250 කට එලවලු සුප් හදන්න recipe needed

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    250 කට එලවලු සුප් හදන්න recipe needed

    අපි දෙන්නෙක් එකතු වෙලා 250 කට එලවලු සුප් හදන්න ලෑස්තියක් තියෙනවා. මේක දානයක් දියවැඩියාව සහ හර්ද රෝගීන් සඳහා තමයි දෙන්නෙ.

    මේක දෙන්න හැදුවට අපි දෙන්නම දන්නෙ ගෙදර 10 දෙනෙකුට විතර හදන එලවලු සුප් එකක් හදන්න විතරයි.

    අනේ අපිට උදවුවක් කරන්නකෝ....

    එලකිරියෙ ඉන්නවානෙ හොඳට උයන්න දන්න අය. අපිට මේක හදන්න ඔන කරන බඩු ප්‍රමාණ සහ හදන විදිහ කියල දෙන්නකෝ ...

    ඉරිදා හැන්දෑවට අපි මේ දානෙ දෙන්න ඕනෙ....

    අනේ උදවු කරන්නකෝ.......
     
    • Like
    Reactions: Iron Monger

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1143081

    මෙන්න මේකේ චිකන් සහ වර්මිසීලී අයින් කරල අනිත් ඒව දාල හදන්න......
    ප්‍රමාණ නම් ඉතිං හැම එළවළු ජාතියෙන්ම ග්‍රෑම් 500 ගානෙ විතර තමා................



    චිකන් සහ හතු ක්‍රීම් සුප් ......(Cream of Chicken & Mushroom Soup)

    අවශ්‍ය කරන දේ..

    ing1.jpg

    1 - සුදු ළූණු බික් 3-4ක් (සිහින්ව කපා ගන්න)
    2 - සෙමී 1ක් පමන වන ඉගුරු කැබැල්ලක් (සිහින්ව කපා ගන්න)
    3 - කටු රහිත කුකුළු මස් 50g (නිර්මාංශ අය මෙය ඉවත් කර හදා ගන්න)
    4 - Oyster හතු 50g
    5 - සිහින්ව ලියා ගත් ලීක්ස් 50g
    6 - සිහින්ව ලියා ගත් කැරට් 25g
    7- තරමක කෑලි කැපූ කැරට් 25g
    8 - තරමක ළූණු ගෙඩියක් (සිහින්ව කපා ගන්න)
    9 - නූඩ්ල්ස් හෝ මැකරෝනි 25g

    අනිත් ඒවා සුවද ද්‍රව්‍ය. මේව නම් සියල්ල සුප් එකකට දාන තරමට හොදයි හේතුව එහි ගුණය සහ සුවද වැඩිකර ගන්න

    ing2z.jpg

    10 - සැල්දිරි 25g (සිහින්ව කපා ගන්න)
    11 - සේර කුඩා කැබැල්ලක් (සිහින්ව කපා ගන්න)
    12 - පාස්ලි 10g (සිහින්ව කපා ගන්න)
    14 - කොත්තමල්ලි කොළ 10g (සිහින්ව කපා ගන්න)
    15 - ගම්මිරිස් තේ හැදි කාලක්
    16 - රස අනුව ලුණු
    17 - කුරුදු කුඩා කැබැල්ලක් සහ උළුහාල් ඇට 10ක් පමණ
    18 - වියලි බැසිල් කොල ස්වල්පයක් (නැති උනත් කමක් නැත)

    රූපයේ නැති ඒවා - රම්පෙ අගල් බාලයක කැබැල්ලක් සහ කරපිංචා කොළ 10ක් පමණ
    එළවළු තෙල් මේස හැදි 3ක්
    ජලය ලීටර 1ක්

