75 අවුරුද්දක් රටේ මුකුත් කළේ නැහැ කියන අයට

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ලගදි දියුණු රටවල් වලට ගිය අපේ කට්ටිය අපේ රටටත් රටේ මිනිස්සුන්ටත් සෝසල් මීඩියා වල සෑහෙන අපහාස කරනව.

    ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ අවුරුදු 500 කට වඩා තවත් මිනිස්සුන්ව වහල්ලු විදියට වැඩ අරන්, යටත් විජිත හදාගෙන ඒ රටවල රත්තරන්, මුතු, මැණික්, නැව් පිටින් තමන්ගෙ මව් රටට පටවල කියල කියල දන්නෙ නෑ.

    ඉන්දියාව හදට රොකට් යැව්වට, අපිට ණය දුන්නට මානව සන්වර්ධන දර්ශක වලින් ගොඩක් යටින් ඉන්නෙ.

    ළමයෙක් අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදන්ම ආණ්ඩුවෙන් අධාර දීල, බෙහෙත් දීල, එන්නත් ටික වෙලාවට දීල, ඉස්කෝලවල් වල නොමිලෙ ඉගැන්නුවත්. මේව දැක්කාම අපේ රටේ පොඩි එවුන් හිතන්නෙ, අපි ඉපදිල ඉන්නෙ ලෝකෙ තියෙන මහ කාලකන්නි රටක කියල.


    බලන් ගියාම අනුන්ගෙ රටවල් කොල්ල කන්නෙ නැතිව දියුණු වෙච්ච එක ඩිමොක්‍රටික් රටක් වත් නෑ නෙ?

     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Sanwardhana-News.gif


    4JxnDUR.png
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    හරි යකො.දියුනු කරන්න බැරි නන් උන් වගේ..බංකොලොත් නොකර ඉදපන්කො..එකනේ කියන්නේ.බලපන් උන් යනකොට දීලා ගිය රේල් පාර 75 අවුරුද්දටම කොට වෙලාද දික් වෙලාද කියලා කිලෝමීටර් වලින්.. හදන්න බැරි නන් නොකඩා ඉදපන් කියලා කියන්නෙ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    මුඩුක්කු කොරියාව සින්ගප්පූරුව දියුනුවුනේ කොහොමද ?
    නීතිය හරියට හොරකම නැතුවම.
    මුගෙන් අහන්නවෙනෙන උන්ගේ තාත්තලා දියුනුවුනේ කොහොමද කියලා :lol: :lol:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,408
    5,761
    113
    ඕන ආන්ඩුවක වැඩක් කරන 4-5 දෙනෙක් ඉන්නවා. ඔය කියන හැම දේම ලිස්ට් කරොත් අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක් තමා කරල තියෙන්නෙ. අවු 75ක් ,හැම අවු5 කට සැරයක් 225 ගානෙ බැලුවොත් 1%ක් වත් උන් වැඩක් කරල නෑ. අනික තමා රටේ දියුනුවට වැඩිම දායකත්වක් තියෙන්නෙ පුද්ගලික අන්ශය. ඒ කොටස දියුනු වෙනකොට රාජ්‍ය අන්ශය ඉබේම දියුනු වෙනවා. හරියට වැඩ කරල රාජ්ය අන්ශය දියුනු උනානම් අපි මීට වඩා හොද තැනක.

    අවසානෙට මේ බූරුවට කියන්න තියෙන්නෙ කරපු සොච්චම නෙමේ, පත්කරපු උන් හරියට කරා නම් අද රට සුරපුරයක්. 10000ක් දේවල් වලින් 10-15 ක් කරල බොරුවට දොඩවනවා.
     
    • Like
    Reactions: laka007 and zid2021

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    නිකන් සුදු හුණු ගාන්ඩ එපා ආයිබෝවන්ඩ.

