25000_දඩය_ළඟදීම

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    25000 දඩය ළඟදීම… අලුත්ම තොරතුරු මෙන්න…



    රථ වාහන වැරදි සඳහා සංශෝධනය කරන ලද නව දඩ පත්‍රිකාව මේ වනවිට කෙටුම්පත්කර අවසන් බව වාර්තා වනවා. එය පෞද්ගලික බස්රථ ඇතුළු ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ පැන නැඟී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර පවසනවා.


    එම කමිටුව ලබන මස 09 වැනිදා රැස්වීමට නියමිතය. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා, රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඊට ඇතුළත් වනවා. අදාල කෙටුම්පතට කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු සංශෝධිත දඩ පත්‍රිකාව පෞද්ගලික බස්රථ හා ත්‍රිරෝද රථ සංගම් වෙත ඉදිරිපත් කරන බවද ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරනවා. අදාළ සංගම්වල මෙන්ම ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන මෙම සංශෝධිත දඩ පත්‍රිකා කෙටුම්පත සකස් කළ බවයි පැවසෙන්නේ.


    කෙටුම්පත සකස් කිරීමේ යාන්ත්‍රණය නිමවීමෙන් පසු රථවාහන වැරැදි කිහිපයකට අදාළව යෝජනා වී ඇති රුපියල් 25,000 දඩය කඩිනමින් ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ උත්සවයකදී පසුගියදා ප්‍රකාශ කළා. මෙම දඩ මුදල් සංශෝධනයෙන් වැරැදි කරන අයට මිස නීතිගරුක පුද්ගලයන්ට කිසිදු හිරිහැරයක් නොවන බවද පොලිස්පතිවරයා එහිදී පැවසුවා.


    Neth news
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,218
    20,528
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,745
    113
    මොකක්ද ඔය යාන්ත්‍රණය :oo::oo: අලුත් විදියට පරන ලිස්ට් එක ගේන එකද