මගේ ලමයානම් 8 පාස් වෙච්ච ගමන් වේල්ඩින් කෝස් එකකට දානවා.. අද වේල්ඩින් ඉගෙනගත්තත් හොඳටම ඇති..අවුරුදු 5කින් තට්ටු තුනේ ගෙයක් එක්ක ප්‍රාඩෝ එකක් ගන්න පුලුවන්.. අපේ ඉස්කොලේ බැජ් එකේනම් තිබ්බේ " විද්වාන් සර්වත්‍ර පූජ්යතේ "කියලා..අනේ ඉගෙනගත්ත එවුන්ට අන්තිමට වෙච්ච දෙයක්... අනාගතයේදී මධ්‍යම පාන්තිය තමයි දුප්පත් වෙන්නේ ලංකාවේ.. ගොඩක් ලෙබර් ජොබ් වලට ඉගෙනගත්ත එවුන්ට රට යන්න හිත හදාගන්න අමාරුයි..මොකද තමන් ඉගෙනගන්න වෙච්ච මහන්සිය දන්නේ උන් විතරයි... ගරුත්වයක් තියන හරි හමන් විදෙස් රැකියා ඒජන්සි වලින් දෙනවා ගොඩක් අඩුයි..මේ රටේ ඒ ඉගෙනීමට හරි පඩියක් ලැබෙන්නෙත් නෑ..

