88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,003
    917
    113
    කාගෙද වරද.
    වරද කාගේද.අපට වැරදුනේ කොතනද.ඇයි අපේ තරුණ ජීවිත අකාලයේ විනාශ වුනේ .අතීතයෙන් පාඩම් ඉගෙන ගමුද .කල වැරදි නිවැරදි කරමුද..
    උපුටා පල කිරීමකී ..
    🟨 88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    මේ ධර්මද්වීපය එදා හැදින්වුයේ මිනී කන්නන්ගේ දේශය ලෙසයි. එකල මම අවුරුදු 15 ක කොළු ගැටයෙකි. මේ කාලයේ සිටි කුරිරුතම ඝාතකයා ප්‍රේමදාස උඩුගම්පොලනම් වු මේ ලේ පිපාසිත අළුගෝසුවාය.

    ඔහු යනෙන යනෙන ප්‍රදේශය අමු සොහොනක්මය. තැන තැන ටයර් මත පිලිස්සෙන තරුණයිනගේ අමු මිනීවල පුළුටු ගඳය. මොහුගේ කෘෘර දඬුවම් ක්‍රම ඉතාමත් ප්‍රසිද්ධය. හාමුදුරුවරු මරා දැමුවේ ධර්මචක්‍රය නම් වු කුරිරු ක්‍රමයකටය. වම් කනට ගැසු බෝල්පොයින්ට් පෑන දකුණුපසින් පිට වුයේ අමු මස් වැදලි දසත විසුරුවමනි. ගුද මාර්ගයෙන් අැස්ලෝන් බටය අැතුළු කොට එතුලින් කටු කම්බි යවා බටය එලියට ගෙන ඉන්පසු කටු කම්බිය එලියට අදින්නේ බඩ බොකු ගුද මාර්ගයෙන් එලියට අැද දමමනි. වෘෂණ කෝෂ ලාචිචු වලට දමා වේගයෙන් වසා දමයි. අැඟලි වල නියපොතු අමු අමුවේ ගලවා දැමුවේය.

    මොහුගේ ම්ලේච්ඡත්වය කෙසේද යත් පේරාදෙනි සරසවියේ සිසුන් 12 දෙනෙකුගේ හිස කඳින් වෙන් කොට සරසවි වට රවුමේ ඔළු ටික පමනක් කෝටු වල ගසා ප්‍රදර්ශනයට තබා තිබුනි

    මේවා පිලිබඳව වත්මන් පරපුර දැනුවත් විය යුතුය.

    සුප්‍රසිද්ධ ගෝනි බිල්ලා ක්‍රමය මගින් හඳුනාගන්නා ජවිපෙ සාමාජිකයින් ඉහත සියළු වධබන්දන වලට ලක් වෙති. එම පාවාදුන් ගෝනි බිල්ලෙක් අද ජවිපෙ මන්ත්‍රීවරයෙකි.

    මගේ පියාගේ බාල සොහොයුරාගේ මෘත ශරීරයවත් අප දුටුවේ නැත. බාප්පා එනතුරු මගේ අාච්චි අැය මියයන තුරුම මග බලා සිටියාය. ඔහු මරා දැමුයේ මගේ පියා ක්‍රියාකාරි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වු පවටය. එකල පොලොන්නරුව බාරව සිටියේ මෙම ඝාතකයාය. අවුරුදු 15 ක් හෙ 16 ක් වු මා සහ මාගේ සොහොයුරා දිවි ගලවා ගත්තේ මාස ගනනක් හලාවත මහවැව නැන්දලාගේ ගෙදර සැඟව සිටිමිනි. එදවස පොලොන්නරුවේ මහගෙදර සිටියානම් මේ කාලය වන විට මා මිය ගොස් වසර 30 කි.

    ගංගාවල පාවී ගිය දහස් ගනනක් තරුන මිනීය. එ් වැරදි පාරක ගිය රටක අනාගත පරපුරය. එම යෞවනයන් උසි ගැන්වුයේ ජවිපෙ කෘෘර නායකයින්ය. නිල නොලත් සංඛ්‍යා ලේඛන අනුව මිය ගිය ගනන හැට දහසකි.

