මචන්ලා අපි කියන්නේ ශිෂත්වේ කියන එකෙන් ඒ ළමයා හොඳ දක්ෂයෙක්ද නැද්ද කියන එකනම් මලාට ඔප්පු වෙන්නේ නෑ ,මොකද මට හොඳට මතකයි මම ලිව්ව ශිෂත්ව පත්තරේ අහලා තිබ්බා කමත් භාෂාවේ වචනත් ,ඒවා ඒකාලේ දාන්න ඇත්තේ ගමේ ළමයින්ට ලකුණු ගන්න වෙන්න ඇති .ඒත් ඒකෙන් ළමයෙක්ගේ හැකියාවක් දැනුමක් ප්රදර්ශනය වෙන්නේ නෑ
මේකේ ප්රධානම වාසිය තියෙන්නේ රටේ නම ගිය පාසලකට යන එකයි
ඒවගේම රස්සාවක් හොයා ගන්න යනකොට ලොකු පුටුවල මිනිස්සුන්ගේ සපෝර්ට් එක ලැබීමයි
උඹලා හිතනවද 2016 වෙනකොට ඔය කියන ඉස්කෝල 1000 හදලා තියෙයි කියලා
මම දන්නා විදියට තියෙන ඉස්කෝලත් වහනවා ගුරුවරු ළමයි නැතුව
අනික් එක අලුතෙන් ඉස්කෝල දැම්මත් වැඩිම ගුරුවරු පිරිසක් ඉන්න සහ ගුරුවරයෙක් වීමේ වැඩිම පහසුකම් තියෙන කොළඹ දාලා දුෂ්කර යන්න ගුරුවරු කීයෙන් කීදෙනාද කැමති ?
කැම්පස් ගිහිල්ලා උපාධිධාරීන් උන අයගෙන් කීයෙන් කීදෙනාද කැමති ගුරුවරයෙක් වෙලා දුෂ්කර යන්න .
ඒ ය හැමෝම කැමති a/c කාමරේකට වෙලා වැඩක් පලක් කරන්න
පාසල් 1000 හැදුවා කියමුකෝ ගුරුවරු 100000 විතර පොල්පිතිවලින් කපන්නද ?
ඒක හරියට හෙද සේවයට o/l ගොඩ දාගත්ත අය ගත්තා වගේ ,ඒ වගේ උන්ව ගුරුවරු කරයි
අපි ඉගෙන ගත්ත කාලේ ගුරුවරු දැනුමෙන් පරිපුර්ණයි .දැන් වගේ අන්තර්ජාලයෙන් පට පට ගාලා දේවල් හොයා ගන්න බැරි ඒ කාලේ දන්නේ නැති දෙයක් අපි දැන ගත්තේ ඒ අයගෙන්
ඒක තමයි පිං දෙනකොට උනත් අම්මා තාත්තා නෑදෑයන්ට පස්සේ ගුරුවරුන්ට පිං දෙන්නේ
ආදී කාලේ මේක වුර්තියක් නෙවේ ,සේවයක්
මේ විදියට පාසල් හදලා ගුරුවරු පත් කරන්න ගියොත් ඒවගේ ඉගෙන ගන්න ළමයි මැටි මෝල්ලු වෙයි
ගුරුවරුන්ට තියෙන ගෞරවය අඩුයි කියන්නේ ඒ ළමයින්ට විෂය ඉගෙන ගන්න තියෙන අසාවත් නැති වෙනවා ,ගුරුවරයාටත් එපා වෙනවා