Answered 88/89 සිදුවූ දේ ගැන ඔබ තාමත් දන්නෙ නැද්ද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    9,377
    13,058
    113
    88/89 ගැන වැරදි වැටහීම් ඇති කරගෙන ඉන්න අයටත් දැනගන්න මෙම වටිනා ලිපිය හැකිතාක් share කරන්න.

    මෙම වටිනා ලිපිය කියවලා, බුද්ධිමත්ව හිතලා තේරුම් අරගෙන, ඔබේ වැඩිහිටියන්ට මේ ගැන තේරුම් කරලා දෙන්න.නැතහොත් ඔබේ වැඩිහිටියන් නිසා නැවතත් වැරදි පාලකයන්ට බලය යනු ඇත.

    ඔබේ වැඩිහිටියන්ගෙන් jvp එකට චන්දෙ දෙන්නෙ නැත්තෙ ඇයි කියල ඇහුවොත් ඔවුන් කියන්නෙ 88 - 89 කාලෙ මතකනෙ කියන එක තමා ගොඩක් අයගෙ උත්තරේ.

    ඒත් ඒ ඔක්කොටම 2020
    න් පසු මේ දක්වාම රටේ ජනතාව පට්ටම දුකක් විදිනවා සහ තවමත් විදවනවා කියලා අමතකයිනේ.. අපෙ අම්මලාගෙන් සහ පවුලෙ අයගෙන් ඇහුවම කියනවා jvp නම ඇහුවත් බයවෙන්න කියලා ඒ කාලෙ පාලකයො(සජිත්ගෙ පියා ප්‍රේමදාස) මිනිස්සුන්ගෙ ඔලු බය කරාලු. ඒ නිසා ඒ බය තවම තියෙනවලු..

    jvp කියන්නෙ කව්ද ඒ තරම් බය වෙන්න? අපි 2022කේ මේ රටේ මජර දේශපාලනයට එරෙහිව සහ පාලනයේ දූෂිත පීඩාව ඉවසාගෙන ඉන්න බැරිම තැන ගෝඨාභයට එරෙහිව කරපු අරගලයම තමයි 88 -89 කාලෙ අපෙ වයසෙම හිටපු තරුණ සහෝදර සහෝදරියො කලේ. ඒ අරගලය කලෙත් ප්‍රේමදාසගෙ පාලනය දූෂිත වූ නිසා සහ යහපත් පාලනයක් ඇති කරන්න ඕන උවමනාව නිසා. ඒ අරගල කන්ඩායම තමයි jvp නමින් රටේ අරගලය කරගෙන ගියේ.

    අන්තිමට ඒ කාලෙ හිටපු මේ වගේ අවලං පාලකයො(සජිත්ගේ පියා, ප්‍රේමදාස) කරේ ඒ තරුණ ජීවිත දස වද දීලා මරලා දාපු එක. අහිංසක කෙල්ලො දූෂණය කරා, තරුණ කොල්ලන්ගෙ ලිංගේන්ද්‍ර කැපුවා, ටයර් සෑයවල් වල පණ පිටින් පිච්චුවා.. කටු කම්බි ගිල්ලුවා.තවත් බොහෝ අප රාධ කරමින් සියල්ල jvp එක පිටින් යවපු එක තමයි කරේ.

    ඇයි එච්චර ඒ අය දුක් වින්දෙ?මේ රට ඒ කාලෙම හදන්න නේද?

    විශ්ව විද්‍යාල උගත් තරුණ තරුණියෝ ඇතුලු තරුණ පරපුර 60000කට ආසන්න ප්‍රමාණයක් දස වද දී මරලා දැම්මා. උගතුන් මරලා මෝඩයෝ රටට ඉතුරු කරා. එහෙම කරේ රට වෙනුවෙන් කිසිම දවසක කතා කරන්න උගතෙක් ඉතුරු නොකරන්න. මෝඩයෝ ටිකක් රට පාලනය කරන්න. ඒ මෝඩයෝ තමයි පක්ෂ වලට වර්තමානය තුල කඩේ යන්නෙ. ඒ මෝඩයා තමයි දැන් දේශපාලනය තුල ඉන්නෙ. ඉතින් රටක් හැදෙයිද? අර අහිංසක තරුණ ජීවිත පූජා කරපු එකට සාධාරණයක් වෙයිද?

