7300Km/h වේගයෙන් යන අලුත්ම ඔත්තුබලන යානය
පැයට කිලෝමීටර් 7300ක වේගයෙන් යන අමෙරිකාවේ අලුත්ම ඔත්තුබලන ගුවන්යානය!
SR-71 Blackbird අද වන විටත් ලොව වේගවත්ම ගුවන්යානය ලෙස වාර්තාව සතුකරගෙන තියෙන්නේ 1960 ගණන්වලදී අමෙරිකාවේ ලොක්හීඩ් සමාගමට සේවය කල සුප්‍රකට ගගනවිද්‍යා ඉන්ජිනේරු කෙලී ජොන්සන් නිර්මාණය කල SR-71 Blackbird හෙවත් කළුකුරුල්ලා නම් අධිවේගී ඔත්තු බලන යානයයි.
1998දී බ්ලැක්බර්ඩ් යානා විශ්‍රාම ගැන්වූවා. 1960 ගණන්වල සිට 1998දී විශ්‍රාම යනතෙක් බ්ලැක්බර්ඩ් යානයේ ගුවන් වේග වාර්තා බිඳහෙලීමට සමත් යානයක් බිහිවූයේ නැති අතර අදටත් බ්ලැක්බර්ඩ් ගුවන්වේග වාර්තා නොබිඳී පවතිනවා.
SR - 71 බ්ලැක් බර්ඩ් යානය විශ්‍රාම ගැන්වීමෙන් පසුව චන්ද්‍රිකාවලට ලබාදිය නොහැකි බුද්ධි තොරතුරු ලබාගැනීම සඳහා කුඩා, මන්දවේගී ඩ්‍රෝනයානා මතම යැපෙන්නට අමෙරිකානු යුධ සැළසුම්කරුවන්ට සිදුවී ඇති අතර මෙහි මූලෝපායික අවදානම (strategic risk) වටහාගත් අමෙරිකානු යුධ සැලසුම් කරුවන්, නවීන අධිවේගී මිසයිලවලට පවා බිමහෙලිය නොහැකි තරමේ සුපිරිවේගයක් සහිත යානයක් නිර්මාණය කරමින් සිටිනවා.
Lockheed Martin SR-72
SR-71 යානයේ අනුප්‍රාප්තිකයා ලෙස නිර්මාණය වන මෙය SR-72 ලෙස නම්කොට තිබෙනවා. කෙසේවෙතත් SR-71ට වඩා බොහෝ වෙනස්කම් SR-72 යානය තුල දකින්නට ලැබෙනවා.
පලමු වෙනස නම් SR-71ට වඩා තුන් ගුණයක වේගයෙන් පියාසරකල හැකිවීමයි. එනම් පැයට කිලෝමීටර් 7300ක් නැතිනම් ශබ්දයේ වේගය මෙන් 6ගුණයක වේගයකින් (Mach 6) මෙයට පියාසරකල හැකියි.
දෙවන වෙනස නම් මෙම යානය නියමු රහිත රොබෝ යානයක් වීමයි. SR-71 නියමුවන් තිදෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් මගින් පියාසරකල අතර SR-72 පියාසර කරවනු ඇත්තේ කෘතිම බුද්ධියෙන් සමන්විත රොබෝ නියමුවෙකු විසින්. ඒ අනුව SR-72 අධිවේගී ඩ්‍රෝනයානයක් වනවා.
තුන්වන වෙනස නම් SR-72 යානය ප්‍රහාරක හැකියාවන්ගෙන්ද යුතු යානයක් වීමයි. SR-71 යානයට කිසිදු ආකාරයක අවියක් නොතිබූ අතර එය තනිකරම ඔත්තුබැලීමේ යානයක් වුනා. එහෙත් SR-72 යානය ඔත්තු බැලීම මෙන්ම නිශ්චිත ඉලක්කවලට මිසයිල හා බෝම්බ ප්‍රහාර එල්ලකලහැකි යානයක් වෙන බව නිර්මාපකයින් පවසනවා.
