24 වෙනිදට එන්න හයිඩ් පිටියට

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    24 වෙනිදට එන්න හයිඩ් පිටියට

    මොකක්ද 24 වෙනිදට වෙන්නේ? කවුද මේ UPM කියන්නේ?
    කවුද එදාට තව එන්නේ?
    මොරටුවේ අපි (Engineering ,IT, Archi, TCP, QS/FM ,Landscape, Design) 24 යන්න ඕන ඇයි...

    ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අත්සන් කිරීමට ETCA යෝජිත ගිවිසුම පිළිබඳව පසුගිය කාලය පුරාවටම දිගින් දිගටම දැනුවත් කිරීම් කෙරුණා. තවත් දැනුවත් වීමට අවශ්‍ය නම් ඒ සඳහා තොරතුරු පහතින් ඉදිරිපත් කරලා තියෙනවා.
    සියළුව වෘත්තියකයින්ට, ශිෂ්‍යයින්ට , පුරවැසියන්ට අහිතකර මේ ගිවිසුමට එරෙහි දැවැන්ත රැලියක් 24 වෙනිදට තියෙනවා. ඒ සඳහා කිසිම බේදයකින් තොරව සියලුම දෙනාගේ සහය, ශක්තිය අවශ්‍ය මොහොතයි මේ...

    මෙය සංවිධානය කරන්නේ
    UPM (United Professionals Movement)-ඒකාබද්ධ වෘත්තිකයින්ගේ ව්‍යාපාරය...
    සංවිධාන 46ක් දැනට මේක ඇතුලේ තියෙනවා.

    Sri Lankan Engineers’ Association
    Institution of Engineers, Sri Lanka
    Government Medical Officers’ Association
    sri lanka information technolgy professionals association
    Sri Lanka Institute of Architects
    Institute of Quantity Surveyors Sri Lanka
    The Institution of Engineers – Sri Lanka
    State Development & Construction Corporation is Pioneers in Infrastructure Construction in Sri Lanka
    (රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව ඉංජිනේරු සංගමය (SD&CCEU))
    Institution of Incorporated Engineers
    Computer Society – Sri Lanka
    Chartered Institute of Management Accountants – Sri Lanka
    Institute of Applied Statistic s– Sri Lanka

    .......
    (අනෙක් ඒවා පහත විස්තර පත්‍රිකා වලින් බලාගත හැකියි)

    මෙයට අමතරව තව වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, සමාජ සංවිධාන, ආචාර්යවරු, දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන වල අය වගේම, තවමත් සංවිධානය නොවූ ක්ෂේත්‍ර වලට අදාල සියලු දෙනාමත් සහභාගී වෙනවා.

    ඉතින් මේ ගැටලුව හැමෝටම බලපානවා. ඒ වගේම අපි ප්‍රශ්න වෙනුවෙන් තනි තනි වශයෙන් පෙනී ඉන්නවට වඩා පොදු බලවේගයක් වශයෙන් පෙනිසිටීමේදී එහි ශක්තිය වැඩියි. ඒ නිසා මොරටුව විශ්වවිද්‍යාලීය මහාශිෂ්‍ය සංගමය (MSU) විදියට අපි අපේ මැදිහත්වීම, ශක්තිය මේ මහා එකමුතුවට ලබා දෙනවා.





    12801590_1779574058929153_3234967773017658180_n.jpg


    1913745_1779574182262474_8391860125993824553_n.jpg


    12494700_1779582418928317_3473861857360735398_n.jpg


    10391904_1779582482261644_3825362744746931714_n.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    රනිල් කියන්නේ දිය යටින් ගින්දර ගෙනියන පොරක්.ලස්සනට ඕවා කරයි කාටවත් නොදැනෙන්න.දැන් JVP කාරයොත් කෑගහනවා අඩුයිනේ..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හෙට දවල්ට යූනියන් ප්ලේස් යන්න හිටියේ වැඩ වගේකට. එක ලබන සතියේ වෙනකම් කල් දන්නා ඕනේ
     

    Appo

    Member
    Dec 3, 2015
    56
    3
    0
    Aneh bn mewata yanawata wediya hodai budiyanawa gewal walata wela Lankawa iwaratama iwarai mamanam kiyanne lankawa mehemma gilenna oni okoma minissu ekka :love::love::love:


    Budusaranai !!!
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ECTA FULL PDF DOCUMENT EKAK THIYENAWANAM POST KARANNA,KIYAWALA BALANNA MONADA THIYENNE KIYALA.

    එක තමයි කියන්නෙ, තාම හරියට Agreement එකක් මොකෙක් ළඟවත් නෑ. අරක තියනවලු, මේක නැතිලු. ඊට සස්සෙ මේක තියනව අරක නැතිලු. මුන් ජාතික ප්‍රතිපත්තියක් නැතුව ඔය මගුල අස්සන් කරොත්, ඉන්දියන් කාරයොන්ට ඕන ඕන විදිහට මෙහෙ රඟන්න පුළුවන්. හරියට හිස් check එකකට අස්සන් කරනව වගේ වැඩක් මේක. දැනට Framework Agreement එක GMOA site එකට ගිහිල්ල බලාගන්න පුළුවන්. සිංහලෙනුයි කඩ්ඩෙනුයි දෙකෙන්ම තියනව, එත් 10 පාරක් කියෙව්වත් තේරෙන එකක් නං නෑ...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රනිල් කියන්නේ දිය යටින් ගින්දර ගෙනියන පොරක්.ලස්සනට ඕවා කරයි කාටවත් නොදැනෙන්න.දැන් JVP කාරයොත් කෑගහනවා අඩුයිනේ..

    ඇත්තද මචං උන් සල්ලි වලට කට වහගෙන ඉන්නව කියල එක එකා කියනව ඒ ඇත්තද මචං...?