    එකල ජනමාධ්‍යයෙන් පාලකයන්ගේ කීමට ජනතාවට බොරු ප්‍රවෘත්ති තමයි ප්‍රචාරය කලේ...ඒකාලේ facebook තිබ්බේ නැ.. Smart phone තිබ්බේ නැ... 2022 අරගලය ටිකක් හරි වෙනස් වුනේ socialmedia එකට පිං සිද්ධ වෙන්න.. දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ...
    එනිසා අපේ වැඩිහිටියො jvp එක ගැන තවමත් වැරදි මතයක ඉන්නේ.

    Jvp නම ඇහුවත් බය වෙන තරමට සහ යලි ඒ ගැන හිතන්නවත් බැරිවෙන තරමට එකල පාලක යො(ප්‍රේමදාසල) ජනතාව බි ය වැද් දුවා. එකල ජනතාව මෙකල අපෙ වැඩිහිටියො.

    ඉතින් අපිත් මෙකල ඒ කතා අහලා අනේ බයේ බෑ තමා කිය කිය චන්දෙ කාලෙට අර නාට්‍ය පෙන්නන හැත්තට ඡන්දෙ දෙනවා. අලි සහ පොහොට්ටු උං දෙකට බෙදිලා, එකම පැත්තක ඉදන් ඡන්දෙ අරන් උන් උන්ම රැකගෙන හොරා කාලා ජනතාව පීඩාවට පත් කරලා රට හැමදාම පාලනය කරනවා.

    ඒකේ ප්‍රතිවිපාක අද අහිංසක ජනතාව දුක් විදිනවා.ඔබ ගන්න පඩියට නිසි වටිනා කමක් නෑ නේද.

    ඇයි පාලකයොන්ට විතරක් සැපවත් ජීවිතයක් ගත කරන්න ඉඩ දෙන්නෙ.
    අරගල කරලා අපි හොයන රට අපිට ගන්න බැරිනම් එකම විසදුම ඡන්දය. ඉතින් මේ සැරේ ඡන්දයෙන් අපෙ අරගලය දිනවමු. එකම එක සැරයකට ජාතික ජනබලවේගයට අපෙ ඡන්දය දීලා බලමු. උන් මේ රට හදයි. අර මියගිය ජීවිත වලට සාධාරණයක් ඉටු කරමු.

    හොරු රැලට නීතිය ඉදිරියේ දඩු වම් පමුණුවා හොරකම් කර ඇති මුදල් නැවත ලබා ගෙන රට දියුණුවේ මාවතට ගෙන යා හැකි
    එකම විකල්පය ජාතික ජනබලවේගය පමණයි.
    ඒ විකල්පයට දැන්වත් යමු. රජවරු වෙනුවට සහෝදරයන්ට රට බාර කරල,රටම දිනවමු!

    මාලිමාවට ජය වේවා 🧭 ❤️
    AKD 💪✊❤️⏱️

    Copied…
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    34,574
    101,525
    113
    දෙහිවල
    L2FFtJi.jpeg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    39,775
    79,704
    113
    71 මොන ලබ්බක්වත් වෙලා නෙවෙයි නේ ආයුධ ගත්තේ ඕක ඔය සමාජවාදී උන්ගෙ ගොන් මොල වල තියෙන අදහසක්. මරලා හරි ගන්න ඕනි කියන එක.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    10,220
    1
    21,019
    113
    අනුර කියන්නෙ ඇවිදින කොම්පියුටර් එකක් කොහොමද මතක සක්තිය වරදින්නේ නෑ රට භාර දුන්නොත් දුෂනය වංචාව හොරකම නැතිවෙන කොට ආර්ථිකය ශක්තිමත් වෙනව ඒගැන බියවිය යුතු නැර්‍
     
    • Love
    Reactions: Jack London

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,800
    7,263
    113
    Sherwood වගේ තැනක
    88/89 සියල්ල කලේ ප්‍රේමදාස කියල ඒ ගොඩට දාන්න බෑ... ජවිපෙත් වැරදි කරා.. එකල සමාජවාදී ලයින් එක තිබ්බේ පීඩිතයාට බලය ගන්න පුලුවං අරගලයකිං ම පමණයි කියන එක. ඒත් ඇත්තටම උනේ ජෙප්පො කියල ඇත්තටම රට ගැන හැඟීමක් ඇතුව එකතු වෙලා හිටිය තරුණ කොල්ලො කෙල්ලො ටිකක්ව යූස් කරල එවකට හිටි පාලක පන්තිය ගේම ගහ ගත්ත එක..