    රට යුද්දෙකට ඇදලා දාලා බංකොලොත් කරලා තවත් මේකේ බඩ පිනුම් ගාගහා කරපු හොරකම් වහගන්න ,තව හොරකම් කරන්න දඟලන අය නම් පේනවා
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    හැමදේම පිනට නොදී සුද්ද වගේ ටැක්ස් ගැහුවනම් අද ලංකාවත් දියුණු රටක්..
    මේක ඇත්ත. සුද්දගෙ රටවලත් පිනට දෙන් එව්වා තියෙනවා ලන්කාවට වඩා. ඒත් ලන්කාවේ දැන් ගහන Tax එක තනිකර Scam එකක්. එක එකා හොරා කපුව ගෙවන්නයි උන්ගේ චන්දෙ campaign වලටයි විතරයි. ඒත් දියුනු රටවල tax ගැහුවට tax return ගන්න පුලුවන්. Tax benifits tax ගෙවන ඔක්කොමට ම හම්බෙනවා. කියන්න තියෙනේ ලන්කාවේ ගොඩක් ම Mentality හැදෙන්න ඕනේ දේවල් කරන්න ඕනේ.
     
    • Like
    Reactions: zid2021

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    මූ හොර පූසා වගේ හිටියට පට්ට ගේම් ටිකක් දෙනවා. හැබැයි කියපු කතාවෙ පොඩි පොඩි තැන් හරි. දැනටත් ලංකාව කියන්නේ ලෝකෙ තියන චොරම රට නෙවෙයි. ලෝකෙ වෙන රටවල ඇවිද්දම තමයි ඒක තේරෙන්නෙ.

    ලංකාවෙ පිනට දෙනව කිව්වම සාමාන්‍ය මිනිහෙක් අල්ලගන්නේ education, healthcare, public welfare ගැන කියනව කියලා. ඒක ලෝකෙ හැම රටකම වගේ නොමිලේ. ඒවට සල්ලි ගන්න බෑ. ඒවා නිකං දෙන එක සමාජවාදෙත් නෙවෙයි. ඒව රජයක මූලික වගකීම්.

    ඔය පිනට දෙන දේවල් වල පිනට දීපුව තමයි, සුදුසුකම් නැති උන්ට රජයේ රස්සා, පාඩු ලබන ගමන් නඩත්තු කරන රජයේ ආයතන, ව්‍ය්‍යාපාර වලට තියන තහංචි. කොටින්ම කිව්වොත් ලංකාව ඇතුලේ දුප්පත් කම අහිංසකයි, හම්බුකරොත් පිනක් කරගන්න දුප්පත් එකෙක් ගැනත් හිතන්න, අසරණ කමටනේ පොල් ගෙඩියක් හොරකම් කළේ කියලා වත්තේ අයිතිකාරයා වැරදිකාරය කරලා පොල් හොරාට අනුකම්පා කරන මතවාදය පාවිච්චි කරලා රට ගැන ගත්තු තීරණ තමයි ලංකාවේ ගොඩක් ආර්ථික කටයුතු අඩපණ කලේ. මේක පටං ගන්නේ බණ්ඩාරනායක, සිරිමාවෝගේ කාලෙ ඉඳන්. සල්ලිකාරයෝ, ලොකු ව්‍යාපාර කියන්නේ අහිංසකයො හූරන් කන අධිරාජ්‍යවාදීන් කියලා ලේබල් කරලා උන්ව ලංකාවෙන් එලවලා හැමදේම රජයෙන් කරන්න ඕන කියන මතය මිනිස්සුන්ගෙ ඔළුවට දාල ඉවරයි. ඕක අනිත් පැත්ත නොගහා ලංකාව ගොඩ ගන්න බෑ. ඉන්දියාව කොහොම හරි මිනිස්සු විරුද්ධ වෙද්දිත් 90 ගණන් වල ගන්න ඕන තීරනේ ගත්තා. දැන් උන් ආර්ථිකව ශක්තිමත්. මුංගේ ආණ්ඩු දුප්පත්කම අවංකකමේ සංකේතෙ කියල හිතන්න පුරුදු වුන උන්ට දැනෙන්න ජනප්‍රිය දේශපාලනේ කරා. වැරදිලා හරි ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්ති ගේන එකෙක් ආවොත් අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරගන්න පාරට මිනිස්සු දාන්නෙත් මුන්ම තමයි. මෝඩයට ආස දේවල් කියලා බලේ ගන්නවා, පස්සේ උගේ චන්දෙ ගන්න ඌ ආස මෝඩ දේවල් කරනවා. මේ cycle එක කැඩෙනකං ලංකාව ගොඩයන්නෙ නෑ. දැං වෙලා තියෙන්නෙ මේක continue කරන්න සල්ලි නෑ.
     
