
හෝ හෝ යාලුවනේ..

කාලෙකින් හොද නූලක් දාන්න බැරි උනා වැඩත් එක්ක හිරවෙලා උන්නු නිසා....
හැබැයි දැන් පැනගන්න විදිහක් නැතිකමට මහින්ද මාතියා යුද්ධෙ දිනලා බේරගත්ත රටේ ඉන්න ගමන්, ස'කාරයා රට හදන්න ලයිට් කපපු පැය 4 කරන්න වැඩි වැඩක් නැති නිසා
මේ නූල් සීරියස් එක පටන්ගන්න හිතුවා..


පුතේ.. මුද්රණ දෝශ වලට සමාවෙයන් මයෙ පුතේ කියන ගමන් මාතෘකාවට බහිමු..

සරලවම මේ සීරියස් එකේ මං කතාකරන්නේ 3D Industry එක ගැන..

3D කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවා උනාට ඒකේ විවිධ අංශ, ඒවායෙන් තියෙන Job Oppertunities ගැන බහුතරයක් දැනුවත් නැති නිසා ඒ ගැන පොදුවේ මං දන්න දේවල් බෙදාහදාගන්න එක තමා මූලික අරමුණ..

ඒවාගේම
* 3D Art පටන්ගන්න කෙනෙක් කොහොමද ටික ටික ඉගෙනගෙන ඉස්සරහට යන්නේ...
*මොනවද ඉගෙනගන්න ඔිනි softwares & tools,
*මොනවද හොද effective learning resources,
*tutorial හරියට follow කරන්නෙ කොහොමද,
*කොහොමද හොද artwork එකක් කරන්නේ,
*Artwork එකකට research කරන්නේ කොහොමද,
*Games වලට 3D Props, Environments හදන workflow එක මොකක්ද..
වගේ ගොඩක් industry standards වගේම common practices නුත් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා..
මං පුලුවන්තරම් උත්සහ කරනවා බර වචන නැතිව පිළිවෙලට, තේරෙන චීන බසින් මේ නූල් ටික ලියන්න
ඒනිසා 3D ඉගෙනගන්න ආස නැති උනත් ඇත්තටම අපි දකින Games/Movies වල පිටිපස්සේ තියෙන Technologies, Workflows ගැන
කුතුහලයක් තියෙන ඔනිම කෙනෙක්ටත් මේ නූල් සීරියස් එක විවෘතයි..
මං හිතන් ඉන්නෙ දවසට එක එපිය ගානෙ ලියලා දාන්න..
බලමු මොකෝ වෙන්නේ කියලා..

දැන් මේ කිව්ව දේවල් කියලා දෙන්න බොට තියෙන සුදුසුකම් මොනවද ඇහුවොත්?![]()
මමයි 3D ගැනයි කියනවා නම් මට ඉස්සර ඉදන් ගේම් හදන්න උණක් තිබ්බා..7 වසරේ තමා මුලින්ම 3D Application එකක් Open කරේ...
මෙලෝ මගුලක් තේරුන් නෑ... යනතන් කාඩ් දාලා දාලා බාගත්ත යූටියුබ් වීඩියෝ බලල ඒවායෙ විදිහට කරන්න ගියා...ඒත් සෙට් උන් නෑ.. මොකද basics ටික හරියට දැනගන්නත් කලින්න් තඩි ඇනිමේෂන් එකක් හදන්න ගිහින් ඇනගත්තා..

ඊටපස්සෙ අවුරුදු ගානක් යනකන් ආයි ඇල්ලුවේ නෑ...

ඊට පස්සේ මං Coding ඉගෙනගන්න ගමන් පොඩි පොඩි ගේම් හැදුවා..හැබැයි හරි හමන් එක ගේම් එකක්වත් ඒ ගොඩේ තිබ්බේ නෑ මිතුරනි...
ඔය අස්සේ මං Web Development කරන්න ගත්තා..Freelance කරා අවුරුද්දක් විතර..මට පස්සේ boring උනා ඒක..

ඒ ගමන ගිය අවුරුද්දේ තමයි කොරෝනත් එක්ක හරියට Fulltime 3D ඉගෙනගන්න පටන්ගත්තේ...දැන් අවුරුද්දක් ගිහින්..

මං දැන් වැඩකරන්නේ Freelance Game Environment & Prop Artist කෙනෙක් විදිහට..

මටත් සෑහෙන්න තව ඉගෙනගන්න දේවල් තියෙනවා..

ඒනිසයි, දන්න පොඩි දේවල් ටික හරි කාටහරි කවදාහරි මේක ප්රයෝජනවත් වෙයි කියලා මෙහෙම ලියන්න හිතුනෙ...

මේකෙ ඇති මට වඩා ගොඩක් talented artist ලා.. ඉතින් ඒ අය මං කියන දේවල් වල වැරැද්දක් දැක්කොත් ඒවා comment කරන්න හැමෝටම ඉගෙනගන්න පුලුවන් වෙන්න..![]()
%3Ano_upscale()%2Fcdn.vox-cdn.com%2Fuploads%2Fchorus_asset%2Ffile%2F13643597%2F41767278_362455017631913_6735001211866107599_n.jpg&f=1&nofb=1)
***මේ ත්රෙඩ් එක Pilot කියලා දැම්මේ ඉස්සරහට එන සීරියස් එක ගැන පොඩි අදහසක් දෙන්න...ඊලගට දාන නූල් ටිකේ ලින්කු මේ නූලේ දාන්නම් හොයාගන්න ලේසි වෙන්න..![]()
