64-bit සඳහා පමණක් සහය දක්වන ලොව ප්‍රථම Android දුරකතනය බවට Google Pixel 7 පත් වේ..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    Google සමාගමේ නවතම Flagship Devices ලෙස Google Pixel 7 සහ Google Pixel 7 Pro නිකුත් වු බව ඔබ දන්නවා. Google සමාගමේ Developers වෙබ් අඩවිය විසින් පළ කරන ලද නවතම Blog Post එකකට අනුව ඔවුන් විසින් මේ Google Pixel 7 සහ Pixel 7 Pro Devices දෙක සදහා 64-bit App Support එක ලබා දී තිබෙනවා. එමෙන්ම මේ Pixel 7 Series එක Only 64-bit App සදහා සහාය දක්වනු ලබන ලොව පළමු Android Smart Phone Series එකත් වනවා.

    ඔවුන් දක්වන ආකාරයට මේ Only 64-bit App සහාය ඔස්සේ 32-bit Appවලට වඩා වේගයක්, ආරක්ෂිත බවක් සහ අඩු Memory Usage එකක් ලබා ගැනිමට හැකියාව ලැබෙනවා.

    32-bit Apps වලට වඩා වේගයෙන් දුරකථනය මත ක්‍රියාත්මක වෙන්න 64-bit Apps වලට හැකියාව ලැබෙනවා. ඒ ඔවුන් 64-bit Apps සදහා Extra registers සහ Instructions සදහා Access ලබා දී ඇති බැවින්. එමෙන්ම ඔවුන් දක්වන ආකාරයට නව CPU මගින් 25% දක්වා වු අමතර Performance 64-bit Apps Run වන විට ලබා ගත හැකි වනවා.

    32-bit Apps වලට වඩා වේගයෙන් දුරකථනය මත ක්‍රියාත්මක වෙන්න 64-bit Apps වලට හැකියාව ලැබෙනවා. ඒ ඔවුන් 64-bit Apps සදහා Extra registers සහ Instructions සදහා Access ලබා දී ඇති බැවින්. එමෙන්ම ඔවුන් දක්වන ආකාරයට නව CPU මගින් 25% දක්වා වු අමතර Performance 64-bit Apps Run වන විට ලබා ගත හැකි වනවා.

    මීට අමතරව Extra address space, Security features සහ Address space layout randomization (ASLR) ඔස්සේ වඩාත් හොද ආරක්ෂාවක් Smart Phone එකට ලැබෙනවා.

    එමෙන්ම 32-bit App සදහා සහාය ඉවත් කීරිම තුලින් 32-bit Apps ක්‍රියාත්මක නොවන විට භාවිත වු 150MB පමණ ප්‍රමාණයක් RAM එකෙන් ඉතුරැ කර ගැනිමටත් හැකියාව ලැබෙනවා. ඒ Less jank සහ background app Killing හරහායි.

    ඒ අනුව මේත් සමග Google Pixel 7 සහ Pixel 7 Pro Devices සදහා 32-bit Version Apps භාවිත කිරිමට තිබු හැකියාවත් අහිමි වි යනවා.




    Screenshot_20221103-201813_copy_432x853.png


    https://www.androidauthority.com/pixel-7-64-bit-3226237/
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    Kohomath next gen Port eka **USB C ** WEI

    athtahatama europe union eka gatha honda theeranayak eka