7 වෙනි කොරෝනා මරණය, මැණික් ව්‍යාපාරිකයා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,267
    1
    101,112
    113
    34
    Kalutara
    7 වෙනි කොරෝනා මරණය, මැණික් ව්‍යාපාරිකයා

    අද පස්වරුවේ ශ්‍රී ලංකාවේ වාර්තාවූ කොරෝනා වෛරස ආසාදිත 7 වන මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එහි සඳහන් වන්නේ මරණයට පත්වූ පුද්ගලයා 44 හැවිරිදි පිරිමි අයෙක් බවත් කොළඹ I.D.H රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත්ය



    ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකයෙක් බවත් මෙම පුද්ගලයා ජර්මනියේ සංචාරයක යෙදී සිට ලංකාවට පැමිණ ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



    සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් වලට අවනත නොවී කටයුතු කළ මෙම පුද්ගලයාට එරෙහිව නඩුවක්ද පවරනු ලැබු බව citizen මීට පෙර වාර්තා කලා .



    ඒ , එම පුද්ගලයාට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කලත් එම උපදෙස් වලට අවනත නොවී විවිධ ස්ථානවල කොරෝනා වෛරසය පැතිරෙන ලෙස මෙම ව්‍යාපාරිකයා සංචාරය කිරීම හේතුවෙන් .



    මේ සම්බන්ධයෙන් අප පෙර පළ කළ පුවත පහතින්

    ජර්මනියේ සංචාරයක නිරත වීමේදී කොරෝනා වෛරසය වැලඳුණ බව දැන දැන මෙරටට පැමිණ එය වසන් කළ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට සහ ඊට ආධාර අනුබල දුන් ඔහුගේ බිරියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (16 වැනිදා) නඩුවක් පවරා තිබේ.



    ගල්කිස්ස පොලිසිය විසින් අංක බී 950/2020 යටතේ පවරා තිබෙන මෙම නඩුවට අදාළ කරුණු පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර විසින් ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත් සී.ආර්. ධර්මතිලක වෙත ඉදිරිපත් කළේය.



    මෙම නඩුව කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් මෙරට අධිකරණයක පැවැරූ පළමු නඩුවද වෙයි.



    මේ වන විට නඩුවේ පළමු සැකකරු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර අධිකරණයට දන්වා සිටියේය.



    තමාට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වී තිබෙන බව දැනගෙන එම තොරතුරු වසන් කිරීම, සෞඛ්‍ය නිලධාරීන් ලබාදුන් උපදෙස්වලට අවනත නොවීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබේ.



    ඊට ආධාර අනුබල දීමෙ චෝදනාව යටතේ සැකකරුගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබිණි.



    ​රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනතේ 4 වැනි සහ 6 වැනි වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් කර ඇතැයිද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262,263 සහ 264 යන වගන්ති යටතට ගැනෙන වරදවල් කර ඇතැයිද චෝදනා නගමින් අදාළ සැකකරුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.



    මෙම නඩුවේ දෙවැනි සැකකාරිය සහ ඇයගේ දරුවන් තිදෙනා ඔවුන් පදිංචි නිවසේ තබාගෙන ස්වයං නිරෝධායනයට ලක්කරමින් සිටින බව දන්වා සිටි පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ රුවන් ගුණසේකර ඔවුන්ට මෙතෙක් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වී නොමැති බව අධිකරණයට දන්වා සිටියේය.



    මෙම සිද්ධියට අදාළව පවත්වනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය එළැඹෙන අප්‍රේල් මස 2 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තමන්ගේ අනුවන කම් නිසා තමන්ගේ පවුලත් අමාරුවේ දාල මුළු රටමත් අමාරුවේ දාපු එකට දඩුවම ලැබිල. මොනා උනත් නිවන් සුව පතනවා. දැන්වත් මිනිස්සු මේක පාඩමක් කරගෙන ජිවත් උනොත් හොදයි.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පොර හම්බද? :baffled:

    ඌ තම්බියෙක්ද බන්

    මූ තම්බියෙක්. මොනව උනත් මනුස්ස ජීවිතයක් නිසා පව්. මූ කළුබෝවිල හොස්පිටල් එකට ගිහිල්ල
    ජල්ලියක් අල්ලල අන්තිමේ බලෙන්ම වගේ තමයි IDH යවල තියෙන්නෙ. මූ මැරුණට ගෑනිටත් එක්ක
    නඩු දාල තියෙන්නෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,267
    1
    101,112
    113
    34
    Kalutara
    මූ තම්බියෙක්. මොනව උනත් මනුස්ස ජීවිතයක් නිසා පව්. මූ කළුබෝවිල හොස්පිටල් එකට ගිහිල්ල
    ජල්ලියක් අල්ලල අන්තිමේ බලෙන්ම වගේ තමයි IDH යවල තියෙන්නෙ. මූ මැරුණට ගෑනිටත් එක්ක
    නඩු දාල තියෙන්නෙ.


    ඇයි බන් අද පුත්තලමේද මන්නාරමේද හම්බයෝ දෙන්නෙක් ස්වයන් නිරෝධායනය වෙන්න කිව්වට හතර වටේම ඇවිදලා කොරෝනා පතුරලා තිබ්බේ. මලගේදර්කාත් ගිහිල්ල්. පුත්තලමේ හම්බයෝ සෙට් එකක් වෙන්න ඕන. මන්නාරමේ මළගෙදර ගිහින්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113


    ඇයි බන් අද පුත්තලමේද මන්නාරමේද හම්බයෝ දෙන්නෙක් ස්වයන් නිරෝධායනය වෙන්න කිව්වට හතර වටේම ඇවිදලා කොරෝනා පතුරලා තිබ්බේ. මලගේදර්කාත් ගිහිල්ල්. පුත්තලමේ හම්බයෝ සෙට් එකක් වෙන්න ඕන. මන්නාරමේ මළගෙදර ගිහින්.

    Curfew asse kauda yanna dunne?
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Curfew asse kauda yanna dunne?

    පොලිසිය හමුදාවට හැම එකා පස්සෙන්ම දාන්න බෑ නෙ බං.... මෝඩයො හතර අතේ ඇවිදිනවා බොරුවට බේත් තුන්ඩුව ... එක්කො ට්‍රැක්ටර් ... එක්කො අතය්වශ්‍ය සේවා නැත්තන් වර්ක් අයිඩී එක... ගහගෙන රවුන් ගහනවා