ඊයේ සවස ලන්ඩන් නුවර වෙල්ෆාම් ක්‍රීඩා සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය දක්වන සම්මන්ත්‍රණයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලන්ඩන් ශාඛාවේ හිටපු ප්‍රධාන ලේකම් කීර්ති සුමනසිරි මහතා මෙවර ජනාධිපතිවරණයේදි නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට එක් වී ඇත.
මෙහිදී අදහස් දක්වා ඇති සුමනසේකර මහතා පවසා ඇත්තේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලනය පෙරලා දැමීමට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් එක් විය යුතු බවයි.
වසර 48 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය දරන තමා මහින්ද රාජපක්ෂටත් වඩා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු බවත්, මේ ආණ්ඩුව මැතිවරණ පවත්වන පාදඩ ආකාරය දැක කලකිරීමට පත් වූ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මගට ගත යුතු බවත්, ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කළ යුතු බවත්, ඒ සඳහා මාතෘ භූමිය නිදහස් කරගත් සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ජයග්‍රහණය කරවිය යුතු බවත් පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම සඳහා වන ව්‍යාපාරය සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණයට ලන්ඩනයේ ජීවත් වන දේශපාලන පක්ෂ නියෝජිතයන් බහුජන සංවිධාන හා විද්වතුන් රැසක් සහභාගී වී ඇත.
LT