3D තාක්ෂණය

Chami_1991

Member
Aug 14, 2015
38
26
0
ලංකාවේ

3D තාක්ෂණය ප්‍රධාන වශයෙන් කොටස් 4 කට බෙදන්න පුලුවන්


ඒව තමා

1.රතු/නිල් කණ්ණාඩි (Anaglyph)
2.ධ්‍රැවීය ත්‍රිමාණ කණ්ණාඩි (Polarized)
3.අසම්පාත බාධක ක්‍රමය (Parallax)
4.සක්‍රීය ද්වාර කණ්ණාඩි (Active Shutter)

දැන් බලමු මෙව වැඩ කරන්නෙ කොහොමද කියල

1.රතු/නිල් කණ්ණාඩි (Anaglyph)
මෙහිදී ඇස් දෙක සඳහා වෙන වෙනම රූපාවලී දෙකක් ප්‍රක්ශේපණය කරනු ලබයි.
මෙම වෙනස් රූපාවලි දෙකෙහි දෘෂ්ඨිකෝණය එකිනෙකට මදක් වෙනස් වන ලෙස සැකසී තිබේ.
ඇසෙහි පළඳින වර්ණ දෙකෙහි විශේෂ කණ්ණාඩිය මගින් එක් එක් ඇස සඳහා වර්ණ පෙරීමකට ලක්කරන අතර මේ විශේෂ උපාය නිසා එක් එක් ඇස වෙත ලැබෙන රූප රාමු තරමක් වෙනස් වේ

ඇසෙහි පළඳින වර්ණ දෙකේ කණ්ණාඩිය වර්ණ පෙරීමකට ලක් කරයි. ඔබේ මොළයෙහි දෘෂ්‍ය බාහිකය විසින් ඇස් දෙකෙන් එවන ලද දර්ශණය ඒකාබද්ධ කර එක් දසුනක් සකස් කරන අතර ඔබේ මොළය විසින් එම දසුන ත්‍රිමාන දර්ශණයක් ලෙස හඳුනාගනු ලබයි.

2.ධ්‍රැවීය ත්‍රිමාණ කණ්ණාඩි
පෙර දැක්වූ ආකාරයෙන්ම රූපාවලී දෙකක් සම-මුහුර්තීය ආකාරයට එකම තිරයකට ප්‍රක්ෂේපනය කරනු ලබයි.
…මෙම රූපාවලී දෙක සඳහා වන දෘෂ්ටිකෝණ හා ධ්‍රැවීයකරණය වෙනස් ආකරයට සැක්සී තිබේ.

ඩ්‍රැවීය ත්‍රිමණ කණ්ණාඩි මගින් ඉහත රූපවලී දෙකෙන් එකක් පමණක් පෙරා එක් ඇසකට ලබාදීම සිදුකරයි. (පහත රූපයෙන් ඒ බව වෙයි.)
පෙර පරිදිම ඔබේ මොළයෙ දෘෂ්‍ය කොටස මගින් මෙම රූපරාමු දෙක එක්කොට සකසා ත්‍රිමාණ දසුනක් පෙන්වයි.
3.අසම්පාතක බාධක ක්‍රමය
වෙනත් දෘෂ්ටිකෝණ සහිත රූපාවලී දෙකක් අතුරු වියු (interlaced) ආකාරයට එකම මොහොතකදී තිරයක් මතට ගැනේ.
අසම්පාතක බාධකය ලෙස හඳුන්වන සූක්ෂම දික් සිදුරු ආකාරයේ විශේෂ ෆිල්ටර් උපක්‍රමයක් මගින් එක් එක් ඇස සඳහා වෙනස් දෘෂ්‍ය කෝණ සහිත pixel පමණක් පෙනෙන්නට සලස්වයි.
විශාල කර බැලීම සඳහා පින්තූරය උඩ click කරන්න මෙහි විශේෂත්වය වනුයෙ මේ සඳහා විශේෂ කණ්ණාඩි පැලඳීමේ අවශ්‍යතාවක් නොමැති වීමයි.

4.සක්‍රීය ද්වාර කණ්ණාඩි
වෙනස් දෘෂ්ටි කෝණ සහිත රූපාවලි දෙකක් එකකට පසු එකක් ලෙසින් තිරය මත දර්ශණය වේ.

…කණ්ණාඩිය වෙත එවනු ලබන සංඥා මගින් එක් එක් රූපරාමුව දර්ශණය වන විට ඊට ප්‍රතිවිරුද්ධ ඇසෙහි කාචය අඳුරුකර දර්ශණය අවහිර කරයි.
තප්පරයක් තුල බොහෝ වාර ගණනක් මාරුවෙන් මාරුවට ඉහත අන්දමින් දෘෂිටිකෝණ වෙනස් වන මුත් මොළය විසින් එය අඛණ්ඩ එක් රූපාවලියක් ලෙස හඳුනාගෙන ත්‍රිමාණ දසුනක් ලෙස පෙන්වයි.
(පහත රූපය තුලින් එය පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්)
 

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    උඹේ ලිපිය හොඳයි සහෝ... හැබැයි සමහර සිංහල වචන මෙලෝ ව්දිහකට තේරෙන්නේ නෑ බං... උඹට වරදක් කියනවා නෙවේ...
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    images
    9k=
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සුපිරි මචන් :)
    අපි මූවියක් බලනකොට මොන වර්ගයේ කණ්නාඩි වලින්ද උපරිම හොදට 3D පේන්නේ?

    Passive 3D මචන් හොද
    LG වල තියෙන්නේ Passive 3D
    කණ්ණාඩියට බැටරි ඕන නෑ
    නිකන් දාගෙන ඉන්න තියෙන්නේ
    TV එකේ refresh Rate එක අඩු උනත් වලට අවුලක් නෑ හොදට පේනවා
    ඇස් රිදෙන්නේ නෑ

    Active 3D TV වල කලු frame එකක් එන නිසා එකක් අතරට
    අඩු refresh rate එකක් තියෙන TV එකකින් බැලුවොත් කලු පාට frame එක පේනවා
    ඒ නිසා ඇස් දෙකටත් අමාරුයි
    අනික කණ්ණාඩි Charge කරන්නත් ඕන නැත්තම් plug කරන්න ඕන
    ගානත් වැඩියි

    LG එකක් අපේ ගෙදර නම් තියෙන්නේ
    ලගදි ගත්තේ පට්ට විදියට 3D තියෙනවා