සිවුවැනි වෙනස වන්නේ SR-72 යානයේ එන්ජිමයි. SR-71 යානය ශබ්දයේ වේගය ඉක්මවා යන සුපර්සොනික් යානයක්වූ අතර SR-72 යානය සුපර්සොනික් සීමාව ඉක්මවා හයිපර්සොනික් (මක් 5ට ඉහල ) වේගයකින් පියාඹනු ඇති. ඒ අනුව යානය මක් 6ක වේගයවෙත ගෙනයාම සඳහා අතිනවීන කම්බයින්ඩ්-සයිකල් (combined cycle) වර්ගයේ එන්ජිමක් නිර්මාණය වෙමින් තිබෙනවා. ක
කම්බයින්ඩ්-සයිකල් (combined cycle) එන්ජිම හයිබ්‍රිඩ් වර්ගයේ ජෙට් එන්ජිමක් ලෙසද හඳුන්වන්න පුලුවන්. SR-72 සඳහා නිමැවෙන කම්බයින්ඩ්-සයිකල් එන්ජිම, ජෙට් එන්ජින් වර්ග තුනක මුහුවක් හෙවත් හයිබ්‍රිඩ් එකක්. එනම් එනම් මක් 1ට වඩා අඩු වේගයෙන් යනවිට සාමාන්‍ය ජෙට් එන්ජිමක් ලෙසත්, මක් 1 සිට මක් 3 දක්වා වේගය වැඩිකිරීමට සුපර්සොනික් රැම්-ජෙට් (supersonic ram-jet) එන්ජිමක් හා මක් 3 සිට මක් 6 දක්වා වේගය වැඩිකිරීමට හයිපර්සොනික් ස්ක්‍රැම්-ජෙට් (hypersonic scram-jet) එන්ජිමක් යන එන්ජින් වර්ග තුනක් එකම එන්ජිමක් තුල අන්තර්ගත කරමින් මෙම හයිබ්‍රිඩ් එන්ජිම නිමැවෙනවා.
එමෙන්ම මෙය යානය නිමැවීමේදී ජයගත යුතු තාක්ශණික අභියෝග රැසක් තිබෙනවා. යානය මක් 6ක වේගයෙන් යනවිට එහි මතුපිට-විශේෂයෙන්ම නාසය හා අත්තටු සෙන්ටිග්‍රේඩ් අංශක 1100ක් පමණ රත්වෙනු ඇති. මෙම අධික උශ්ණත්වය වානේ පවා උණුවන දැඩි උශ්ණත්වයක් වන අතර යානය මතුපිට පෘශ්ඨය මෙවැනි උශ්ණත්වයකට ඔරොත්තුදෙන, ශක්තියකින් යුතු කාබන්-සෙරැමික්-ටයිටේනියම් මිශ්‍රණයකින් යුතු carbon-composites වර්ගයට අයිති නවතම ද්‍රව්‍යයක් වන බව වාර්තාවෙනවා.
මක් 6ක වැනි සුපිරි වේගයකින් යනවිට යානය කිලෝමීටරයක් ගමන්කිරීමට ගතකරන්නේ තත්පර 1කට අඩු කාළයක්. ඒ අනුව යානය නියමිත ඉලක්කවෙත පියාසරකර ගැනීමට අතිශයින්ම නිරවද්‍ය මගපෙන්වීමේ පද්ධති (guidance system) තිබිය යුතු වනවා. යානයේ සුපිරි වේගය නිසාම එහි එල්ලය අංශක 1කින් හෝ වෙනස් වුවහොත් විනාඩි 5ක පියාසැරි කාලයකදී එහි ඉලක්කය කිලෝමීටර් 600ක පරාසයකින් මගහැරිය හැකියි. එමෙන්ම යානය හැරවීම සඳහා කිලෝමීටර් 100ක පමණ හැරවුම් ඉඩක් තිබිය යුතුවන්නේද අධික වේගය නිසාමයි.
එමෙන්ම පැයට කිලෝමීටර් 7000ක වේගයකින් යනවිට ඔත්තු බලන ඡායාරූප ගැනීම මෙන්ම ප්‍රහාර එල්ලකිරීම සඳහා මිසයිල මුදා හැරීම හෝ බෝම්බ මුදා හැරීමද අතිශයින්ම දුශකර වනු ඇති බව ගගනවිද්‍යා විශේෂඥයින් පවසනවා. එහෙත් මෙම යානය නිර්මාණය කරන ලොක්-හීඩ් සමාගම පවසන්නේ තමන් එම තාක්ශණික ගැටලු ජයගනිමින් සිටින බවයි.

Last edited: