3 වසරට නෙමෙයි... විශ්ව විද්‍යාලයට..

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    3 වසරට නෙමෙයි... විශ්ව විද්‍යාලයට..

    ඔන්න හැමදාම වගේ ජෝක් කතා ටිකක් හොයාගෙන ආවා! හොඳයිද කියලා බලහල්ලකෝ.......



    එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

    විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
    ... පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
    විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
    පොඩ්ඩා : හරි, මම කැමතියි.
    විදුහල්පති : 3x3 කීයද?
    පොඩ්ඩා : 9
    විදුහල්පති : 6x6 කීයද?
    පොඩ්ඩා : 36
    විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.
    ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
    විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
    ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
    පොඩ්ඩා : කකුල්
    ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
    පොඩ්ඩා : සාක්කු
    ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
    විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
    පොඩ්ඩා : අතට අත දීම.
    ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
    පොඩ්ඩා : සූදානම්
    ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
    පොඩ්ඩා : කසාද මුද්ද
    ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
    පොඩ්ඩා : නහය
    ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
    පොඩ්ඩා : Firework
    ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
    පොඩ්ඩා : Fork
    ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
    පොඩ්ඩා : වාසගම
    ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
    පොඩ්ඩා : හදවත
    ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
    විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 3 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා."


    =====================================================

    ජොනී කියන්නේ අවුරුදු 7ක 8ක පොඩි කොලු ගැටයෙක්. දවසක් මෙයා ගෙදර ලග පිට්ටනියට වෙලා සෙල්ලම් කර කර ඉන්නකොට දැක්කා මෙයාගේ තාත්තා අල්ලපු ගෙදර ජෙනී නැන්දාවත් දාගෙන කාර් එකේ ලග තියන කැලේ ඇතුලට යනවා. තාත්තට ජෙනී නැන්දා එක්ක කැලේ ඇතුලේ කරන්න තියෙන්නේ මොකද්ද කියලා බලන්න හිතපු ජොනී හිමීට හිමීට කැලේ පැත්තට ගියා.

    ගිහින් එබිලා බලනකොට තාත්තයි ජෙනී නැන්දයි කිස් කරනවා,තව ටික වෙලාවක් යනකොට ඇදු...ම් එහෙම අයින් කරල වෙන වැඩකට ලෑස්ති වෙන බව තේරුන නිසා කොල්ලා කෑ ගහගෙන ගෙදර. දුවගෙන ගියා කේලම කියන්න

    "අම්මේ අම්මේ... තාත්තයි ජෙනී නැන් දයි කාර් එකේ කැලේ ඇතුලට ගිහින්..."

    අම්මා මෙහෙම කිව්වා
    "පුතා කෑ ගහන්න එපා...හෙමීට කියන්නකෝ මොකද උනේ කියලා"

    කොල්ලා ආපහු පටන් ගත්තා
    "මම පිට්ටනියේ සෙල්ලම් කරනකොට තාත්තා ජෙනී නැන්දා එක්ක කාර් එකේ නැගලා කැලේ ඇතුලට යනවා දැක්කා...මමත් හෙමීට පස්සෙන් ගිහින් බැලුවා...
    බලනකොට තාත්තයි ජෙනී නැන්දයි කිස් කරනවා...
    ඊට පස්සේ ඒ දෙන්නා ඇදුම් ගැලෙව්වා...ඊට පස්සේ..."

    මේ වෙලාවේ අම්මා ජොනීව නැවැත්තුවා
    "පුතා නියම කතාවක්...ඔයා ඔය කතාවේ ඉතිරි ටික රෑ කෑම මේසෙදී තාත්තාත් ඉන්න තැනදිම කියන්න... ඔය කතාව කියනකොට තාත්තාගේ මූණ බලා ගන්න මට ආසයි."

    දැන් ඔන්න රෑ කෑම මේසේ අම්මයි තාත්තයි පුතයි වාඩි වෙලා ඉන්නවා...
    තාත්තා කිසිම දෙයක් වුනේ නැති ගානට ඉන්නවා... අම්මා කිසිම දෙයක් දන්නේ නැති ගානට ඉන්නවා. ටික වෙලාවකින් අම්මා ජොනීට කිව්වා කතාව කියන්න කියලා
    ඉතින් කොල්ලා ආයෙත් කතාව කියනවා,

    "මම අද හවස පිට්ටනියේ සෙල්ලම් කරනකොට තාත්තා ජෙනී නැන්දා එක්ක කාර් එකේ නැගලා කැලේ ඇතුලට යනවා දැක්කා...මමත් හෙමීට හොරෙන් පස්සෙන් ගිහින් බැලුවා...
    බලනකොට තාත්තයි ජෙනී නැන්දයි කිස් කරනවා...
    ඊට පස්සේ ඒ දෙන්නා ඇදුම් ගැලෙව්වා...
    ඊට පස්සේ තාත්තයි ජෙනී නැන්දයි ඉස්සර තාත්තා ගෙදර නැති දවස් වල මයිකල් අංකලුයි අම්මයි කරන දේ කලා"


    =======================================================

    "දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.

    පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....”


    කතා ටික හොඳයි නම් කමෙන්ට් එකකුත් දාලා රෙපුත් දීලා යන්න හො‍ඳේ.. ෆේස් බුකියෙන් අහුලා ගන්නා ලදි....
     
    • Like
    Reactions: King GBN