    සුප් එක ගණකම් කිරීමට
    13 - බඩ ඉරිගු පිටි මේස හැදි ‍2ක්

    සාදන ක්‍රමය -

    step1y.jpg

    සුදු ළූණු, ඉගුරු කුකුළු මස්, Oyster හතු, ලීක්ස් 25g, කෑලි කැපූ කැරට් 25g, ළූණු, සැල්දිරි, සේර, පාස්ලි, කොත්තමල්ලි කොළ, ගම්මිරිස්, ලුණු, කුරුදු, උළුහාල්, වියලි බැසිල් කොල, රම්පෙ, කරපිංචා සියල්ල එළවළු තේල් මේස හැදි 1ක් සමග හොදින් බැද ගන්න. (රුපයේ අ) පදමට බැදි ආ පසු (රුපයේ ආ) එය වතුර ස්වල්පයක් සමග බ්ලෙන්ඩරයක් දමා ක්‍රීම් එකක් වන තුරු හොදින් අඹරා ගන්න. (රුපයේ ඇ සහ ඈ)

    step2g.jpg

    ඉතිරි ළූණු, සිහින්ව ලියා ගත් ලීක්ස්, සිහින්ව ලියා ගත් කැරට්, නූඩ්ල්ස් හෝ මැකරෝනි, ඉතිරි තෙල් මේස හැදි 2 සමග විනාඩි 3ක් පමණ බැද ගන්න. (රුපයේ ඉ). මේ බැදෙන මිශ්‍රණයට ගසා ගත් ක්‍රීම් එක මිශ්‍රකර, එ සැනින්ම ජලය මිලී ලීටර් 950ක් එකතු කරන්න. (රුපයේ ඊ) මෙය මද ගින්නේ බුබුලු දමන තෙක් පිස ගන්න. මිශ්‍රණය බුබුළු දමන විට ඉතිරි ජලය මිලි ලීටර් 50 ට බඩ ඉරිගු පිටි මේස හැදි ‍2 දියකර සුප් එකට එක්කර,(රුපයේ උ සහ ඌ) විනාඩි 5ක් පමණ පිස ගන්න.

    මෙවිට සුප් එක මෙලෙස දිස්වේ.​


    soup1r.jpg

    මෙලෙස පිළිගන්වන්න........​


    soup2final.jpg

    දැනට බම්ප් එකක් පමණක් දමන්න. හදලා රස, ගුණ ගැන කමෙන්ට් එකක් දාන්න...........

    මේ සුප් ප්‍රමාණය 4-5 දෙනෙකුට සෑහේ...............!!!!!!
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1143081

    මෙන්න මේකේ චිකන් සහ වර්මිසීලී අයින් කරල අනිත් ඒව දාල හදන්න......
    ප්‍රමාණ නම් ඉතිං හැම එළවළු ජාතියෙන්ම ග්‍රෑම් 500 ගානෙ විතර තමා................

    ඔන්න ඔහොම එකක් නං රහට තියෙයි. අර සමහරු හදන නිකං එළවලු තම්බපු එක ගුණ වුනාට මෙලෝ රහක් නෑ.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1143081

    මෙන්න මේකේ චිකන් සහ වර්මිසීලී අයින් කරල අනිත් ඒව දාල හදන්න......
    ප්‍රමාණ නම් ඉතිං හැම එළවළු ජාතියෙන්ම ග්‍රෑම් 500 ගානෙ විතර තමා................

    Thank You

    Try කරලා බලල කියන්නම්. බොහොම ස්තුතියි හැමෝටම පස්සෙ රෙප් දෙන්නම්

    Thank you again.......
     

    dishanwis

    Well-known member
  • http://www.elakiri.com/forum/showthread.php?t=1143081

    මෙන්න මේකේ චිකන් සහ වර්මිසීලී අයින් කරල අනිත් ඒව දාල හදන්න......
    ප්‍රමාණ නම් ඉතිං හැම එළවළු ජාතියෙන්ම ග්‍රෑම් 500 ගානෙ විතර තමා................

    wow thanks for share dath bro :yes::yes::Dමෙ දවස් ටිකෙ මම හොයා හොයා හිටියෙ sweet corn soup oya packet eihema thiyennee rasa hari soup kiyala ඒක හදන හැටිත් කියලා දෙන්න කො:yes::yes: