3D printer-ඊ-මේල් කරන ලද සැළස්මකට අභ්‍යවකාශයේදී ඉස&#

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    3D printer-ඊ-මේල් කරන ලද සැළස්මකට අභ්‍යවකාශයේදී ඉස&#

    දැන් බලනවා ඇති මේ මොන හරුපයක්ද කියලා ඹව් ඹව් ඒහෙම කරලා බලපල්ලා දැන් තාක්ශනේ :dull:


    අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය (3D printer) පෘථිවියෙන් ඊ-මේල් කරන ලද සැළස්මකට අභ්‍යවකාශයේදී ඉස්කුරුප්පු අඬුවක් නිපදවයි!



    made-in-space-ratchet-wrench.jpeg



    අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) මෑතකදී යැවුනු ත්‍රිමාණ ප්‍රින්ටරය, එහි පර්යේෂණ කටයුතුවල පලමු පියවර ලෙස පෘථිවියෙන් ඊ මේල් කරන ලද සැළස්මකට ඉස්කුරුප්පු අඬුවක් මුද්‍රණය කොට ඇති බව වාර්තාවේ. මෙම පරීක්ශණ මාලාව තුම විවිධ සැළසුම් 19කට අයත් වස්තූන් මෙම ප්‍රින්ටරය මගින් මුද්‍රණය කරන අතර ඒවා ලබන වසර මුලදී යලි පෘථිවියට ගෙන එනු ඇත. පෘථිවියේදී විද්‍යාඥයින්, යන්ත්‍රය මගින් අභ්‍යවකාශයේදී මුද්‍රණය කරන ලද වස්තූන්, එය පෘථිවියේ පරීක්ශණවලදී මුද්‍රණය කල එම වස්තූන් වල පෙර ආකෘති සමග සසඳා වෙනස් කම් ඇතිදැයි සොයා බැලෙනු ඇති.


    3d-printer-wrench-wilmore.jpeg


    ව්‍යුහාත්මක හා යාන්ත්‍රික පරීක්ශණ වලට එම වස්තූන් බඳුන් කෙරෙන අතර ඒ අනුව අභ්‍යවකාශයේදී ගගනගාමීන් හට ඇවැසි උපකරණ අභ්‍යවකාශයේ සිටිමින් අවශ්‍ය අවස්ථාවලදී නිර්මාණය කොට හැකිදැයි සොයා බැලේ. අමෙරිකාවේ මාෂල් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙම පරීක්ශණ මෙහෙයවයි. මෙම පරික්ශණවල දායකත්වය නාසා ආයතනය හා අමෙරිකාවේ පෞද්ගලික සමාගමක් වන "Made in Space" සමාගම විසින් දරණු ලබයි. පසුගිය සැප්තැම්බරයේ ISS මධ්‍යස්ථානයට යවනු ලැබූ මෙම ප්‍රින්ටරය නොවැම්බර් 17 සිය ප්‍රථම මුද්‍රණ කටයුත්ත සිදුකලේය.

    මෙවැනි අවශ්‍ය විටකදී ආයුධ හා උපකරණ තනාගැනීමේ හැකියාව අඟහරු ග්‍රහයා වැනි ඈත ග්‍රහයින් වෙත සිදුකෙරෙන දීර්ඝකාලීන අභ්‍යවකාශ ගමන්වලදී ඉතා වැදගත් ලෙස නාසා ආයතනය සලකයි. ISS හි ත්‍රිමාණ ප්‍රින්ටරය මෙම උපකරණය මුද්‍රණය කිරීමට පැය 4ක කාලයක් ගෙන ඇත. ත්‍රිමාණ ප්‍රින්ටර් සිය ත්‍රිමාණ මුද්‍රණ කටයුතු සඳහා අමුද්‍රව්‍ය ලෙස විශේෂිත ප්ලාස්ටික් වර්ගයක් යොදාගනී.

    ත්‍රිමාණ මුද්‍රණය යනු, ඝණවස්තූන්, මෘදුකාංග සැළැස්මකට අනුව නිපදවන යන්ත්‍රයකි. එවැනි යන්ත්‍ර දැනටමත් බොහෝ කටයුතු සඳහා යොදාගනී.මෙහිදී යන්ත්‍රය සැලැස්මට අනුව. විශේෂිත ද්‍රව ප්ලාස්ටික් වර්ගයක් තුනී ස්ථර එකමත එක එලමින් මුද්‍රණ කටයුත්ත සිදුකරයි. වාතයට නිරාවරණය වූ වහාම මෙම ද්‍රව ප්ලාස්ටික් ඝණවේ.මුද්‍රණය සිදුකරන සැලැස්ම නිර්මාණ ශිල්පීන් වැනි පරිගණක නිර්මාණ වැඩසටහනක් ආකාරයෙන් නිර්මාණය කරයි. පසුව එම ගොනුව ප්‍රින්ටරය වෙත යවනු ලබයි.









    උපුටා ගැණිමකි

    Code:
    http://vidya-gaweshana.blogspot.com/...blog-post.html
    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනිත් අයටත් බලන්න ඔනේ මචෝ නියමයි:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මචං 3d පින්ටර් දැන් පට්ට විදිහට ගණන් අඩු වෙලා. අපිට සෙට් කරගන්න කිට් හිටං තියෙනවා. ලංකාවේ මේකක් ගට්ට උන් නැද්ද ලක්ෂයක් දෙනකොට හොඳ එකක් ගන්න පුළුවන් මං හිතන්නේ