8 වසරේ දී සාපෙළ කඩඉම ජයගත් නිවුන් දරුවෝ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    8 වසරේ දී සාපෙළ කඩඉම ජයගත් නිවුන් දරුවෝ

    වයස අවුරුදු 13දී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඉතා ඉහළින් එම කඩඉම ජයගත් නිවුන් දරුවන් දෙදෙනෙකු පිළිබඳව කළුබෝවිල ප්‍රදේශයෙන් වාර්තා වුණි.
    නුගේගොඩ කළුබෝවිල ඇන්ඩර්සන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම නිවුන් දරුවන් දෙදෙනාගෙන් දියණිය වන ඩබ්.පී.පී. නිතිකා සාධ්‍යා නුගේගොඩ ශාන්ත ජෝන් (කාන්තා) විද්‍යාලයේ අට වසරෙහි ඉගෙනුම ලබමින් සිටියදී පසුගියදා පැවති අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභායට මුහුණ දී අධි සම්මාන හතක් සහ සම්මානයක් සමඟින් විභාගය සමත්ව ඇත.

    එමෙන්ම ඇයත් සමග එම විභාගයට මුහුණදුන් ඇයගේ නිවුන් සහෝරයා වන කොළඹ ඉසිපතන විද්‍යාලයේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්.පී.පී. නිශාන් සහජිත් සිසුවා ද අධි සම්මාන සහ සම්මාන සහතික ලබා ගනිමින් විභාගය සමත්ව ඇත.

    අඩු වයසකින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීම සඳහා දරුවන් දෙදෙනාම අදාළ පාසල්වලින් නීත්‍යානුකූලව ඉවත් වීමෙන් පසු පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ මඟපෙන්වීම මත මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බව එම නිවුන් දරුවන් දෙදෙනාගේ පියා වන ඩබ්. පී. පී. නිශාන්ත මහතා පැවසීය.
    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක් වූ නිතිකා සාධ්‍යා දියණිය මෙසේ පැවසීය.

    "තාත්තා තමයි මට කියලා දුන්නේ ඉස්කෝලෙ 11 වසරට යන්න කලින් මේ විදිහට විභාගෙට ලියන්න පුළුවන් කියලා. මට ආස හිතුනා ඒ හින්දා. මල්ලිත් ලියනවා කිව්වා. ඊට පස්සේ අපි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ යටතේ ඉගැන්වීම් කටයුතු කළා. මේ ලබාගත්ත ජයග්‍රහණය ගැන මට හුඟක් සතුටුයි. උසස් පෙළ ගණිතය අංශයෙන් මුහුණදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම මම පරිගණක තාක්ෂණික පැත්තටත් කැමතියි. ඉගෙනුම් කටයුතුවලින් පසු පරිගණක තාක්ෂණවේදියෙකු ලෙස කටයුතු කරන්න කැමතියි."

    තමන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ නිශාන් සහජිත් පුතු මෙලෙස අදහස් දැක්වීය.

    "අපි අට වසරේ ඉන්නැද්දිම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමුද කියලා අක්කා මගෙන් ඇහුවා. එයත් මා එක්ක විභාගය ලියන නිසා මටත් ආසා හිතුනා. ඒ ගමන අපි දෙන්නම එකට පාඩම් කළා. මටත් වැඩිය හොඳට අක්කගේ ප්‍රතිඵල තියෙනවා. අපි දෙන්නම විභාගය සමත් වෙච්ච එක ගැන මට හුඟාක් සතුටුයි. මගේ අම්මා, තාත්තා හුඟාක් උදව් කළා අපිට මේ ජයග්‍රහණය ලබාගන්න. ඒ වගේම අපිට උගන්වපු ගුරුවරුත්. මේ වන විට මම ලන්ඩන් උසස් පෙළ විභාගයට ඉගෙන ගනිමින් ඉන්නවා. අක්කා වගේම මමත් පරිගණක තාක්ෂණවේදියෙකු ලෙස කටයුතු කරන්න කැමතියි. අපිට උදව් කරපු ගුරුවරු සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා."
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    මේක ඇත්තටම කරන්න පුලුවන් , දෙමව්පියො බයයි කෙලවෙයි කියලා. ගුරුවරුන්ගෙ ලමයි එහෙම ගොඩක් ඉන්නවා කලින් O level ලියපු
     
    • Like
    Reactions: Wadakaru

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mokatada ban unge lama kalaya nathi karanne?
    balen newei,

    තාත්තා තමයි මට කියලා දුන්නේ ඉස්කෝලෙ 11 වසරට යන්න කලින් මේ විදිහට විභාගෙට ලියන්න පුළුවන් කියලා. මට ආස හිතුනා ඒ හින්දා. මල්ලිත් ලියනවා කිව්වා. ඊට පස්සේ අපි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ යටතේ ඉගැන්වීම් කටයුතු කළා. මේ ලබාගත්ත ජයග්‍රහණය ගැන මට හුඟක් සතුටුයි. උසස් පෙළ ගණිතය අංශයෙන් මුහුණදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම මම පරිගණක තාක්ෂණික පැත්තටත් කැමතියි. ඉගෙනුම් කටයුතුවලින් පසු පරිගණක තාක්ෂණවේදියෙකු ලෙස කටයුතු කරන්න කැමතියි."

    තමන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ නිශාන් සහජිත් පුතු මෙලෙස අදහස් දැක්වීය.

