5 Free burning softwares for you.. (හොදම Burning මෘදුකාංග 5ක් නොමිලේ)

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    ඇයි ඕක මෙහෙම දැම්මනම් මක්වෙනවද?



    පරිගණකයකින් CD, DVD නිපදවා ගැනීම සඳහා භාවිතා කරන මෘදුකාංග අතරින් ලංකාවේ ප‍්‍රධාන ස්ථානයක් හිමි වන්නේ Niro මෘදුකාංගය සඳහා. නමුත් එය නොමිලේ ලබා දෙන මෘදුකාංග ගණයට අයත් වීම ප‍්‍රධාන ගැටලූවක්. එමෙන්ම මෙම මෘදුකාංගය භාවිතා කිරීමේදී පරිගණකයේ CPU Usage එක ඉහළ වීම, අවම පහසුකම් සහිත පරිගණක භාවිතා කරන්නන්ට ඇති ප‍්‍රධාන ගැටලූවක්. මෙම ගැටලූවට විසදුමක් ලෙස මේ සඳහා නොමිලේ ලබා ගත හැකි හොදම මෘදුකාංග කිහිපයක් ගැන මෙම ලිපියෙන් අවධානය යොමු කරනවා.

    1. Infra Recorder
    Infra Recorder වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතිය තුල නොමිලේ භාවිතා කළ හැකි CD/DVD burner මෘදුකාංගයක්. පැතිරුණ පහසුකම් සහිත මෙම මෘදුකාංගය පහසුවෙන් හැසිරවිය හැකි සරල අතුරු මුහුණතක් සහිත වීම විශේෂයි. පහත සබැදියෙන් මෙම මෘදුකාංගය නොමිලේ බා ගැනීමට පුලූවන්.
    Download InfraRecorder

    2. ImgBurn
    ඉතා වටිනා මෘදුකාංගයක්. මෙමගින් ඉමේජ් ෆෝමැට් 10ක් පමණ නිපදවා ගැනීමට පුලූවන්. නීරෝ හි පවතින සූක්ෂ්ම පහසුකම් සමහරක් පවා මෙම මෘදුකාංගය ඔස්සේ ඉටු කර ගැනීමේ හැකියාව තියෙනවා.
    Download ImgBurn

    3. CD BurnXP
    CD BurnXP මෘදුකාංගයද නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක්. මෙය මෙම ලිපියේ ඉදිරිපත් කරන වටිනාම මෘදුකාංගය යැයි සැලකීමට පුලූවන්. මෙම මෘදුකාංගය භාවිතයෙන් ඕඩියෝ සීඞී, බ්ලූ රේ ඞීවීඞී, එච් ඞී ඞීවීඞී ආදිය නිපදවා ගැනීමට පුලූවන්. එමෙන්ම අයිසො ඉමේජ් නිපදවීමටද මෙම මෘදුකාංගය හරහා පුලූවන්. ඔබේ පරිගණකයේ DVD Writer එකක් තිබෙනවා නම් අනිවාර්යෙන්ම මෙම මෘදුකාංගය භාවිතා කරන්න. පහත සබැදියෙන් මෙම මෘදුකාංගය ඔනෑම වින්ඩෝව්ස් සංස්කරණයක් සඳහා බා ගැනීමට පුලූවන්.
    Download CD BurnXP

    4. Burn Aware Free
    පහසුකම් රැසක් සහිත ඉතා වටිනා මෘදුකාංගයක් ලෙස හදුන්වන්න පුලූවන්. වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතිය සඳහා සහය දක්වන මෙහි ඇති පහසුකම් කිහිපයක් පහත පින්තූරයෙන් බලාගැනීමට පුලූවන්.

    ඉතා ප‍්‍රයෝජනවත් මෘදුකාංගයක් වන මෙය පහත සබැදියෙන් බා ගැනීමට පුලූවන්. බූට් ඞීවීඞී නිපදවීමට ඉතා පහසු මෘදුකාංගයක් ලෙස හැදින්වීමට පුලූවන්.
    Download Burnware


    5. Freemake Video Converter
    මෙය පහසුකම් බොහෝමයක් සහිත මෘදුකාංගයක්. උපසිරැුසි සහිතව සිනමාපට නිපදවීම සදහා දැනට පවතින හොදම මෘදුකාංගයක්. එමෙන්ම මෙය ජනප‍්‍රිය පරිවර්තකයක් ලෙස හැදිවීමටද පුලූවන්. පහත සබැදියෙන් මෙය බා ගැනීමට පුලූවන්.
    Download Freemak

    Source: http://newswithgadget.blogspot.com/2014/08/5-free-burning-softwares-for-you.html

    තරහ ගන්න එපා හොදේ :D ඔහොම link විතරක් තිබ්බම මමනම් ඒක click කරන්නේවත් නෑ.