911 ස්ථාපනයට හේතු සැපයූ කිටී ජෙනොවීස් ඝාතන ස&#

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    911 ස්ථාපනයට හේතු සැපයූ කිටී ජෙනොවීස් ඝාතන ස&#

    විසි වන සියවසෙහි ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සිදු වූ මනුෂ්‍ය ඝාතන අතුරින් කිටී ජෙනොවීස් ඝාතන සිද්ධිය ඉතා සුප්‍රසිද්ධ සිදුවීමක්. විශේෂයෙන් මේ සිද්ධියේ දී අසල්වාසීන්ගේ හැසිරීම ඉතා දැඩි ලෙස විවාදයට තුඩු දුන් කාරණාවක් වුණා.

    ඝාතන සිද්ධිය

    1964 වසරේ ඇමෙරිකනු මාධ්‍ය මඟින් නිතර නිතර කතා කළ එක් පුවතක් තිබුණා. ඒ තරුණ කාන්තාවක්, නිව්යෝක් නුවර පිහිටි සිය නිවස ඉදිරිපිට දී පිහියකින් ඇණ කුරිරු ලෙස ඝාතනය කළ පුවත යි.

    1964 වසරේ මාර්තු මස 13 වන දා මෙලෙස ඝාතනය වී තිබුණේ 28 හැවිරිදි කිටී ජෙනොවීස් නම් කාන්තාවක්. ඉතා ප්‍රසන්න පෙනුමක් තිබූ ඇය බොහෝ දෙනා සමග හොඳින් කුළුපගව කතා කළා. එමෙන්ම ඇය තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගත හැකි පන්නයේ වගකීම් සහගත හා පරීක්ෂාකාරී අයෙක් වුණා. කෙසේ නමුත් අළුයම 3.15ට පමණ ඇය සොයා ආ මරුවාට ඒ කිසිවක් අදාල වී තිබුණේ නැහැ.

    කිටී ජෙනොවීස් තවත් එක් මිතුරියක සමග හවුලේ ජීවත් වූ නිවස්නය පිහිටා තිබුණේ නිව්යෝක් නුවර තදාසන්න ජනාකීර්ණ පෙදෙසක යි. ඇය එහි වසර ගණනාවක් ජීවත් වූ අතර, අසල්වැසියන් සමග හොඳ සම්බන්ධතාවක් ද පැවැත්වූවා. තත්ත්වය එසේ තිබිය දීත් ඇය බේරාගන්නට ඔවුන් කිසිවෙකුත් ඉදිරිපත් නොවූයේ ඇගේ මොරගෑම් ඔවුන් බොහෝ දෙනාට ඇසුණු වටපිටාවක යි.

    බොහෝ පුවත්පත් සිද්ධිය වාර්තා කර තිබුණේ මෙසේ යි. ඝාතනය සිදු වූ දිනයේ අළුයම 2.30ට පමණ ජෙනොවීස් තමන් සේවය කළ තැබෑරුමෙන් නික්මෙන්නේ නිවස බලා යන්නට යි. නිව්යෝක්හි කිව් ගාඩ්න්ස්හි පිහිටි ඇගේ නිවසට, ඇය සේවය කළ ස්ථානයේ සිට තිබුණේ සැතපුම් කිහිපයක දුරක් පමණ යි. ඇය නිතරම මේ ගමන සඳහා භාවිතා කළේ සිය කාරය යි.

    ජෙනොවීස් සිය කාරය පණගන්වා ගමන් කරවීම ආරම්භ කරනවාත් සමග අසල වාහන නැවතුමකින් ඉවතට බට තවත් කාරයක් ඇය ලුහුබඳින්නට පටන් ගන්නවා. එය ඇගේ නිවස අසලටම ඇගේ පසුපසම පැමිණෙනවා. අළුයම 3.15 වන විට සිය නිවස ආසන්න වාහන නැවතුමේ සිය කාරය නවත්වන ජෙනොවීස්, ඉන් ඉවතට පැමිණ නිවෙස වෙත ඇති සුළු දුර පියමනින්නට ගන්නවා.