    පස්සෙ කාලෙක හරි ජවිපෙ ඒ වගේ යූස් නොවී නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආපු එක තමයි හරි තීරණය. මේ හැම දේම අපි බලන්න ඕන ලෝක දේශපාලනෙත් එක්ක. ඇත්තටම බැලුවොත් ජේ ආර් ඒ කාලෙ කොක්කෙන් හරි කෙක්කෙන් හරි ලෝක දේශපාලනේ යන විදිහ තේරුම් අරගෙන ගේම ගැහුව. ඒකෙන් පටන් ගත්ත ගමනෙ අපේ රටට හොඳ දේවල් වගේම නරක දේවලුත් ගොඩක් උනා..

    හැබැයි වර්තමානෙ තත්වෙ වෙනස්.. රට ගැන කිසිම වගක් නැති හොරු, තමන්ගෙ වාසියට මිනී මරපු උන් එකතු වෙලා 88/89 කියල සුදනො වෙන්න යනව.. ඒ ජවිපෙ ආයුධ අතට ගත්‍තෙ පෞද්ගලික වාසි බලං නෙවෙයි, හැබැ දැං ඉන්න තක්කඩි ආයුධ අතට ගන්නෙ හෝ ආයුද අතට ගත්‍ත උන් ලව්ව මරවන්නෙ තමන්ගෙ හොරකං වහ ගන්න.. බලේ රැක ගන්න.. ඒකයි වෙනස.

    වැරැදි දේට වැරදී කියන්න ඕන.. හැබැයි 88/89න් පස්සෙ රට කාපු හුත්තිගෙ පුතාලට ඕන තරං අවස්තා තිබ්බ මේ රට හදන්න.. එහෙම නොකරන්නෙ .. මේ රට හැදුනොත් උන්ට තවත් බලේ ලැබෙන්නෙ නැති නිසා
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    10,338
    1
    6,981
    113
    -~උලක් උඩ-~
    රුපියල් පන්දහසේ නෝට්ටුවේ සිටින කුරුල්ලා ගැන ඔබ දැන සිටියාද. උගේ නම yellow eared bulbul, වශයෙන් සඳහන් කළ හැක. විද්‍යාත්මක නාමය (pycnonotus penicillatus වෙයි.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,469
    113
    48
    Glen Ellen, California, U.S.
    මම හොඳටම දන්නා දෙන්නෙක් ඉන්නවා එජාප සාමාජිකයෝ වුනු වරදට මැරුම් කාපු. උන් එහෙම මැරුම් කාලා තියෙන්නෙත් අඩුම ගානේ ඔය කියන ද්‍රෝහීකමකට නෙවෙයි, එක තේරුම් කරන්න තවමත් හිතාගන්න බැරි සාපරාධී ඝාතන. එකම වැරැද්ද සහයෝගය දුන්නේ ආණ්ඩුවට.

    මම දැකල තියෙනවා ගිනි තබපු රාජ්‍ය දේපළ, මම දැකල තියෙනවා මුන් එවපු තුණ්ඩු. මම දැකල තියෙනවා අපේ ගෙදර ඉස්සරහ දොරේ අලවපු පෝස්ටර. මේ ඔක්කොම කලේ මොකක් ලබාගන්නද?

    උන්ට තිබුනා විප්ලවයක් කරලා රට අල්ලන ළදරු සිහින, ඒවා මහපොළවේ යතාර්ථයක් වෙන්නේ මහජනයාගෙන් එන සහයෝගය එක්ක, පහුගිය අරගලේ වගේ එකක් තිබුනා නම් සාර්ථක වෙන්න ඉඩක් තිබුන, නමුත් ඔය යුග දෙකෙහිම ඒ මොකවත් නැහැ. උතුරේ යුද්ධයත් ඉන්දියානු මැදිහත්වීම නිසා ඇති වුනු කැළඹීමත් තිබුන, නමුත් මිනිසුන් කෝපය පල කලේ ඉන්දියාවට එරෙහිව මිසක් රජයට එරෙහිව නොවෙයි. ඔය හේතුව නිසයි එජාපය ඊළඟ ඡන්ද දිනුවෙත්, 94 මහා මැතිවරණය පරාජය වුනෙත් එක ආසනයක වෙනසකින්.
     
    • Like
    • Dislike
    Reactions: gannicuz and ruka!