90-2000 දශක මතක ගැන සමාජ-විද්‍යාත්මක-දෙශපාලන කතිකාවක්

namal_sir_buduwewa

Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ මතක ගැන ආවරජණය කරන ගමන් ඒ මතක යට තිබුන යතාර්ථය (Nostaliga vs Reality) ගැනත් කතාකරන එක. මම ටිකක් Topics දැම්මා පොඩි අයිඩියා එකක් ගන්න. මට ගොඩාක් අත්දැඛීම් නම් නෑ.. තම තමන්ගේ අදහස් දෙන්න. බැනගෙන රණ්ඩුවෙන්නනම් එපා රත්තරන්ලා. 🙏🙏🙏

    ගඟේ දොලේ නාන එක

    ඉස්සර ගොඩක් ගෙවල්වල ඉඩමේ තිබුන ළිංවල වතුර එක්කෝ කිවුල් නැත්තම් වතුර මදි (විශේෂයෙන් පායන කාලෙකට ). ඉතින් රෙදි හෝදන්න ගඟට හරි වැවට යන්නම වෙනවා. උදේ ගියා කියන්නේ ආපහු දවල් කෑමට තමයි එන්නේ. 2000 මුල් ගනන් වල වගේ ලංකාවේ ගොඩක් පැතිවලට බට ලයින් එකේ වතුර ආව, ඊට පස්සේ ඒ පුරුදු නැතුව ගියා. අනික මිනිස්සු අඩුවෙනවා එක්ක සමහර පැතිවල නානතොටවල් වල් වැදුනා, කිඹුල්ලුත් වැඩිවුනා, ඒකෙන් තවත් මිනිස්සු යන එක අඩුවුනා.
    ගොඩක් වෙලාවට අම්මල, ගෑනු අය තමයි රෙදි හෝදන්නයි නාන්නයි ළමයි එක්ක යන්නේ. ටැප් ලයින් එන්න කලින් ඒ මිනිස්සු අපා දුක් විඳේ. දවල් ගිනි ගහන අව්වේ පවුලෙම එදි පොට්ටනියත් කරේ තියන ළමයිත් අරන් ආපහු ගෙදර ඇවිත් උයන්නත් ඕන.

    පත්තර

    පත්තර ගැන කියනවනම් ඒ කාලේ තිබ්බ ලොකුම ඉරිදා සිංහල පත්තර තුන තමයි දිවයින, සිළුමිණ (ලේක් හවුස්) සහ ලංකාදීපය.
    ලේක් හවුස් උනත් ලංකාදීපේ ගොඩාක් ශාස්ත්‍රීය ලිපි ගියා (Arts/History/Culture සයිඩ් එකේ ) ඒක නිසා උගත් කියවන්න කැමති අය ගොඩක් මේ පත්තරේ ගත්තා. දිවයින පත්තරේ උනත් සාමන්‍යෙන් මධ්‍යස්තයි ඒ කාලේ.

    දිනපතා පත්තර නම් ගොඩක් තිබුනා ලක්බිම, දවස, දැන් නම් මතකත් නෑ.

    ඉන්ග්‍රීසි පත්තර වලින් නම් Sunday times, Sunday Observer(ලේක් හවුස්) The Island තමයි ජනප්‍රියම. Sunday Times එකේ කියන Mirror අතිරේකේ තමයි ඉන්ටර්නෙට් නැති කාලේ අත්ට්‍රැක්ටර් පදින ප්‍රධාන මාර්ගේ.

    කාන්තා පත්තරත් ගොඩක් ප්‍රසිද්ධයි ඒ කාලෙ. මැහුම් ගෙතුම් ඉගෙනගන්න ලොකු උනන්දුවක් තිබුනා ඒ කාලේ ගෑනු අයට. ගොඩක් මේ පත්තරවල ගියේ ඒ ගන , කෑම හදන හැටි වගේ දේවල්. තරුණි කියලා පත්තරයක් හොඳට මතකයි.