    "අපි අට වසරේ ඉන්නැද්දිම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමුද කියලා අක්කා මගෙන් ඇහුවා. එයත් මා එක්ක විභාගය ලියන නිසා මටත් ආසා හිතුනා. ඒ ගමන අපි දෙන්නම එකට පාඩම් කළා. මටත් වැඩිය හොඳට අක්කගේ ප්‍රතිඵල තියෙනවා. අපි දෙන්නම විභාගය සමත් වෙච්ච එක ගැන මට හුඟාක් සතුටුයි. මගේ අම්මා, තාත්තා හුඟාක් උදව් කළා අපිට මේ ජයග්‍රහණය ලබාගන්න. ඒ වගේම අපිට උගන්වපු ගුරුවරුත්. මේ වන විට මම ලන්ඩන් උසස් පෙළ විභාගයට ඉගෙන ගනිමින් ඉන්නවා. අක්කා වගේම මමත් පරිගණක තාක්ෂණවේදියෙකු ලෙස කටයුතු කරන්න කැමතියි. අපිට උදව් කරපු ගුරුවරු සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා."
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,911
    113
    එකමත් එක රටක
    ඔය OL වගේ sub 8-9ක් ගොඩ දාන්න පොඩි කාලෙම මහන්සි කරනවා වෙනුවට 9 වෙනකන් සමනය විදියට ඉස්කෝලේ ගිහින් , 10 වසරේ ඉදන් AL වලට ටාගට් කරා නම් අදාළ විශයෙන් , OL එක අවශ්‍ය විෂයන් සාමාන්‍ය විදියට පාස් වෙන්න පුලුවන් නේ කොහොමත් අවු 15දී . ඊලගට අවු 17දී AL වලටත් හොදට ලෑස්ති වෙලා ඉන්න පුලුවන් . ඒ වෙද්දී තමයි තමන්ගේ වයසේ සෙට් එක AL ඉස්කෝලේ පටන් ගන්නේ .

    OL ඔක්කොම විෂයන් නම් හොදට අඩු වයසෙන් පාස් උනා කියන එකේ මේ වගේ නිව්ස් එකකට අමතර වැදගත් දෙයක් නෑ . බොරු මහන්සිය .
    15 , 16, 17 ඇතුලේ OL සාමාන්‍ය විදියට ගොඩ දාගෙන , AL වලට හොදටම ලෑස්ති වෙන එක ඊට වඩා හොදයි .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    balen newei,

    තාත්තා තමයි මට කියලා දුන්නේ ඉස්කෝලෙ 11 වසරට යන්න කලින් මේ විදිහට විභාගෙට ලියන්න පුළුවන් කියලා. මට ආස හිතුනා ඒ හින්දා. මල්ලිත් ලියනවා කිව්වා. ඊට පස්සේ අපි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ යටතේ ඉගැන්වීම් කටයුතු කළා. මේ ලබාගත්ත ජයග්‍රහණය ගැන මට හුඟක් සතුටුයි. උසස් පෙළ ගණිතය අංශයෙන් මුහුණදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම මම පරිගණක තාක්ෂණික පැත්තටත් කැමතියි. ඉගෙනුම් කටයුතුවලින් පසු පරිගණක තාක්ෂණවේදියෙකු ලෙස කටයුතු කරන්න කැමතියි."

    තමන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ නිශාන් සහජිත් පුතු මෙලෙස අදහස් දැක්වීය.

    "අපි අට වසරේ ඉන්නැද්දිම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමුද කියලා අක්කා මගෙන් ඇහුවා. එයත් මා එක්ක විභාගය ලියන නිසා මටත් ආසා හිතුනා. ඒ ගමන අපි දෙන්නම එකට පාඩම් කළා. මටත් වැඩිය හොඳට අක්කගේ ප්‍රතිඵල තියෙනවා. අපි දෙන්නම විභාගය සමත් වෙච්ච එක ගැන මට හුඟාක් සතුටුයි. මගේ අම්මා, තාත්තා හුඟාක් උදව් කළා අපිට මේ ජයග්‍රහණය ලබාගන්න. ඒ වගේම අපිට උගන්වපු ගුරුවරුත්. මේ වන විට මම ලන්ඩන් උසස් පෙළ විභාගයට ඉගෙන ගනිමින් ඉන්නවා. අක්කා වගේම මමත් පරිගණක තාක්ෂණවේදියෙකු ලෙස කටයුතු කරන්න කැමතියි. අපිට උදව් කරපු ගුරුවරු සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා."
    ඒක නෙමෙයි බන් මම කියන්නෙ. දැන්මම උන්ට ඕ ලෙවල් ලියවලා. ඊට පස්සෙ ඒ ලෙවල් ලියවන්න යන්නෙ. ඊටපස්සෙ කැම්පස් යවනවා ඊට පස්සෙ ජොබ්.
    අට වසර ඉඳන් 11 වසර කියන්නෙ හරිම රිලැක්ස් එකේ ඉන්න පුලුවන් කාලයක්. ඒ ඔක්කොම මේ දරුවන්ට මිස් වෙනවානෙ.

    ඔන්න ළමයි ඕ ලෙවල් ලියන්න ආසයි කියලා ලියන්න දුන්නා එච්චරයි නම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    කරාට කමක් නෑ , මේවා මීඩියා දැම්මම බැනුම් අහන්නේ අනික් අසරණ ලමයි. ලංකාවේ ලමයින්ට වඩා දෙමව්පියන්නෙ විභාග පාස් කරගන්න ඕනේ. ලමයි ආස දේවල් වානා
     
    • Haha
    Reactions: SLK_sri