනවා. කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා තිබෙනවා. කැකිරි සහ පිපිඤ්ඤා වැනි එළවළු පමණයි රුපියල් 100ට අඩු මිලකට තියෙන්නේ. සමස්තයක් වශයෙන් බැලුවහම පසුගිය මාසයට සාපේක්ෂව එළවළු මිල ඉහළ ගිහින් තියෙනවා. කොහොමත් දෙසැම්බර් මාසය වන විට සෑම වසරකම සාමාන්‍යයෙන් එළවළු මිල ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ නිසා ඉදිරියේදී මිල අඩු වීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. මිල තවදුරටත් ඉහළ යා හැකියි.”
    මේ අතර, බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම සියයට 20කින් පමණ පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.
    බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 30ත් 32ත් අතර පැවතියද, වර්තමානයේ ගොවිපොළවලින් බිත්තර නිකුත් කරනු ලබන්නේද එම මිල ගණන් යටතේම බැවින් නිෂ්පාදකයන්ට ලාභයක් උපයා ගැනීමට නොහැකි වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
    එමෙන්ම උත්සව සමයේදී වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර සහ කුකුළු මස් කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බව අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    එමෙන්ම, නොවැම්බර් 15 වැනිදායින් පසු උත්සව සමය ආරම්භ වීමත් සමඟ මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද එම සංගමය පවසයි.
    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අජිත් ගුණසේකර මහතා,
    “අද වන විට පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වෙලා තියෙනවා. අපි වෙළෙඳපොළේ සමීක්ෂණයක් කරන විට බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම අඩු වී ඇති බව පෙනී යනවා. වෙළෙඳපොළේ පරිභෝජනය සියයට 20කින් පමණ අඩු වී ඇති බව අපට පෙනෙනවා. බිත්තරයක නිෂ්පාදන වියදම සාමාන්‍යයෙන් රුපියල් 30ත් 32ත් අතර වෙනවා. නමුත් අද ගොවිපොළවලින් බිත්තර නිකුත් කරන්නේත් රුපියල් 30ත් 32ත් අතර මිලකටයි. ඒ නිසා නිෂ්පාදකයන්ට ලාභදායී තත්ත්වයක් නැහැ. ඒ වගේම කුකුළු මස් මිලත් අඩු වෙලා තියෙනවා. පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කුකුළු මස් පරිභෝජනය අඩු වී ඇති බවයි අපට පෙනෙන්නේ. නමුත් නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යනවා. උත්සව සමයේදී වෙළෙඳපොළට අවශ්‍ය සැපයුම හිඟයකින් තොරව ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ නිසා නොවැම්බර් 15 වැනිදායින් පසු උත්සව සමය ආරම්භ වීමත් සමඟ තත්ත්වය නැවතත් සාමාන්‍ය අතට පත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා
    ​
     
    • Wow
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    තක්කාලි කිලෝ එක 350-400 ඉඳලා 600-650ට ගිහින් කියද්දි නම් ගෙදර කෑම හදන එකත් හිතන්න වෙන වැඩක් වෙලා, වැස්ස නිසා කියලා තිබ්බට පොලේ මිල ඊටත් වැඩියි වගේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,948
    1
    19,576
    113
    35
    Spain
    Pizza kana eka laba nedda uyanawata wada
    නෑ නේ බන්. හොඳ කෑම වේලක් 1200ක් වගේ වියදමකින් හදාගන්න පුළුවන් නේ. චිකන් 500ක්, බෝංචි, පරිප්පු, කීරි සම්බා, අල බැදුමක් වගේ කෑම එකක්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,133
    68,591
    113
    නෑ නේ බන්. හොඳ කෑම වේලක් 1200ක් වගේ වියදමකින් හදාගන්න පුළුවන් නේ. චිකන් 500ක්, බෝංචි, පරිප්පු, කීරි සම්බා, අල බැදුමක් වගේ කෑම එකක්.
    Itin dan takkali 1kg 1000 kivve :oo:
     
    • Like
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,427
    119
    63
    මාලුමිරිස් කිලෝව කොහොමත් 700-800 තිබ්බෙ මීගමුවෙ පැත්තෙ
    කොහොමත් 700-800 තිබ්බෙ කියලා නෝමල් කරන්න එපා බං, පහුගිය සතියෙ තොග මිල 250. දැන් 450. රජය කියන්නෙ බිත්තර, කිකිළි මස් 20% අඩුයි කියලා, එළවළු ගැන හොඳට නිහඬ. වැස්සට බැන්නට වැඩක් නෑ, මිල හදන්නෙ මැද ඉන්න එකා.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,012
    4,462
    113
    කොහොමත් 700-800 තිබ්බෙ කියලා නෝමල් කරන්න එපා බං, පහුගිය සතියෙ තොග මිල 250. දැන් 450. රජය කියන්නෙ බිත්තර, කිකිළි මස් 20% අඩුයි කියලා, එළවළු ගැන හොඳට නිහඬ. වැස්සට බැන්නට වැඩක් නෑ, මිල හදන්නෙ මැද ඉන්න එකා.
    නෝමල් කලේ නෑ බන් දැන් මෙහෙ මාලුමිරිස් 1000 පන්නල යයි..
    ඔව් මිල පාලනයක් නම් නෑ තමා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,427
    119
    63
    නෝමල් කලේ නෑ බන් දැන් මෙහෙ මාලුමිරිස් 1000 පන්නල යයි..
    1000 කිව්වට තොග මිල 450 බං, ඉතුරු 550 කවුද ගන්නෙ? මැද එකා. මිල පාලනයක් නෑ කියලා උඹම කියනවා, එහෙනම් රජය ඉන්නෙ මොකටද හුත්තිගෙ පුතා.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,596
    5,652
    113
    කොහෙ හරි රටකින් මෙහාට එවන්න ගෑස් ටිකක් බෝට්ටුවකට පටවන එකත් breaking newsඑකක්,

