80 පැන්නත් ජිම්නාස්ටික් වැඩ දාන ජොඇනා

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    80 පැන්නත් ජිම්නාස්ටික් වැඩ දාන ජොඇනා

    Joanna_410px_12_09_15.jpg
    -​
    කායිකව දැඩි පරිශ‍්‍රමයක් දැරිය යුතු ජිම්නාස්ටික් වැනි කී‍්‍රඩා තරුණ පරපුරට පමණක් සීමා වන බව බොහෝ අයගේ මතයයි.
    එහෙත්, මෙම මතය බිඳදැමීමට 86 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් පසුගියදා සමත් විය.
    ජොඇනා ක්වාස් නැමැති මෙම කාන්තාව ජිම්නාස්ටික් කී‍්‍රඩාවේ නිරත වන්නේ හිරිමල් වියේ පසුවන තරුණියක් ලෙසිනි.
    සෑම උදෑසනකම නිවසේ පියගැටපෙළේ උඩට හා පහළට දිවයන ඇය, නිතර නිතර යෝගා ව්‍යායාම වලද නිරත වන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
    ජිම්නාස්ටික් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිටින පවුලකට දාව උපන් ජොඇනා, පසුව විවාහපත්ව දරුමල්ලන් සමග ජීවිතයක් ආරම්භ කිරීම සඳහා එම කී‍්‍රඩාව අත්හැර ඇත.
    එහෙත් සිය දිවියේ පස්වැනි දශකයේදී යළි ජිම්නාස්ටික් කී‍්‍රඩාවේ නිරත වීම ආරම්භ කළ ඇය, පනස් හය වියේදී තරගයකට ද සහභාගී විය.
    පසුගිය 13දා එළිදැක්වුනු ගිනස් ලෝක වාර්තා පොතේ අළුත්ම සංස්කරණය එළිදැක්වුනු අතර, ලොව වයස්ගතම ජිම්නාස්ටික් කී‍්‍රඩිකාව ලෙස මෙම අපූරු කාන්තාව එම වාර්තා පොතට එකතුවිය.
    මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා සිටියේ කිසිම විටකදී පමා වැඩි නොවන බවයි.
    මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවීමට අවශ්‍ය ව්‍යයාම් පවා කාලයක් පුරාවට සිදුකරගෙන යාමට අපොහොසත් බොහෝ දෙනා හට ජොඇනා මනා ආදර්ශයකි.
    (ඡායාරූප : ඩේලි‍මේල්)
    article-2202811-14FF9379000005DC-683_634x401.jpg

    article-2202811-14FF94DB000005DC-716_306x476.jpg
    article-2202811-14FF931D000005DC-262_306x476.jpg
    article-2202811-14FF9385000005DC-799_634x370.jpg
    article-2202811-14FF9331000005DC-317_634x437.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නියමයි අපේ ලංකාවේ ආච්චිලාට නියම ආදර්ෂයක්
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    godak ayata 80 weddi okak udata naginnawat amarui. habai kalin idalama practise karot hari. chuck norris tat 72 years welat oya inne hodata.