    එදා උඩුගම්පලගේ මව අැතුළු පවුලේ 07 දෙනෙක් ඝාතනය කරන ලද්දෙ අද ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැන පාරම්බාන ජවිපෙ ය. දෛවයේ සරදමනම් එදා ඝාතකයන් වු එජා පාක්ෂිකයින් හා ඝාතනයට ලක් වු ජවි පෙරමුන අද එක් පසෙක සිට ගෙන කරට අත දමා ගැනීමයි.

    අද එ් කුරුරු ඝාතකයා මියගොස්ය. යුගයක් බියෙන් අැලළු එ් ඝාතකයා පේමදාස උඩුගම්පොල මිය ගොස්ය. එ් ඝාතනයන්ට දේශපාලන නායකත්වය දුන් අාර් ප්‍රේමදාස මහ මග මිය ගිය දිනයේ අැති වු එ් කාලකන්නි හැඟීම මට අද අැති විය. මිනිහකුගේ මරනයෙන් සතුටු වීම මනුස්සකම නොවුනත් එ් මනුස්සකම යටකොට කිව නොහැකි සිතුවිල්ලක මා හිර වී අැත. .
    FB_IMG_1617963071854.jpg

    ✍️. නිලන්ත සත්සර ගමගේ
    උපුටා ගැනීමකි ..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,578
    4,194
    113
    වැරද්ද ජවිපෙ නෙමෙයි මිතුර. මුග්ධ පාලකයින් විසින් එවකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට යොමු වී සිටි ජවිපෙ තහනම් කිරීමයි. එදා ජවිපෙ තහනමට පෙර පැවති මැතිවරණ වලදී උඹලගේ අපේ අම්මලා තාත්තාලා සීයලා ආච්චිලා මොලේ පාවිච්චි කරා නම් හැට දහසක් ජීවිතත් බේරිලා. රට අද සිටන තැනින් ගව් ගානනක් ඉදිරියටත් ගිහින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,878
    11,719
    113
    Malabe
    වැරද්ද ජවිපෙ නෙමෙයි මිතුර. මුග්ධ පාලකයින් විසින් එවකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට යොමු වී සිටි ජවිපෙ තහනම් කිරීමයි. එදා ජවිපෙ තහනමට පෙර පැවති මැතිවරණ වලදී උඹලගේ අපේ අම්මලා තාත්තාලා සීයලා ආච්චිලා මොලේ පාවිච්චි කරා නම් හැට දහසක් ජීවිතත් බේරිලා. රට අද සිටන තැනින් ගව් ගානනක් ඉදිරියටත් ගිහින්
    උබලගෙ ජේ ආර්නෙ තහනම් කරේ , උබලම තමයි ඕවට වග කියන්ඩ ඕනෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,578
    4,194
    113
    උබලගෙ ජේ ආර්නෙ තහනම් කරේ , උබලම තමයි ඕවට වග කියන්ඩ ඕනෙ
    උඹලගේ අම්මලා තාත්තලාම තමයි මහ මැතිවරණය ඕනෙද එපාද කියලා ලාම්පු කලගෙඩි සෙල්ලම කරන කාලේ චන්දෙ එපා කියලා ලාම්පුවට කෙලලා ජයවර්ධනගෙ 6/5 රැකලා දීලා තියෙන්නේ ඒ කාලේ.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,483
    1,194
    113
    වැරද්ද ජවිපෙ නෙමෙයි මිතුර. මුග්ධ පාලකයින් විසින් එවකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට යොමු වී සිටි ජවිපෙ තහනම් කිරීමයි. එදා ජවිපෙ තහනමට පෙර පැවති මැතිවරණ වලදී උඹලගේ අපේ අම්මලා තාත්තාලා සීයලා ආච්චිලා මොලේ පාවිච්චි කරා නම් හැට දහසක් ජීවිතත් බේරිලා. රට අද සිටන තැනින් ගව් ගානනක් ඉදිරියටත් ගිහින්
    මල්ලි.... පක්ෂයක් තහනම් කරපු පලියට මිනී මරණ එක සදාරණද?? පොදු දේපල ගිනි තියෙන එක සාදරණද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,578
    4,194
    113
    මල්ලි.... පක්ෂයක් තහනම් කරපු පලියට මිනී මරණ එක සදාරණද?? පොදු දේපල ගිනි තියෙන එක සාදරණද?
    පක්ෂය තහනම් කරලා නිකං ඉඳලා නෑනේ. තනිකරම මර්දනයක් කරලා තියෙන්නේ
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,483
    1,194
    113
    පක්ෂය තහනම් කරලා නිකං ඉඳලා නෑනේ. තනිකරම මර්දනයක් කරලා තියෙන්නේ
    ඔයා JVP අතීතය හරියට දන්නේ නැහැ වගේ... මර්දනය පටන් ගත්තේ දේපල ජීවිත හානි කරන්න පටන් ගත්තට පස්සේ. විශේෂයෙන්ම ආරක්ෂක අංශ වල වැඩකරන අයට සහ පව්ල්වල උදවියට් ආරක්ෂක අංශ වලින් අයින් උනේ නැත්තං මරණය කියල පෝස්ටර් වලින් තර්ජනය කරන්න ගත්තට පස්සේ....... JR පටන් ගත්ත මර්දනය, ප්‍රේමදාස ඉදිරියට කරගෙන ගියා...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,733
    9,873
    113
    උඹලගේ අම්මලා තාත්තලාම තමයි මහ මැතිවරණය ඕනෙද එපාද කියලා ලාම්පු කලගෙඩි සෙල්ලම කරන කාලේ චන්දෙ එපා කියලා ලාම්පුවට කෙලලා ජයවර්ධනගෙ 6/5 රැකලා දීලා තියෙන්නේ ඒ කාලේ.