    නැව මග එන එකත් newsඑකක්,
    නැව කුනාටු මැද්දෙ මෙහාට සේන්දු වෙනව කිව්වමත් ඒකත් තෙත් වෙන නිව්ස් එකක්,නැව මෙහෙ වරායට ආව කියන ආරන්චියත් බ්‍රේකින් නිව්ස් එකක්,නැවෙන් ගෑස් බානව කියන එකත් breaking News එකක්,,,

    මේ පාලකයො මොක්කුද හොදට හිතල බලන්න මේව රටවල් නෙවෙ හුන්ඩු..අපිට මාස 5ක් බලයදීල බලන්න අපි මන්නාරමෙන් ගෑස් ගොඩාරන් ගෙවල්වලට ගෑස් බටත් එලලම ගෑස් ඔයාලගෙ කුස්සියට ගේනවා මතක තබාගන්න එහෙමයි රටවල් හදන්නෙ

    එලවලු,බිත්තර විතරක් නෙවෙ මස් මාලු ඉස්සො සැමන් පිල්ස්ට් ඔයාලගෙ කුස්සියෙ දොරෙන් ඇතුලට එන වැඩ පිලිවෙලක් App එකක් එක්කම අපෙ මාලිමා Home science විසේසක්න කන්ඩායමක් සකස් කරලයි තියෙන්නෙ එහෙමනෙ රටවල්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,427
    119
    63
    ඒකනේ මම අහන්නේ බොරුවෙන් රජ උන පච අනුර ආවට පස්සේ මොකේද මිල අඩු උනේ කියලා
    බිත්තර සහ කිකිළි මස් 20%කින් අඩුයි, ඒක රජයම කියනවා. ඒ ඇරෙන්න ඔක්ටේන් 95 ලීටරේ 20කින් උඩ, තක්කාලි 350 ඉඳන් 1000ට, විදුලි බිල 18%කින් උඩ. බිත්තරෙන් ඉතුරු වෙන සතේ පෙට්‍රල් එකට යනවා. අඩු උනේ බිත්තර විතරයි මචං.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,330
    7,708
    113
    Narcissistic Sociopath Manipulator
    කෙලින්ම ගිහිං කුකුල් මස් කිලෝ 5ක් විතර ඉල්ලන්න ඕනෙ බිත්තර 30ක් එක්ක. කොහෙන්ද පුතේ මෙච්චර සල්ලි. ඇතුලෙ ලෝකල් විකුණලා එකතු කරපු සල්ලි මාමේ.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,012
    4,462
    113
    1000 කිව්වට තොග මිල 450 බං, ඉතුරු 550 කවුද ගන්නෙ? මැද එකා. මිල පාලනයක් නෑ කියලා උඹම කියනවා, එහෙනම් රජය ඉන්නෙ මොකටද හුත්තිගෙ පුතා.
    වේසිගෙ පුතෝ තොට සින්හල බැරිද.. මම එලවලු ගනන් ගිය එක හරි කිව්වෙ නෑ, මැද ඉන්න එකා හරි කීවෙත් නෑ..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,427
    119
    63
    වේසිගෙ පුතෝ තොට සින්හල බැරිද.. මම එලවලු ගනන් ගිය එක හරි කිව්වෙ නෑ, මැද ඉන්න එකා හරි කීවෙත් නෑ..
    සිංහල බැරි නෑ බං, උඹට තේරෙන්නෙ නැති එක තමා ප්‍රශ්නෙ. 250ට ගත්තු මාලුමිරිස් 1000ට විකුණන එකා ගාව ලාභෙ තියෙද්දි රජය බලන් ඉන්නවා නම් ඒක රජයක්ද පකෝ. මැද එකාට බදු දාපන්, එතකොට මිල බහිනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,681
    35,696
    113
    කුකුල්ලුන්ට වඩා මොනරු ඉන්නවා හැම තැනම.
    මොණර මස් වලට අවසර දෙනවා නම්
    වගාවන්ට මොණරු කරන හානියත් නැති වෙලා යනවා