26 වෙනිදා ලංකාවට මොකද වෙන්නේ?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,544
    10,317
    113
    44
    Living in an Atom
    360_F_154261610_6XIrPQy55IzHqe1hdedQFGIcGgi5WjuT.jpg


    ලැබෙන ආරංචි අනුව ලබන 26 වන දින ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය. එය හුදෙක් රනිල් වික්‍රමසිංහ විසින් කරන දේශපාලන ප්‍රකාශයක් නොව, අප ණය ලබාගෙන ඇති අන්තර්ජාතික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු ඔවුන් විසින් සිදු කරන ප්‍රකාශයකි.

    බංකොලොත් භාවය නොහොත් බුන්වත් බව ප්‍රකාශ කිරීම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා විට ඔබට ඉගෙන ගන්නා දෙයක් වේ. ලංකාවේ පුරවැසියකුට තමන් මූල්‍ය ආයතන වලින් ලබාගත් ණයක් තවදුරටත් ගෙවාගෙන යාමට නොහැකි නම්, ඔහුට එරෙහිව එම මූල්‍ය ආයතන නඩු පැවරූ විට, අධිකරණය ඉදිරියේ තම බුන්වත් භාවය ප්‍රකාශ කර සිටිය හැක. එලෙස නිල වශයෙන් තම බුන්වත් බව ප්‍රකාශ කල පුද්ගලයෙකුට ඔහුගේ නමින් තවදුරටත් කිසිදු වත්කමක් තිබිය නොහැකි අතර, ඔහුට තවදුරටත් කිසිදු මූල්‍ය සමාගමක් සමඟ ගනුදෙනු කළ නොහැක.

    ශ්‍රී ලංකාව විසින් ලබාගත් ණය තවදුරටත් ගෙවාගෙන යාමට නොහැකි වූ පසු, 2022 දී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස බුන්වත් බව නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී. ඒ සමගම ලංකාවට අන්තර්ජාතික මූල්‍ය සමාගම් වෙත පිවිස ණය ලබාගැනීමේ හැකියාව අහිමිවී ගිය අතර ආනයනික භාණ්ඩ සඳහා ගෙවිය යුතු ඩොලර් නොමැති වීමෙන් රට පුරා පෝලිම් යුගයක් ඇතිවිය.

    මේ තත්වයෙන් රට මුදා ගැනීමේ පළමු පියවර ලෙස රජය IMF ආයතනය සමඟ ඇති කරගත් එකඟතාවන් අනුව සිදු කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ මුලින්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ලදී. වඩාත්ම දුෂ්කර කාර්ය වූ අන්තර්ජාතික ණය ප්‍රතිව්‍යුහගත කිරමේ සාකච්ඡා අවුරුද්දකට වැඩි කාලයක් ඇදී ගිය අතර, 26 වෙනිදා එහි අවසාන ගිවිසුමට අත්සන් කරනු ලබයි.

    එම සමගම ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහන කාලයක් ලැබෙනු ඇති අතර යම්කිසි ප්‍රමාණයකින් ලංකාව ලබාගෙන ඇති අන්තර්ජාතික ණය කපා හැරීමක්ද සිදුවනු ඇත.

    වඩාත්ම වැදගත් කාරණය වනුයේ, ලංකාව නිල වශයෙන් තවදුරටත් බංකොලොත් රටක් නොවන බව ප්‍රකාශ කිරීමත් සමග, ලංකාවට නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපල වෙත පිවිසිය හැකි අතර, නැවත ණය ලබාගැනීමේ හැකියාවද ලැබෙනු ඇත.

    බදු අඩුකර රාජ්‍ය ආදායම අඩුකර ගැනීම, ණය අරගෙන සහනාධාර දීම වැනි අමනෝඥ ක්‍රියා නොකර, මේ තත්වය දිගටම පවත්වාගැනීම ඉදිරියට පත්වෙන රජයන්වල වගකීමකි.
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,200
    658
    113
    වලස්ගුහාව.
    කොහොම උනත් මගේ හිතේ තිබ්බ මාලිමාව ගැන ගැම්ම අඩු උනා. ඕකුන් කතා කරන්න දන්නේ නැ. හඳුන්නෙත්ති දැක්කමත් බකස් ගාල හිනා යන තත්වෙක මන් දැන් ඉන්නේ. වැරදි දේවල් කියල පස්සේ සමව ගන්නවට වඩා නොදන්නා රෙද්දවල් නොකිය ඉන්නේපයි. මාලිමාවට දැන් ඇවිත් තියෙන්නේ කලින් ගොටබයට හැදුන රැල්ල.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,127
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකාව විසින් ලබාගත් ණය තවදුරටත් ගෙවාගෙන යාමට නොහැකි වූ පසු, 2022 දී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස බුන්වත් බව නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී
    කවුද හුට්ටෝ මේක නිලවශයෙන් කිව්වෙ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොහොම උනත් මගේ හිතේ තිබ්බ මාලිමාව ගැන ගැම්ම අඩු උනා. ඕකුන් කතා කරන්න දන්නේ නැ. හඳුන්නෙත්ති දැක්කමත් බකස් ගාල හිනා යන තත්වෙක මන් දැන් ඉන්නේ. වැරදි දේවල් කියල පස්සේ සමව ගන්නවට වඩා නොදන්නා රෙද්දවල් නොකිය ඉන්නේපයි. මාලිමාවට දැන් ඇවිත් තියෙන්නේ කලින් ගොටබයට හැදුන රැල්ල.

    ඉතින් ඔයාගේ හිත ඌයියා වෙලා ඔය දැන් සජිත්ට හරි රනිල්ට හරි දෙනවද? :lol:

    පව් හලෝ ඔයා..:( :(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    IMF Summary report - Dated June 13, 2024

    Reform efforts are bearing fruit with the economy starting to recover, inflation remaining low, revenue collection improving, and reserves continuing to accumulate. Performance under the program, the design of which benefitted from the 2021 Article IV recommendations, has been strong. Nevertheless, the economy is still vulnerable and the path to debt sustainability remains knife-edge. Sri Lanka faces considerable uncertainties associated with the upcoming presidential elections and ongoing debt restructuring. Sustaining the reform momentum is critical to safeguarding the hard-earned gains and ensuring Sri Lanka can emerge from one of its most severe economic crises. :unsure:
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    දේශීය ණය ප්‍රති ව්‍යුහගත කරාද?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මං අහන්නේ එක දෙයයි. දැන් රට බංකොලොත් කරපු උන්ට මොකද කරන්නේ?
     
    • Like
    Reactions: imhotep