    හයෙන් පහද ලියන්න ඕන උනේ? මුලින්ම ලියන්න ඉහෙන ගෙන වරෙන් 😂🖖

    ඔයා JVP අතීතය හරියට දන්නේ නැහැ වගේ... මර්දනය පටන් ගත්තේ දේපල ජීවිත හානි කරන්න පටන් ගත්තට පස්සේ. විශේෂයෙන්ම ආරක්ෂක අංශ වල වැඩකරන අයට සහ පව්ල්වල උදවියට් ආරක්ෂක අංශ වලින් අයින් උනේ නැත්තං මරණය කියල පෝස්ටර් වලින් තර්ජනය කරන්න ගත්තට පස්සේ....... JR පටන් ගත්ත මර්දනය, ප්‍රේමදාස ඉදිරියට කරගෙන ගියා...

    2000 න පස්සේ එකෙක් වගේ....අතීතය මතක් කරලා දෙන්න වෙයි වගේ
    ------ Post added on Apr 9, 2021 at 5:08 PM
     
    • Like
    Reactions: aneasarayana

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,483
    1,194
    113
    හයෙන් පහද ලියන්න ඕන උනේ? මුලින්ම ලියන්න ඉහෙන ගෙන වරෙන් 😂🖖



    2000 න පස්සේ එකෙක් වගේ....අතීතය මතක් කරලා දෙන්න වෙයි වගේ
    ------ Post added on Apr 9, 2021 at 5:08 PM
    දේශපාලනය කියන්නේ game එකක් කියල ඔප්පු වෙච්ච අතීතයේ තුච්චම කොටස

    එදා JVP මර්දනය කරපු ආණ්ඩුවේ ජනදිපතිගේ පුතා එක්ක,
    එදා JVP මර්දනය කරපු ආණ්ඩුවේ අගමැති එක්ක,
    එදා JVP මර්දනය කරපු කණ්ඩායම් හදපු දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීන් එක්ක,

    දැන් ඉන්න JVP එකේ ප්‍රධානියෝ ගිය ආණ්ඩුවේ හව්ලේ වැඩ කරා....

    ඔවුන්ගේ ප්‍රධානියා මරන්න ප්ලැන් කරපු අරලියගහ මන්දිරයේ ඉඳන්ම ඒ වැඩ කරේ.....

