6 වැනි ලෝක කැරම් ශූරතාවලිය මේ මස 31 වැනිදා සිට නොවැම්බර් මස 4 වැනිදා දක්වා කොළඹ ගලදාරී හොටලයේදී පැවැත්වේ.
මේ සඳහා දැනට රටවල් 18 ක් පමණ සහභාගිවන බවට තහවුරු කර ඇත.
ශ්‍රී ලංකාව, ඉන්දියාව ,මාලදිවයින, පාකිස්තානය, ස්විස්ටර්ලන්තය, බංග්ලාදේශය, එංගලන්තය, ඉතාලිය, කොරියාව, මැලේසියාව,
ජපානය, ඇමරිකාව, කැනඩාව, කටාර් රාජ්‍යය, චෙකොස්ලෝවැකියාව, ජර්මනිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය මේ සඳහා සහභාගිවන බවට තහවුරු කර ඇත.
ලෝක කැරම් ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල
අවසන් වරට 2008 වසරේ ප්‍රංශයේ පැවැති 5 වැනි ලෝක කැරම්
ශූරතාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා කී‍්‍රඩා ඉතිහාසයේ ලෝක කැරම් ශූරතාවක් හිමිකර ගත් තෙවැනි
අවස්ථාව ලෙස එය සැලකේ. දකුණු ආසියානු රටවල් කැරම් ක්‍රීඩාවෙන්
මේ වන විට ලොව ඉදිරියෙන්ම සිටියි.
Jaya Wewa!! 