    පිරිමි අයට තරුණයා කියලා පත්තරයක් තිබුනා. ඕක ගෙදර අරන් ඇවිත් බනුම් අහලත් තියනවා.

    පොඩි අයට පත්තර සෙට් එකක් තිබුනා.
    1-4 වසර හපනා කියලා පත්තරයක් ඒ කාලෙ ප්‍රශිද්ධයි.
    4 වසරෙන් පස්සේ විදුසර, විජය පත්තර තමයි. විජය පත්තරේ ලංකා සිතියම හදපු අය (2000-2001) මෙතන ඇතිනේ.

    ක්‍රීඩා (Started 2003) කියලා සඟරාවකුත් ඒ කාලේ ප්‍රසිද්ධයි. ලේක් හවුස් එකෙන් ගැහුවේ. ගොඩක් ක්‍රිකට් විස්තර තිබ්බා. ඕකෙ මැදපිටුවේ තිබුන පෝස්ටර් ගේ පුරාම ගහන් හිටියා ඒ කාලේ.

    මේ කාලෙ තිබුන ලොකුම ප්‍රශ්නේ තමයි දැනුම් ඌණ තාවය සහ, අප්ඩේට් නැතිකම. ගොඩක් මාධ්‍ය රජයේ බලපෑමට යටත්. ඉතින් පත්තරවල ලියපු දේවල් ඇත්ත විදියට පිලිගන්නවා මිසක් ඒවා ප්‍රශන කරපු මිනිස්සු සමස්ථයක් වශයෙන් ඉස්සර ගොඩක් අඩුයි. මේ නිසා ඒ කාලේ සමාජ සංස්කෘතික ක්‍රමය ප්‍රශ්න කරපු මිනිස්සු, ආගම් ප්‍රශ්න කරපු මිනිස්සු හොයාගන්න අමාරු උනා. හිටියත් එලියට ආවෙත් නෑ.

    යුද්ධය

    යුද්ඪය ඉතාම අමිහිරි අත්දැකීමක් උනත් ඒ කාලේ ජීවත් උන අයට අමතක කරන්න බැරි දෙයක්. දේශපාලනිකව 90 දශකයේ යුද්ධය ගැන තිබුන සමාජ මතය සහ දැන් මතයේ සැලකිය යුතු වෙනස්වීමක් මම දකින්නේ නෑ. ලංග ගෙවල් වල ගම්වල කොල්ලො පෙට්ටි වල ගෙදර ආපු අවස්ථා ගොඩාක් තිබුනා. ගොඩාක් හමුදාවට බැඳුනෙත් අඟහිගකම් තිබ්බ පවුල් වල අය.
    ඒ කාලේ යුද්ධය ගැන විශ්වාස කටුයුතු තොරතුරු තිබුනේ Sunday times එකේ ඉක්බාල් අත්තාස් ගේ කොලමේ.
    2001-2003 දී වීසා අරන් යාපනේ ගිය හැටි, ඒ ගිහින් දකින දකින ලමයට ටොපි චොකලට් දීලා ආපු කතා ගොඩක් අහලා තියනවා.

    මෑතකාලීන මතකයක් නිසා ගොඩක් කතාකරන්න යන්නේ නෑ.

    ගමට ලයිට්

    මේ කාලෙදි ලංකාවේ ලයිට් නැති ගම් ගොඩක් තිබුනා. හවස් වෙද්දී පැට්‍රෝල් මැක්ස් එක ලෑස්ති කරන් ගිහින් සාලෙන් තියනවා. පස්සේ ටියුබ් ලයිට් හයිකරාට වගේම එලියක් පැට්‍රෝල්මැක්ස් එකේත් තිබුනා. කාමර වලටනම් කුප්පි ලාම්පු තමයි.
    කෑලි 5 රේඩියෝ නම් හැම ගෙදරම තිබුනා. TV රන් කරන කාර් Battery නම් චාජ් කරන්න ඔනේ ගරාජ් එකකට හරි වින්කලේකට හරි දීලා. එක බැට්ටරියෙන් පැය 5-6ක් වගේ TV බලන්න පුලුවන් කළු සුදු සෙට් එකක්නම්. ලයිට් ගත්තට පස්සේ එකක් අලුතින් TV ගන්න සල්ලි නැති නිසා තිබුන සෙට් එකම කරන්ට් එකෙන් දුවන්න හදාගත්තා. දිගටම දාලා තිබ්බම ඕෆ් වෙන්නේ නැති TV එකකට ඔලුව හදාගන්න කාලයක් ගියා. ගොඩක් ඇබ්බැහිත් උනා.

