ඔබ මේ දිනවල පුවත්පත්වල සහ රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වෙන 3D දර්ශන සහිත රූපවාහිනී ප්‍රවර්ධනය කරන විශාල දැන්වීම් දැක ඇත. මෙම 3D දර්ශන සහිත රූපවාහිනී නැරඹීම සඳහා අනිවාර්යයෙන් ඒ සඳහා සකස් කරන ලද කණ්ණාඩි භාවිත කළ යුතුවේ. එම කණ්ණාඩියෙන් සිදු කරන්නේ රූපවාහිනී තලයේ දිස්වන ද්විමාන රූප (දිග පළල සහිත) ත්‍රිමාන රූප බවට (දිග පළල ගැඹුර සහිත) පත් කිරීම මොළය ලවා සිදුකිරීමයි.
අප සාමාන්‍යයෙන් වස්තුවක් දෙස බැලූවිට එය අපගේ ඇස් දෙකෙන් සම්බන්ධීකරණය කර එක රූපයක් ලෙස මොළය වෙත යොමුකරයි. එය ස්වභාවිකවම ත්‍රිමාන රූපයක් ත්‍රිමාන ලෙසද, ද්විමාන නම් ද්විමාන ආකාරයටද මොළය තේරුම් ගනී. එහෙත් 3D දර්ශන සහිත ඔඪ එකේ ඇති ද්විමාන රූප මෙම විශේෂිත කණ්ණාඩි මගින් මොළය වෙත ත්රිමානසේ පෙනෙන ලෙස යොමු කිරීම සිදු කරයි. කෙටියෙන් කිවහොත් නැති දෙයක් ඇති කර පෙන්වීමකි.
මෙම 3D දර්ශන නැරඹීම සඳහා අනිවාර්යයෙන් ඇස් දෙකේම පෙනීම තිබිය යුතුය. එක් ඇසක් නොපෙනෙන පුද්ගලයන්ට සහ එක් ඇසක ආබාධයක් ඇති අයකුට මෙම 3D දර්ශන සහිත ඔඪ බැලීම සිදු කළ නොහැක.
ද්විමාන දර්ශන ත්‍රිමාන දර්ශන ලෙස පෙන්වීම සිදුකරනුයේ ඇස් දෙකෙන් ආලෝක කිරණ ක්‍රම දෙකකට මොළයට යොමු කිරීමෙනි. එය එක් ඇසක අඩු වේගයකින් හෝ අඩු තීව්රතාවකින් දර්ශන වලින් එන ආලෝක මොළය වෙත යොමු කිරීම සිදුකරයි.
බ්‍රිතාන්‍යයේ කරන ලද සමීක්ෂණයකට අනුව එහි 3D දර්ශන සහිත ඔඪ මගින් චිත්‍රපට බැලීමට නොහැකි පුද්ගලයන් 12% පමණ සිටී. එහෙත් ඔවුන්ගේ එක් ඇසක ඇති ආබාධය සුව කිරීමෙන් ඔවුන්ද 3D දර්ශන බැලීමට හැකි පුද්ගලයන් බවට පත් කළ හැක.
මෙම තාක්ෂණය ක්‍රමයෙන් දියුණු වන නිසා විශේෂිත කණ්ණාඩි නොමැතිව 3D දර්ශන බැලිය හැකි ඔඪ නිෂ්පාදනය කළ හැක. දකුණු ඇස සහ වම් ඇස එකම රූපයකට එකවර යොමු කළ නොහැකි පුද්ගලයන්ට 3D දර්ශන බැලීමට අපහසු වේ. එක් ඇසක් අන්ධ පුද්ගලයන්ට හෝ එක් ඇසක පෙනීම දුර්වල අයටද 3D දර්ශන සහිත ඔඪ බැලිය නොහැක.
මෙම 3D දර්ශන සහිත රූපවාහිනී බැලීම ඇස්වලට සෘජුවම හානි වන බව අනාවරණය වී නොමැත. එහෙත් මේවා නැරඹීමේදී පහත සඳහන් ලක්ෂණ මතුවිය හැක.
අසමමතික පෙනීම හෝ පෙනීම වෙනස්වීම, හිසරදය, කරකැවිල්ල, ඇසේ. මාංශපේශිවල ස්වෙච්ඡා චලනය, මානසික ව්‍යාකූලතාව, ඔක්කාරය, අමතකවීම, අපස්මාරය, මාංශපේශී වේදනාව, පරිසරය පිළිබඳව අනවබෝධය
3D දර්ශන බැලීමේදී මෙම ලක්ෂණ ඔබට හෝ ඔබගේ ළමයින්ට ඇති වන්නේ නම් ඒවා නැරඹීම වහාම නතර කළ යුතුය. ඉන්පසු අක්ෂි වෛද්‍යවරයකු හමුවී ඔවුන්ගේ උපදෙස් ලබාගෙන ඔබගේ එක් ඇසක හෝ ඇස් දෙකේ ආබාධ ඇත්නම් ඒවා නිවැරැදි කළ යුතුය. නිවැරැදි කළ පසුත් එසේ සිදුවන්නේ නම් 3D දර්ශන සහිත ඔඪ බැලීම නතර කිරීමට සිදුවිය හැක. එම නිසා 3D දර්ශන සහිත ඔඪ මිලදී ගැනීමට පෙර තමන්ට සහ පවුලේ අයට 3D ඔඪ නැරඹීමේ හැකියාව ඇතිදැයි පරීක්ෂා කර බැලීම වැදගත්ය.
රෝගී අවස්ථාවේදී සහ මත්ද්‍රව්‍ය ගෙන සිටින අවස්ථා වලදී 3D දර්ශන සහිත ඔඪ බැලීමෙන් වැළකී සිටිය යුතුය. නැතහොත් ඔබගේ පෙනීමට බාධා ඇතිවිය හැක. මෙම 3D සහිත ඔඪ බැලීමේදී එහි උස මෙන් 3 ගුණයක් දුරින් සිටීමත් ඔඪ එක ඇස් මට්ටමේ තබා ගැනීමත් සිදු කළ යුතුය.
3D දර්ශන නැරඹීමෙන් පසු ඔබ අවට පරිසරය පිළිබඳව අපහැදිලි තත්ත්වය නිසා තමා සිටින ස්ථානය පිළිබඳව අනවබෝධය නිසා අනතුරු සිදුවිය හැක. මෙම ඔඪ තරප්පු පේලි අසල බාධක අසල, බැල්කනිවල තබා නැරඹීමෙන් වැළකිය යුතුය.
අපහසුවක් නොමැතිව මෙම 3D සහිත ඔඪ නැරඹීමට බිය විය යුතු නැත. සමහරවිට මෙය ඇසට ව්‍යායාමයක් ලෙසද සැලකිය හැකි බව සමහරු අදහස් පළ කළද මේ පිළිබඳව අපගේ සෞඛ්‍යයට ඇති වන බලපෑම පිළිබඳව එම සමාගම් විසින් ජනතාව දැනුවත් කළ යුතුය.
වෛද්‍ය සිසිර ලියනගේ
අධ්යක්ෂ
ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල

එහෙමත් එකක්ද...