එ.ජා. සංවිධානය ගැන කේ.පී.ගෙන් උණුසුම් හෙළිදරව්වක්
කොටි නායකයින්ට පැන යාමට නැවක් එවීමට සිටි බව කියයි
කොටි නායකයින් ලංකාවෙන් පැන යාමට සූදානම් නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර රටක් එක්ව නැවක් එවීමට පොරොන්දු වී සිටි බව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ඉන්දීය මාධ්‍යයකට අනාවරණය කරයි.
කොටි සංවිධානයේ මහා අවි ජාවාරම් කරුවා මෙන්ම ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසුව එල්.ටී.ටී.ඊ.යේ නායකයාද වූ කේ.පී. විදෙස් රටක සැඟවී සිටියදී අත්අඩංගුවට පත්වූ අතර පසුව ලංකාවට පිටමං කළේය.
දැනට රජයේ අත්අඩංගුවේ සිටින කේ.පී. ඉන්දීය පුවත් පතක් වන THL Mediagrove වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා තිබෙන්නේ අවසන් යුධ ගැටුම් පැවති කාලයේදී, එනම් 2009 මැයි 16 සිට 17 අතර කාලයේදී කොටි නායකයින් කැමති නම් ලංකාවෙන් බේරී වෙනත් රටකට පලා යාමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර රටක් එක්ව නැවක් එවීමට පොරොන්දු වූ බවයි.
මෙහිදී, සම්මුඛ සාකච්ඡාව මෙහෙයවා තිබෙන මාධ්‍යවේදියා මෙම රට කුමක්දැයි ප්‍රශ්න කර තිබෙන නමුත් එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ බටහිර රටක් බව පමණක් සඳහන් කිරීමට පද්මනාදන් වග බලාගෙන තිබේ.
කෙසේවෙතත්, එම ගලවා ගැනීමේ පොරොන්දුව ලබාදෙන විට ගලවා ගැනීමට නොහැකි ලෙස කල් පසුවී තිබුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර, පද්මනාදන් පවසා තිබෙන්නේ බැන් කී මූන් විසින් පත්කළ කමිටුව මගින් ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව ලංකාවේ දිගු කාලීන සාමය ඇති කිරීමට බාධාවක් වන බවයි.
උපවාස කරන සිරකරුවන් 600 දෙනකුගේ කෑම ජීව වායු නිෂ්පාදනයට
කෑමෙන් බීමෙන් වැළකී සිටින වැලිකඩ සිරකරුවන් 600 දෙනාගේ කෑම අපතේ යන නිසා එම කෑම පැය කීපයකට පසු ජීව වායුව තැනීම සඳහා යොදා ගන්නා බව බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
මේ අනුව කෑමෙන් වැළකී සිටින මෙම සිරකරුවන් 600 දෙනාගේ කෑම වේල් තුනම මෙසේ ජීවවායුව තැනීමට යොදා ගන්නා බව බන්ධනාගාරය කියයි. කෑම බීම අසීරු අවස්‌ථාවක එම කෑම නරක්‌වීමට ඉඩ නොදෙන බව කී බන්ධනාගාර ප්‍රකාශකයා ඒවා මෙසේ ජීව වායු තැනීමට යොදා ගැනීම වැදගත් බව පෙනීයන්නේ යෑයි පැවැසීය.
1999 වසරේ මුළු රටම කම්පාවට පත් කළ හෝකන්දර එකම පවුලේ පස්‌දෙනා කපා කොටා මරා දැමීමේ සිද්ධිය, මුළු රටම ආන්දොaලනයට ලක්‌වූ රීටා ජෝන් නමැති තරුණ විවාහක බිරිඳ දූෂණය කර ඝාතනය කිරීම, කොළඹ කුරුඳුවත්තේ ප්‍රධානතම මත්කුඩු ජාවාරම පොලිසිය මගින් අල්ලා ගැනීමේ සිද්ධිය, කළුතර සදීප ලක්‍ෂාන් දරුවා පැහැරගෙන ගොස් කප්පම් ගැනීම සහ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෝ මෙම උපවාසකරුවන් අතර සිටිති
එහෙන් මෙහෙටද..?මෙහෙන් එහෙටද..?
විශ්ව විද්‍යාලයට තේරී පත් වූ නවක සිසු සිසුවියන්ට නායකත්ව හැකියාව හා ධනාත්මක ආකල්ප වර්ධනය කිරිමේ අරමුණෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ආරම්භ කළ පුහුණු වැඩසටහනේ සමාරම්භක උළෙල අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙලට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක,නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක,ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්,ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ.එහිදී ජනාධිපතිවරයා නවක සිසුන් හා සුහද කතා බහක නිරතවන අයුරු.
මංජු බොක්සිං වළල්ලෙන් සමුගනියි
ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් සමුගත් බව ඔහුගේ පුහුණුකරු විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.
පසුගිය දා නිමාවට පත් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනාගැනීමට වන්නිආරච්චි සමත්විය.
නමුත් පසුව එම තරගයේදී මංජු වන්නි ආරච්චි විසින් තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට චෝදනා එල්ල වූ අතර එම චෝදනාව මත ඔහුගේ රන් පදක්කම නැවත ලබාගනු ලැබීය.
දිල්හාර වෙනුවට මහරුෆ් කැඳවයි
දිල්හාර ප්‍රනාන්දුගේ දණහිසෙහි ඇතිවූ ආබාධිත තත්ත්වයක් නිසා එංගලන්ත සංචාරය සඳහා ෆර්වීස් මහරුෆ් කැඳවීමට එංගලන්තයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය තීරණය කර තිබේ.