6 packs එක්ක ripped body

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Ripped body එකක් කියන්නෙ ඇඟ ගැන හිතන හැමෝගෙම හීනෙ...ඒ වෙනුවෙන් මොනවද නොකරන්නෙ...? Supplements ගන්නව, ඉවරයක් නැති weight trainings workouts කරනව...poison free organic food විතරක් කනව බොනව...transformation plans, personal trainers ට ඉවරයක් නැතුව සල්ලි වියදං කරනව...මොන සෙල්ලම දැම්මත් ඉතාම අඩු පිරිසකට තමයි 8 packs වගේ ගෞරවනීය තත්වයකට යන්න පුලුවං වෙන්නෙ...(කොහොම උනත් මේ වෙද්දි ලෝකෙ තියෙන ප්‍රධානම වෙලඳපොලක් තමයි fitness industry එක....)

    නමුත් මේ පින්තූරෙ ඉන්න අර කියපු පහසුකම් තියා වේල් දෙකත් අමාරැවෙන් ගොඩදාන මනුස්සයට 8 packs එක්ක ripped body එකක් ඇවිත්...!!!!

    මොකද්ද හේතුව...?

    ලොකු සීන් නෑ...අපි හැමෝම අපිට අවශ්‍ය ප්‍රමාණය වගේ තුන් හතර ගුනයක් කනව....ඇඟ වෙහෙසන්නෙ නෑ...එතකොට අර වැඩි කෑම සේරම මේද බවට පත්වෙලා ඉනේ බඩේ පිටේ ලස්සනට එල්ලෙනව...අසනීප ටිකත් ගානට සෙට් වෙනව....
    ඉතා අඩු ප්‍රමානයක් කාලා වැඩියෙන් ක්‍රියාකාරී උනාම ලැබෙන දේ තමයි මේ මනුස්සයගෙ ඇඟ...හැමෝම මැරීගෙන try කරන 6 packs මදිවට 8 packs ම තියෙනව අපූරැවට....

    Steve Jobs ලෙඩ ඇඳේදි කියල තියෙනව තමංගෙ රෝගී ශරීරය වෙනුවට වෙන කෙනෙක්ගෙ නිරෝගී ශරීරයක් ගන්න පුලුවන්නං තමංගෙ ඩොලර් බිලියන ගානම උනත් දෙන්න කැමතියි කියල...ආරෝග්‍යා පට්ටම ලාභා කියල තමංටම ඔප්පු වෙනකං ඉන්න එපා....තමංගෙ ලොකුම හතුරා ඉන්නෙ අර කොත ගහල තියෙන බත් එක ඇතුලෙ, පාං ගෙඩියෙ කියලවත් තේරැම් ගන්න බලමු....

    (මේ පින්තූරෙ අරගත්තෙ මගේ friend list එකේ ඉන්න කෙනෙක්ගෙ wall එකෙන්....පින්තූරෙ විතරක් ඒ වෙලාවෙ save කරගෙන පස්සෙ post එක හොයන්න ගියාට වැඩේ හරිගියේ නෑ..ඒ ගැන තරහ ගන්න එපා..
    ඒ පෝස්ට් එකේ තිබුනෙ අනුරාධපුරේ ඈත ගමක ජීවත්වෙන අතිශයින් දිලිඳු මිනිස්සු ගැන...ඒ ප්‍රශ්නය එහෙමම තියෙද්දි මං මේක වෙන විදිහකටත් කියවගත්ත...)


    48425410_10218324967659770_4395689737994633216_n.jpg
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    eth okata solution ekak uba gawath nane.api bank ekak wada karanawanam ubata bane duwanna.marila marila bus wala ellila train wala podi wela awith duwanna yanna ba.wahana dum wadi wadi duwanawa kiyanne thawath wisak.ithin ekata gym ekakata ghn workout karala kama beema control karanna wenawa.wiyadam karanna wenawa.loku talk dunnata owata solution na lankawe.so true gaga inna wenne