3වීල් කිඹුලා

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ පිටා ගැලිම නිසා නිල්වලා ගගේ සිටි දැවැන්ත කිඹුලෙකු මාතර, වෙලේගොඩ ප්‍රදේශයෙන් ගොඩට පැමිණ තිබෙනවා.
    අඩි 18කට ආසන්න ප්‍රමාණයෙන් යුතු මෙම කිඹුලා දැනට සොයාගත් දැවැත්ත කිඹුලා බවට වනජීවි නිළධාරින් සඳහාන් කරනවා.
    අද (07) අලුයම ගොඩට පැමිණ ඇති මෙම කිඹුලා ගම්වාසින්ගේ දැඩි කැපවීම හා වනජීවි නිළධාරින්ගේ උත්සහාය මත නැවත නිල්වලා ගඟට මුදා හැරිමට හැකි වී තිබෙනවා.
    මෙම කිඹුලාගේ පාද තුනක් පිහිටා ඇති අතර උපතින්ම මේ තත්ත්වය ඇති වී තිබෙන බවටයි හඳුනාගෙන ඇත්තේ.
    මාතර පොලිසියේ නිළධාරින්, මිරිස්ස වනජීවි නිළධාරින් සහ කලමැටිය වනජීවි නිළධාරින් පැමිණ මෙම කිඹුලා නිරුපද්‍රිතව නිල්වලා ගඟය මුදා හැරිමට කටයුතු කළා.


    image-www.nethnews.lk00001-6.jpg



    image-www.nethnews.lk00002-6.jpg



    image-www.nethnews.lk00003-5.jpg


    http://nethnews.lk/article/24785
     
    • Like
    Reactions: kasun757

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මො නිල්වලා ගග පැත්තෙවත් යන්ඩ හොද නැ.:shocked:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලංකාවේ වැඩිම කිබුල් ගහන ගණත්වය ඇති ගග :lol::lol:

    දැන් අවුරුදු 3,4 කට කලින් ගංවතුර වෙලාවක කද්දුව පාරට වතුර දාලා තිබ්බා. අපි පාරෙ දනක් බැහැගෙන යද්දි මචන් අඩියක විතර කිඹුල් පැටියෙක් ආවා ඉස්සරහට. අපි ඌ අල්ලන්න හදනකොට එකෙක් පෙන්නුවා ගඟ පැත්තෙ මහ එකා ඉන්නවා බලාගෙන. මේකා සයිස්ම වගේ ඇති. අපි පණ කඩන් දිව්වා ගොඩට :growl::growl: :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලපන් මුගේ සයිස් එක.
    බුදු අම්මෝ.
    වල්ගෙ බලහල්ලකෝ.. අඩො මිනිහෙක් එක කටට කාවි.
    මාතර ගගේ ඉන්නා කිඹුලි
     

    waligamaya

    Well-known member
  • දැන් අවුරුදු 3,4 කට කලින් ගංවතුර වෙලාවක කද්දුව පාරට වතුර දාලා තිබ්බා. අපි පාරෙ දනක් බැහැගෙන යද්දි මචන් අඩියක විතර කිඹුල් පැටියෙක් ආවා ඉස්සරහට. අපි ඌ අල්ලන්න හදනකොට එකෙක් පෙන්නුවා ගඟ පැත්තෙ මහ එකා ඉන්නවා බලාගෙන. මේකා සයිස්ම වගේ ඇති. අපි පණ කඩන් දිව්වා ගොඩට :growl::growl: :yes:

    :rofl::rofl:

    මමත් පොඩිම කාලේ හිටියේ කද්දුව 1-5 වෙනකන්:D