    • Like
    Reactions: hide_spider

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    ජෙප්පොන්ට රිදේ, උන් නේ කියන්න 75 තිස්සේ කරපු බම්බුවක් නෑ කියලා. රැල්ලට කියන දේවල්.
     
    • Like
    Reactions: pavanruka

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල
    බයිලා එපා බන්.
    පිනට කියන වචනෙට වඩා හොද නැද්ද ඒ වචනෙන් ප්‍රයෝජන ගන්න ප්‍රමාණය අඩු කරානම්.
    අපේ රටටත් වඩා උබ ඔය උඩ කියලා තියෙන යටිතල පහසුමක් සහ අනෙකුත් ප්‍රතිපාදන දෙන රටවල් තියෙනවා.

    ඒ රටවල් වල මීටත් වඩා හොදට මිනිස්සු සතුටින් ඉන්නවා. යුද්දක් තිබ්බා කියහන්කෝ. එතනින් පස්සේ අවුරුදු 10ක් පැනලා.
    අපි කොහෙද ඉන්නේ? එතනින් එක අඩියක් තියලද?

    සුළුතරයක් බුක්තිවිදින සතුටෙන් එක හැන්දක් රටේ දුක්විදින උන් ලෙවකාලවත් තියෙනවද? පව් නොදී ඉදපන් බන්.
    මේ හෙනේට උඩ ඉන්න වගේම පහල ඉදන් උබලා වගේ හුරේ දාන උනුත් වගකියන්න ඕන.

    75 අවුරුද්දක් රටේ මුකුත් වෙලා ඇති. හැබැයි දසම ගානක කුලකයටකට මිසක් සමස්තයට නෙමේ.
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    බලන් ගියාම අනුන්ගෙ රටවල් කොල්ල කන්නෙ නැතිව දියුණු වෙච්ච එක ඩිමොක්‍රටික් රටක් වත් නෑ නෙ?
     
    • Like
    Reactions: dayt0na and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,190
    113
    75 අවුරුදක් මුකුත් කරේ නෑ කියන අයමනේ චන්දෙටත් ඉදිරිපත් වෙලා තියෙන්නේ..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලගදි දියුණු රටවල් වලට ගිය අපේ කට්ටිය අපේ රටටත් රටේ මිනිස්සුන්ටත් සෝසල් මීඩියා වල සෑහෙන අපහාස කරනව.

    ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ අවුරුදු 500 කට වඩා තවත් මිනිස්සුන්ව වහල්ලු විදියට වැඩ අරන්, යටත් විජිත හදාගෙන ඒ රටවල රත්තරන්, මුතු, මැණික්, නැව් පිටින් තමන්ගෙ මව් රටට පටවල කියල කියල දන්නෙ නෑ.

    ඉන්දියාව හදට රොකට් යැව්වට, අපිට ණය දුන්නට මානව සන්වර්ධන දර්ශක වලින් ගොඩක් යටින් ඉන්නෙ.

    ළමයෙක් අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදන්ම ආණ්ඩුවෙන් අධාර දීල, බෙහෙත් දීල, එන්නත් ටික වෙලාවට දීල, ඉස්කෝලවල් වල නොමිලෙ ඉගැන්නුවත්. මේව දැක්කාම අපේ රටේ පොඩි එවුන් හිතන්නෙ, අපි ඉපදිල ඉන්නෙ ලෝකෙ තියෙන මහ කාලකන්නි රටක කියල.


    බලන් ගියාම අනුන්ගෙ රටවල් කොල්ල කන්නෙ නැතිව දියුණු වෙච්ච එක ඩිමොක්‍රටික් රටක් වත් නෑ නෙ?