මේ රටේ මීලඟ පාලකයා වීමට රනිල් තරම් සුදුස්සෙක් නැත.
එතුමාගේ සුදුසුකම්:-
ගෝනවල සුනිල් තම පෞද්ගලික ලේකම් ලෙස තබාගෙන බටලන්ද වධකාගාරය පවත්වාගෙන යමින් විජේදාස ලියනාරච්චි ඇතුළු රටේ වැදගත් චරිත වදහිංසා පමුණුවා අමානුෂික ලෙස ඝාතනය කිරීම, කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු 5000 කට අධික පිරිසක් ඝාතනය කිරීම.
ඝාතනය කිරීම් සදහා, කකුල් පලා ලුණු දැමීම, ඇස්වලට පරාල ඇණ ගැසීම සහ ඉන් අනතුරුව ඇස් උගුල්ලා මිරිස් කුඩු දැමීම ආදී අමානුෂික ඝාතන ක්‍රම යොදා ගැනීම මෙන්ම මරණ එක පිට එක ගොඩ ගසා ටයර් සෑ තනවා පුලුස්සා දැමීම.
2015 න් පසු ආ යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස කටයුතු කරමින් මහමැතිවරණ වියදම් සපයාගැනීම සහ තම ගෝල බාලයන්ට සන්තෝසම් ලබා දීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව මංකොල්ල කෑම සහ එහි ප්‍රධාන චූදිතයා වන එවකට මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් හොර රහසේම සිංගප්පූරුව බලා පිටත් කර හැරීම සහ ඉන් අනතුරුව වතාවන් කිහිපයකදීම ඔහු හමුවීමට ගොස් ඔහුගේ සැප දුක් විමසා බැලීම.
මහ බැංකු මූල්‍ය වංචාව පිළිබද මාධ්‍යවේදින් ප්‍රශ්න ඇසූ විට අධික ලෙස තරහ ගෙන එම ප්‍රශ්නවලින් මෙන්ම අදාළ මාධ්‍ය වැඩසටහනින්ද ලිස්සා යාම.
විදෙස් මාධ්‍යවේදීන්ටද එපරිදිම පාට් දමා තමන් එක්ක සෙල්ලම් දාන්න බෑ යන අදහස ජාත්‍යන්තරයට ගෙනයාම.
ඡන්ද තියන්න සල්ලි නෑ, සල්ලි තිබ්බත් ඡන්දයක් නෑ යනුවෙන් පවසා පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඡන්දදායකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීම.
වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් මෙරට ස්ථාපනය කරවා රැකියා අවස්ථා දහස් ගණනක් උත්පාදනය කිරීම, WIFI නොමිලේ මුළු ලංකාවම ආවරණය වන පරිදි ලබාදී මුළු රටටම නොමිලේ අන්තර්ජාලයට ප්‍රවේශ වීමට අවස්ථා සැලසූ ලොව පළමු සහ එකම රට ශ්‍රී ලංකාව බවට පත් කිරීම.
සාමාන්‍ය පෙළින් පසු සියලුම සිසුන්ට ටැබ්ලට් පරිගණකයක් ලබා දීම.
අර්බුදය අවස්ථාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හොරුන්ගේ ඡන්දයෙන් රටේ ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් වී, ජනාධිපති වීමට ඡන්ද ප්‍රමාණවත් නොවූ අනුර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම අර්බුදයෙන් පැන ගියා යැයි වීරයෙකුගේ විලසින් මෝඩයෙකු ලෙස ප්‍රකාශ කර තමන් කියූ කතාවට සිනාවීමට කෙනෙක් නොමැති නිසා තමන්ම සිනාවී ස්වයංවින්දනයක නිරත වීම