6 දා වැඩ වර්ජනයට ඉඩ තියන් නෑමයි - පොහොට්ටු සමිති ජනපති හමුවේ සපථ කරති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අද (03) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පොහොට්ටුවේ වෘත්තිය සමිති නියෝජිතයන් හමුවූයේය.


    06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව කී ඔවුන් පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කරගෙන යන්නක් බව ජනපති හමුවී කියා තිබෙ. තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔවුහු සඳහන් කළහ.
    අපේක්ෂිත වැඩ වර්ජනය, සේවක අයිතීන් වෙනුවෙන් නොව දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාවක් මත සිදු කෙරෙන්නක් බව වෘත්තිය සමිති නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබීය.

    පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම සහ මහජනතාව පීඩාවට පත් කිරීම මෙම වැඩ වර්ජනයේ අපේක්ෂාව බවත් එම නිසා තත්ත්වය නිසි ලෙස තේරුම් ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කිරීම සියලු සේවකයන්ගේ යුතුකම සහ වගකීම බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ සඳහන් කළහ.



    පසුගිය 28 වැනිදා පැවති වැඩ වර්ජනය නොතකා රාජකාරිය ඉටු කළ සේවකයින්ට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා පවතින තත්ත්වය වටහා ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලුම වෘත්තිය සමිති වලින් ඉල්ලා සිටියේය.

    අමාත්‍ය දිලුම් අමුණුගම, මොහාන් ද සිල්වා, කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු සහ ප්‍රවාහන, විදුලිබල, වරාය හා නාවික, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරු හා ආයතන ප්‍රධානිහු සහ වෘත්තිය සමිති නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බලපන්කො ඔකුන්ටික 6වෙනිදා ටත් ගෙනහල්ල තියාගනිල්ලා කෝ .ඔය පොන් XX යෝ ටික මහ පිස්සව තවත් පිස්සු හදන්න හදන්නේ
     
    • Haha
    Reactions: SLK_sri