    පොල්කටු ඉස්තිරික්කයක් හැම ගෙදරකම වගේ තිබුනා. උදේට ඕකෙන් රෙදි මදිනවා කියන්නේ අනිවා පරක්කු වෙලා තමයි ස්කෝලේ යැවෙන්නේ.
    ලයිට් ගත්තට පස්සේ ස්විච් ගහන්න බිත්තියේ බට ගහපු පාරවල් අවුරුදු ගානක් තිබුනා.

    ගම් වලට ලයිට් ආපු එකෙන් ලොකු සමාජ පෙරළියක් උනා. කුප්පි එලියෙන් පාඩම් කරනවා කියන්නේ නින්දට අතවනන වැඩක්. ඉතින් ගම්වල ගොඩක් ලමයි ලයිට් එලියෙන් පාඩම් කරලා විශ්වවිද්‍යාල වරම් ලැබුවා.

    (To be Contd.)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි ඉස්කෝලේ ගියේ පයින්..කි.මී. 2 විතර.ඒ කාලේ බස් අඩුයි.

    වේගයෙන් ඇවිදින රේස් එකක් ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදරට එන එක.අපේ ගෙවල් තිබ්බේ ගමේ අන්තිම බස් නැවතුමටත් එහා.බස් එකක් එනකම් හුගක් වෙලාවට ඉස්කෝලේ ගාව නැවතිලා හිටියේ කෙල්ලෝ ටික.අපිට තිබ්බ චැලෙන්ජ් එක තමයි උන් එන බස් එකට කලින් අන්තිම හෝල්ට් එක පහු කරන එක.පට්ට ආතල් ඒ කාලේ..


    90 මුල් කාලේ වෙනකම් ටීවී බැලුවේ කිව්වා වගේ බැටරියෙන්..චාර්ජ් කරන්නේ ලග තිබ්බ වීමෝලකින්.ටීවී එක බලන්නේ රෑ විතරයි හුගක් වෙලාවට .මතක විදියට ඒ කාලේ චැනල් පටන් ගන්නේ දවල් එක්කෝ හවස් වෙලා.පස්සේ තමයි ඔය උදේ පාන්දර ඉදලා ප්‍රෝගෑම් දාන්න පටන් ගන්නේ.ප්‍රවෘත්ති ,නාට්‍යයක් වගේ තමයි ඒ කාලේ බැලුවේ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අතීතය හරි සුන්දරයි බන්. ඉස්කෝලේ ගාවින් අච්චාරු ටිකක් , බයිට් ටිකක් අරගෙන කාලා ගෙදර ඇවිත් වටේ පිටේ කොල්ලෝ කුරුට්ටෝ එක්ක සෙල්ලම් කරලා ගත්ත සතුට මට නම් දැන් ලැම්බොගිනියක් පැදලවත් ගන්න බෑ. රුපියල් 5-10 එකතු කරලා බෝල බැට් අරන් ක්‍රිකට් ගහනවා. පුවක් කොළ පත් පදිනවා. කුරුම්බා බොනවා. ගස් මාරු කරනවා. දාන් අදිනවා. කැට ගහනවා. චක්ගුඩු කරනවා , බට්ටා පනිනවා. ටින් කඩනවා. සම්බෝල කඩනවා.
     
    • Like
    Reactions: Yeezus