    විජේවීර ඉන්න ලෝකෙක ඉඳන් හුල්ලනවා ඇති.... කරගත්ත මෝඩකම් වලට......
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,154
    8,855
    113
    Gotham City
    දන්න තරමින් ජෙප්පො ලංකාවෙම පොලිසි වලට එක සැරෙ ගැහව්වාලු .
    එක පොලිසියක් මිස් උනාළු .
    අපි අහලා තියෙන විදියට පොලිසියෙ කෙනෙක් මලොත් මිනිපෙට්ටිය බිම දිගෙ ඇදගෙන යන්න ඔනි .
    ඒ වගෙම පාතාලෙ, කුඩු විකුණන ,කස්ප්පු පෙරන ,චණ්ඩි වගෙ ටයිප් උන්ට ජෙප්පො ගැහැව්වා .
    ඒ දවස් වල පාතාලෙ නැහැ .
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,483
    1,194
    113
    දන්න තරමින් ජෙප්පො ලංකාවෙම පොලිසි වලට එක සැරෙ ගැහව්වාලු .
    එක පොලිසියක් මිස් උනාළු .
    අපි අහලා තියෙන විදියට පොලිසියෙ කෙනෙක් මලොත් මිනිපෙට්ටිය බිම දිගෙ ඇදගෙන යන්න ඔනි .
    ඒ වගෙම පාතාලෙ, කුඩු විකුණන ,කස්ප්පු පෙරන ,චණ්ඩි වගෙ ටයිප් උන්ට ජෙප්පො ගැහැව්වා .
    ඒ දවස් වල පාතාලෙ නැහැ .
    පොලිසි වලට නෙමෙයි ඉස්සෙල්ල ගැහුවේ... එයාලව විවේචනය කරපු ඕනේ කෙනෙක්ට පහුවෙනිදට ලියුමක් එනවා දඬුවමක් පනවල.... සමහර විට ඒක තුම්මන් හන්දියක බෝඩ් එකක් මුළු දවසෙම උස්සගෙන ඉන්න හෝ ඒ සමාන දඬුවමක්. එහෙම නොකරොත් බොහෝ වෙලාවට රෑට ගෙනිහිල්ල පාරේ ලයිට් කණුවක ගැට ගහල මරලා දැම්මා..... උඹල පොඩි නිසා අතීතේ හරියටම දන්නේ නැහැ... මම මේ කරන විවේචන ඒ දවස් වල කරානම් මාවත් අනිවාර්යයෙන්ම මරලා දානවා...

    ගුණදාස කපුගේ කොච්චර UNP විරෝදී උනත් මෙයාල කරන මේ දේ විවේචනය කරපු නිසා මරණයට ලෑස්තිවෙන්න කියල ලියුමක් ආව. අනුරාදපුරේ අපේ තාත්තගේ ක්වාටස් වල තමයි ඉඳලා පන බේරගත්තේ .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,154
    8,855
    113
    Gotham City
    පොලිසි වලට නෙමෙයි ඉස්සෙල්ල ගැහුවේ... එයාලව විවේචනය කරපු ඕනේ කෙනෙක්ට පහුවෙනිදට ලියුමක් එනවා දඬුවමක් පනවල.... සමහර විට ඒක තුම්මන් හන්දියක බෝඩ් එකක් මුළු දවසෙම උස්සගෙන ඉන්න හෝ ඒ සමාන දඬුවමක්. එහෙම නොකරොත් බොහෝ වෙලාවට රෑට ගෙනිහිල්ල පාරේ ලයිට් කණුවක ගැට ගහල මරලා දැම්මා..... උඹල පොඩි නිසා අතීතේ හරියටම දන්නේ නැහැ... මම මේ කරන විවේචන ඒ දවස් වල කරානම් මාවත් අනිවාර්යයෙන්ම මරලා දානවා...

    ගුණදාස කපුගේ කොච්චර UNP විරෝදී උනත් මෙයාල කරන මේ දේ විවේචනය කරපු නිසා මරණයට ලෑස්තිවෙන්න කියල ලියුමක් ආව. අනුරාදපුරේ අපේ තාත්තගේ ක්වාටස් වල තමයි ඉඳලා පන බේරගත්තේ .
    විජෙ කුමාරතුංගවත් මැරුවෙ මෙ ගොල්ලො නේද ?
     
    • Like
    Reactions: War Fighter