77 ට පෙර නොදන්නා මී හරක්...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    77 ට පෙර නොදන්නා මී හරක්...

    77 ට පෙර නොදන්නා මී හරක්...


    160610_gal_femleaders_bandaranaike.jpg


    මේ දවස්වල 77 ට පෙර තිබූ කර්මාන්ත උත්කර්ෂවයට නගලා බුකියෙ පෝස්ට් එකක් ෂෙයාර් වෙනවාය.

    මේවා දාන්නේ අර රාවණා විශ්වාස කරනවා වාගේ මී හරකුන්‍ ය.


    උන් කියන්නේ අර සිරිමාගේ සංවුර්ත ආර්ථිකේ තිබ්බා නම් මේක දිවිය ලෝකේ කියලාය. කතාව සහතික ඇත්තය. සාගරයෙන් වටවූ ගෝත්‍රික දිවයිනක ජීවත් වන ගල් වැද්දන් හිතන්නේ මේක තුන් ලෝකේම තිබෙනා සුරපුරේ කියලාය. ආගම ලෝකේ හොදම එක කියලාය. ජාතිය ලෝකේ උතුම්ම එකෙයි කියලාය. ඉතිහාසය හා සගිස්කුරුතියත් එසේමය.

    ප්‍රේමදාසගෙන් පස්සෙ ආපු එකෙක්ටවත් විවෘත ආර්ථිකේ කළමනාකරණය කර ගන්න බැරි උනාට, අදටත් හැම එකාම පවත්වාගෙන යන්නේ ඒ ක්‍රමයමය.

    ජේ ආර්, ප්‍රේමදාස වාගේ සොලිඩ් බඩුවක් නොව මෙලෝ රහක් නැති රනිල්ට එජාපයේ වැඩ පිලිවල ඉදිරියට ගෙනයන්නට බැරි උනාට ඒ ක්‍රමයට ගහලා ඇති වැඩක් නැතිය.

    උන් කියන්න හදන්නේ ජේ ආර් විවෘත ආර්ථිකය ගෙනා නිසා දේශිය කර්මාන්ත වලට කෙලවෙලා ගියාය කියලාය.

    මුන් කියනා කර්මාන්තශාලා වලින් අති බහුතරය රජය විසින් පවත්වගෙන ගිය ලාබ නොලබන ව්‍යාපාරයන්‍ ය. ඒ හැර සදහන් කරන්නේ උපාලි ෆියට්, යුනීක් රේඩියෝ, දාසගේ මදුරු දැල් හා රාණි සබන් ගැනය.

    එහෙත් මුන්දලා නොදන්නා දෙය නම් මේ ව්‍යාපාරිකයින් සියල්ලන්ම වාගේ ආන්ඩුවේ හිතවතුන් හා නෑයන් වූ වගය. ජේ ආර් විවෘත ආර්ථිකේ ගෙනාවා කියා මේ අයගේ හෝ ආන්ඩුවේ ඒවා වසා දැම්මේ නැතිය. මේවාට කෙල උනේ අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් කොලිටි බඩු හා තරග කිරීමට නොහැකිවීමෙන් ගමේ චන්ඩින්ට කෙලවෙලා ගිය එකය. ජනසතු කරපු වතු වලට අත් වී තිබෙන්නේද ඒ සැන්තෑසියමය. ඒ කාළේ මාර පොරක්වූ මරදානේ ජෝන් බ්‍රදර්ස් අදටත් එසේමය.

    අනෙක් කරුන නම්, ඕවා තිබුනා නම්, මුළු ලෝකයම ජය ගන්න තිබුනාය කියනා මුලාවය. ඔය කියනා රාණි සබන් හදන ස්වදේශී කර්මාන්තශාලව අදටත් කදානේ තියෙනවාය. ඒත් දම්‍ රෝ කාරයා ලොව ජයගත්තා සේ, ලොව ජයගත් අනෙක් ව්‍යාපාරිකයින් සේ, රාණි සබන් සුද්දෝ ගන්නේ නැති එක විවෘත ආර්ථිකේ වරදක් වෙන්නේ නැතිය.

    ඇත්තටම සිදු වූයේ තිබුනාටත් වඩා කර්මාන්තශාලා රට පුරාම බිහිවීමය. ප්‍රේමදාසගේ ඇගළුම් කර්මාන්තශාලා ඉතා සුළු කලෙකින්ම රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් වුනේය. එය තවත් වර්ධනය කළේ නම්, මැද පෙරදිගට නොපුහුණු ශ්‍රමය අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පුළුවන් කම තිබුනේය.

    එහෙත් ඉන්පසු පැමිණි කිසිම පාලකයකු කර්මාන්ත හෝ ක්‍ෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා මෙලෝ දෙයක් නොකෙරු අතර, එයාලාගේ පවුල් නගා සිටුවීම සදහා -

    දියවන්නාවේ හරක් ගාලට අමතරව, පලාත් වශයෙන් ගවගාල්ද, ප්‍රාදේශිය ගවගාල් වලට හරකුන් ගහනය වැඩි කිරීමෙන්ද, එයාලාගේ ආර්ථික වර්ධන වේගය පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නගා සිටුවාගෙන ආතල් ගන්නා අයුරු, රටට මෙලෝ අල බෝලයක් නොකල ඛේමාගේ කොලුවාගේ පාටියෙන් මේ රටේ ජහමනයාට අපූරුවට බලා ගන්නට හැකි උනේය.

    අදත් රජයේ සේවා සියල්ල පවත්වාගෙන යන්නේ ලොසේ ලොස් පිටය. රාජ්ජ සේවකයාගේ කාර්‍යක්ෂමතාවය ගැන පොඩි උන් පවා දන්නවාය. ඒවා තියෙන්නේ කාළකන්නි දේශපාලුවන්ගේ පැවැත්ම සදහා උන්ගේ හෙන්චයියන් පුරවා අයිස් ගසන්නට දැමීමටය.

    පාලකයන් නොව ජනතාවද ඉන්නේ මෙවන් මතයක නම් ස්වාසිලන්තේ පින්ලන්තේ උනත් අපිට නම් සදා සොත්ති භවන්තුතේමය...


    source http://maathalan.blogspot.com/2019/03/77.html
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මම නං විජේවීරව උනත් සෝෂල් මීඩියා වලින් විවේචනය කරනවට විරුද්ධයි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    සෝෂල් මීඩියා වල කවුරුත් සියල්ල දත් උන් නෑනෙ. උන් කියන කියන පලියට දේවල් විශ්වාස කරන්ඩ, පිලිගන්ඩ එපා. අඩුම තරමෙ මේ උඩින් දාල තියෙන පෝස්ට් එක උනත්.