ජනතා විමුක්ති පෙරමුණ බිහිවෙන්නේ රෝහණ විජේවීර කොමියුනිස්ට් පක්ෂය එක්ක මතවාදීමය ගැටළුවක් හදාගෙන එයින් වෙන්වීම එක්ක. 71 දි රජයට විරුද්ධව කරපු සන්නද්ධ කැරැල්ලෙන් සහ 88-89 කාලයේ නැවත මතුවන කැරැල්ලෙන් 60,000 කට වැඩි ජීවිත අහිමිවීම, රෝහණ විජේවීර,ගමනායක වැනි පක්ෂයේ ප්‍රබලයන් රජය විසින් ඝාතනය කිරීම එක්ක ජ.වි.පෙ 1991-92 කාලය වෙනකල් නැවතත් නැගී සිටින්නේ නෑ.
ඒත් 1993 දි නැවතත් ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එන ජ.වි.පෙ තමන්ගේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන 1994 දි හම්බන්තොටින් ජයග්‍රහණය කරනවා. ඒ ගමන 2001 මහ මැතිවරණයේදී මන්ත්‍රීධූර 16ක් වැනි ප්‍රමාණයක් ලබාගෙන ලංකාවේ ප්‍රබල තුන්වෙනි බලවේගය බවට පත්වෙන්නේ ආසන්න වශයෙන් 10%ක ප්‍රතිශතයක් පවත්වාගෙන. ඒත් 2004 දි සෝමවංශ අමරසිංහ ඇතුළු පක්ෂයේ ඉහළ ක්‍රියාධරයන් පක්ෂයේ පිරිසකගේ අකමැත්ත මැද එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එකතුවෙන තරඟ කරලා මන්ත්‍රීධූර 42ක් දිනාගන්නවා, පස්සේ 2005දි එම රජයෙන් ඉවත්වුනත් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණයට උදව් කරනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ගමනේ හැරවුම් ලක්ෂය එතනයි. එතනින් පස්සේ පක්ෂයට උදාවෙන්නේ එතරම් හොඳ කාලයක් නෙවෙයි. පක්ෂයේ ප්රබලතම චරිතයක් වුණු නන්දන ගුණතිලක, ප්රචාරක ලේකම් විමල් වීරවංශ, ත්‍රිකුණාමලය මන්ත්‍රී ජයන්ත වීරසේකර ඇතුළු විශාල පිරිසක් පක්ෂයෙන් ඉවත්වෙලා මහින්ද රාජපක්ෂ සමග එකතුවීම හෝ පක්ෂයෙන් බැහැරව සිටීම සිදුවෙනවා. 2010 වෙද්දි මේ තත්වය තවත් බැරෑරුම් වෙමින් පක්ෂයේ බිම්මට්ටමේ ක්‍රියාධරයන් විශාල පිරිසක් එක්ක කුමාර් ගුණරත්නම්, ඕපාත, පුබුදු ජයගොඩ ඇතුළු පිරිස ජන අරගල ව්‍යාපාරය හදාගෙන එළියට බහිනවා.
අනුර කුමාර දිසානායක ජ.වි.පෙ නායකත්වය ගත්ත දවසේ ඉඳන් අද දක්වා මැතිවරණයක් මැතිවරණයක් පාසා ජ.වි.පෙ ඡන්ද පදනම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර ගණන අඩුවුණා මිස දශමයක් වැඩිවී නෑ. ඒ වගේම පක්ෂයේ තිබුණු හර ලකුණු මනාප පොරයෙන් බැහැරවීම, මුදල් සම්බන්ධ විනය වගේ බොහෝ දේ පක්ෂයෙන් ගිලිහිලා අද වෙද්දි ඉතිරිවෙලා තියෙන්නේ ජාතික ජනබලවේගය කියා නිර්මාණය කරගත් සුළු ධනේෂ්වර සන්ධානයක් ඇතුලේ ඉන්න ජ.වි.පෙ බෝඩ් ලෑල්ලක් විතරයි. එහෙම එකකින් ආණ්ඩුවකට හරි පෙනී ඉන්න ජනතාවකට හරි මොනවා නම් කරන්නද?