දැන් ත්‍රීවිල් කිලෝමීටරේකට කීයක් අයකරනවද කියල දන්න කෙනෙන් ඉන්නවද... කිලෝමීටරේක හයර් එකකට 150ක්වත් ගන්නව ඇතිනෙ...
දවසකට ලීටරයක් උපරිම ලීටර් එකහමාරක් විතර වැටෙන විදිහට කෝට එක හදල දුන්නනං සාධාරණයි...
ත්‍රීවීල් වල පෙට්‍රල් ලීටරේකින් කි.මී 25ත් 30ත් අතර දුවන්න පුලුවන්...
කි.මී 30ක හයර් දුවල දවසට රු 2500කට, 3000කට වඩා හොයන්න පුලුවන්නෙ කොහොමත්.... ඒ ඇතිනෙ ඉතිං හොඳටම...
දැන් තියෙන කෝට එකත් ඇති කියන එක තමයි මගෙනං අදහස....
මාසෙකට හැට හැත්තැ දාහක් පඩි ගන්න මනුස්සයෙක්, ඒ තැනට එන්න කොච්චර ඉගෙනගෙන, වෘතිය සුදුසුකම් හදාගෙන කොච්චර ගේමක් දෙන්න ඕනෙද... ඒ පඩියෙනුත් රස්සාවට යන්න ප්‍රවාහන වියදම විදිහට කොච්චර මුදල් ප්‍රමාණයක් යට කරනවද...
ඉතිං ත්‍රීවීල් හයර් කරල ඒ වගේ ගාණක් මාසෙට හොයනව කියන්නෙ ඇති හොඳටම.. තවත් මොනවද මුන් ඉල්ලන්නෙ...
මම එකග නෑ ඔය තියරි සෙට් එකටම
1) මිල පාලනයක් නෑ. ත්‍රී වීල් විතරක් නෙමේ කිසිම දෙයක නෑ. සිමෙන්ති 50kg එකක් 750 තිබ්බ එකක් 3200. ඩොලර් එක 200 ඉදන් 365. දෙගුණයකි කිව්වත් සිමෙන්ති වලට උපරිම ගලපන්න පුළුං 1500-1700 විතරයි. පරිප්පු උනත් එහෙමයි. ලෝක වෙළද පොලේ පරිප්පු කිලෝව USD මිල වෙනස් වෙලා නෑ නේ 540%-600%
2) දවසට කිලෝමීටර් 100 -150ක් දුවනවා ත්‍රී වීල් එකක්. ඉස්සර.
3) කිලෝමීටර් එකක් දිව්වම අපහු කිලෝමීටර් එකක් නිකන් එන්න වෙන වේලාවන් 50% වැඩි තියනවා. උබෙර් / පික් මී නැති නම්,
4) වෙනදා කිලෝ මීටරේට මිල කියන්නේ 1 ට 3 කියන අනුපාතෙට (සම්මත යක්. නීතියක් නෙමේ) පෙට්‍රල් මිල අනුව.
5) මිනිසුන්ගේ අධ්‍යාපන් මට්ටමට වැඩි වෙන්න ඕනා ඉපයුම.ඒ වගේම මුලික වියදම් සදහා මිලක් යනවා. ඒ නිසා අවමයක් තියෙන්න ඕනා. හාල් කිලෝව කව්රු ගත්තත් අඩුම 200 ඉදන් ඉහලට...
6) ඔය මොකක් උනත් අයතා වෙළදපොලක් / කළු කඩ හැදිල්ල පාලනේ වෙන්නම ඕනා එකක්.