25000 දඩය 50000 වෙයි – වසර 10ක සිර දඬුවමකුත්?

දඩ මුදල් වැඩිකිර

  • එකඟයි

    Votes: 21 53.8%
  • එකඟ නෑ

    Votes: 18 46.2%

  • Total voters
    39
  • Poll closed .
Jun 23, 2016
1,044
136
0
Maharagama
25000 දඩය 50000 වෙයි – වසර 10ක සිර දඬුවමකුත්?

ඇතැම් රථවාහන වරදවල් සඳහා රුපියල් 25,000ක් ලෙස 2017 අය – වැය මඟින් යෝජනා කර තිබූ දඩ මුදල් රුපියල් 30,000 සිට රුපියල් 50,000 දක්වා වැඩි කිරීමට ඒ සඳහා සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබේ.

2017 අය – වැය මඟින් යෝජනා කළ දඩ මුදල්වලට බස් සංගම් හා ත්රිරෝද රථ සංගම් දැඩි විරෝධතාව පළ කරමින් පසුගිය දෙසැම්බර් මාසයේ දීප ව්යාප්ත වර්ජනයක් ක්රියාත්මක කිරීමෙන් පසු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් ඒ පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට මේ කමිටුව පත්කරනු ලැබීය.

රියැදුරු බලපත් නොමැතිව රිය ධාවනය, රියැදුරු බලපත් නොමැත්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්රව්ය භාවිත කර රිය පැදවීම, අපරික්ෂාකාරීව රිය දුම්රිය මාර්ගයකට ඇතුළු කිරීම, වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය පැදවීම යන වැරැදි සම්බන්ධයෙන් රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා දඩ මුදල් අයකර ගත යුතු යැයි එම කමිටුව නිර්දේශ කර තිබේ.

එමෙන්ම දඩ මුදල්වලට අමතරව මාස 3 සිට වසර 10 දක්වා බන්ධනාගාරගත කිරීම, රියැදුරු බලපත්රය අත්හිටුවීම හෝ අවලංගු කිරීම සඳහා වූ නෛතික ප්රතිපාදනද කමිටුව යෝජනා කර ඇත.

මේ කමිටු නිර්දේශ සම්බන්ධයෙන් බස් සංගම් කිහිපයක් හා ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රිරෝද රථ සංගමයද ප්රවාහන අමාත්යවරයා වෙත සිය විරෝධය පළකර ඇත. ඊට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම මත එම සංගම්වලට සති දෙකක කාලයක් ලබාදී තිබේ.මේ කමිටු වාර්තාව ලබන මස මුල් සතියේදී ප්රවාහන අමාත්යවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.


Source:http://nethgossip.lk/articles/22268
 

Karuna67

Banned
Feb 10, 2017
75
12
0
Pisu wadak wal ballo

Tharaye wiruda wemi

Bus strike t will strike ekakta gihin mewa nawatana

Natam bike padina apita hekenawa
 

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අර එකඟයි කියලා ගහලා තියන එවුන් මං හිතන්නෙ අහසින් වෙන්න ඇති යනවා අැත්තේ:angry::angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බීලා ඩ්‍රයිව් කර උන්ගේ දේපල රාජසන්තක කර ගත්තත් කමක් නෑ
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අර එකඟයි කියලා ගහලා තියන එවුන් මං හිතන්නෙ අහසින් වෙන්න ඇති යනවා අැත්තේ:angry::angry::angry:

    නෑ බං ඔය AL කරල එහෙම ගෙදරට වෙලා ෆුට් සයිකලයක්වත් නැතුව අම්මට පයින් කඩේ ගිහින් එන උන් :lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේව කොරන්න ඕන නෑ යකෝ ඔය වැරදිවලට කෙලින්ම මරණ දණ්ඩනය නියම කලානම් ඉවරයිනෙ හිටං.
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    godak pitaratawal wala fine eka wedi nisa thamai weradi adu une. ape un hadannanam aniwa loku fine ekak gahanna ona. eg: issara api helmet demme bohoma aduwen. eth dadaya wedi kalata passe hemoma helmet danawa