30000ක_දඩයකටත් සූදානමක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    30000ක_දඩයකටත් සූදානමක්

    රුපියල් 30000ක දඩයකටත් සූදානමක්!


    මෝටර් රථ වාහන වැරදි සම්බන්ධයෙන් වූ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මේ අතර අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති වැරදි වන්නේ වලංගු බලපත‍්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, එවැනි බලපත‍්‍රයක් නොමැති අයෙකු රිය ධාවනය සඳහා සේවයේ යෙදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය, දුම්රිය මාර්ගවලට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම සහ වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනයයි.

    තවත් වැරදි කිහිපයක් සඳහා ද දඩ මුදල් විවිධ ප‍්‍රමාණවලින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා. වමෙන් ඉස්සර කිරීම සහ ජංගම දුරකතන භාවිත කරමින් රිය ධාවනය යන වැරදිවලට රුපියල් 2,000ක දඩයක් නියම කිරීමට එයින් යෝජිතයි. නොසැලකිලිමත්ව රිය ධාවනය සඳහා දඩය රුපියල 10,000 දක්වා වැඩි කිරීමට ද, නියමිත වයසට අඩු තැනැත්තන් රිය පැදවීම සඳහා අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කිරීමට ද යෝජිතව තිබෙනවා.

    මීට අමතරව අදාළ දඬුවම පනතේ ප‍්‍රකාශිතව දක්වා නොමැති වැරදි සඳහා අවම දඩය රුපියල් 2,500 දක්වා වැඩි කිරීමට ද යෝජිතයි.




    df9ac61f1ea38ff785d4287e81b7f4a423155f6b.png