    ඇය ලුහුබැඳ ආ කාරයේ සිටියේ විවාහක තිදරු පියෙකු වූ වින්ස්ටන් මෝස්ලි නම් අය යි. ඔහු මීට පෙර කිසිදු අපරාධයක් සිදුකළ අයෙකු වූයේ නැහැ. ජෙනොවීස් කාරයෙන් ඉවතට බසිනවාත් සමග සිය කාරය ද පසෙක නවත්වන ඔහු පිහියක් ද රැගෙන ඉන් බැසගන්නවා. අනතුරුව ඇගේ පසුපසින් කෙමෙන් කෙමෙන් ඔහු ඇයට ළඟා වන අතර පිහිය ඔසවා දෙවරක් වැරෙන් ඉන් ඇයට අනිනවා. එක් වරම අනපේක්ෂිත ලෙස පිටුපසින් එල්ල වූ පිහි පහරේ වේදනාවත් දරාගෙනම ඇය කෑගසමින් ඇදවැටෙනවා. මෙය අසල්වාසී නිවාසවල කිහිප දෙනෙකුටම හොඳින් ඇසෙනමුත්, එය උදව් ඉල්ලා කළ කෑගැසීමක් ලෙස හඳුනාගන්නේ රොබට් මෝසර් නම් අයෙකු පමණ යි. නිවසෙන් ඉවතට පැමිණෙන ඔහු සිද්ධිය දකිනමුත්, මෝස්ලි හට 'ඔය කාන්තාව හැර යන' ලෙස ඉල්ලා සිටීම හැර ඊට වැඩි යමක් සිදු කළේ නැහැ. අනතුරුව ඔහු ද හැරී යනවා.

    පිහි ඇනුමෙන් අනතුරුව මෝස්ලි සිය කාරයේ නැගී පලායනවා. මෙය ද අසල්වාසීන් කිහිපදෙනක්ම දකිනවා. නමුත් කිසිවෙක් සිය නිවස්නවලින් ඉවතට පැමිණෙන්නේ වත් නැහැ. ජෙනොවීස් ඉතා අපහසුවෙන් බිම දිගේ ඇදෙමින් සිය නිවස්නෙහි ගේට්ටුව අසලටම යනවා.

    මිනිත්තු කිහිපයකට පසු මෝස්ලි නැවතත් සිය කාරයෙන් ජෙනෝවීස් සොයා පැමිණෙනවා. ඇය අඩ සිහියෙන් පාර අයිනේ වැටී සිටිනු දකින ඔහු නැවත කාරයෙන් බැස ඇයට කිහිප විටක් පිහි ඇනුම් සිදුකර, ලිංගික අඩන්තේට්ටම් ද සිදු කර පලා යන්නේ ඇය සතු වූ මුදල් හා කණකර ආභරණ ද පැහැරගෙන යි.

    ජෙනොවීස්ගේ තත්ත්වය ගැන පවසා ගිලන් රියකට නිර්නාමික ඇමතුමක් ලැබෙන්නේ අළුයම 4ට ආසන්න වේලාවක යි. එයට අදාල ස්ථානය කරා ළඟා වන විට පෙ.ව 4.15 පමණ වූ අතර, කඩිනමින් රෝහල කරා ගෙනගියත්, ඒ වන විට ඇය මියගොස් තිබුණා.

    ආඩි හත් දෙනාගේ කැඳ හැලිය

    ජෙනොවීස්ට කළ පිහි ඇනුම ඇගේ අසල්වාසීන් කිහිප දෙනෙකුම දැක තිබුණත්, ගිලන් රථවලට හා පොලිසියට ඇමතුම් ලැබෙන්නට අළුයම 4ට පමණ වීම කුකුසක් දනවන්නක් වුණා. පසුකාලීන පුවත්පත් වාර්තාවලට අනුව අසල්වාසීන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්නකිරීම් හමුවේ ඔවුන් සමහරෙක් පවසා තිබුණේ තමුන් පිහි ඇනුම සිදුවන මොහොතේම පොලිසිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත්, පොලිස් ස්ථානය විසින් සිය ඇමතුම්වලට ප්‍රමුඛතාව දැක්වූයේ නැති බව යි. තවත් සමහරෙක් පවසා සිටියේ අනෙක් අසල්වාසීන් පොලිසියට ඇමතුම් ලබාදෙනු ඇතැ යි සිතා තමන් එසේ නොකළ බව යි.

    අසල්වාසීන්ගේ උකටලී හා පුදුම සහගත හැසිරීම නිසා ඝාතකයා පිළිබඳ තොරතුරු සොයාගන්නට ද අපහසු වුණා. කෙසේ නමුත් පොලිසියේ වාසනවට ඉන් දින හයකට පසු, සොරකමක් කිරීමට යාමේ දී මෝස්ලි පොලිස් ග්‍රහණයට නතුවන අතර, එහිදී ඔහු ජෙනොවීස් ඝාතනය පිළිබඳවත් වමාරනවා. ඇය ඝාතනය කළේ ඇයි ද යන්න විමසීමේ දී ඔහු පවසා සිටියේ තමන්ට කාන්තාවක් ඝාතනය කිරීමේ 'සාමාන්‍ය ආශාවක්' තිබුණු බව යි.

    පසුකාලීනව මෝස්ලි හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ අතර. 2016 වසරේ දී බන්ධනාගාරය තුළ දීම ඔහු මියයනවා.

    අසල්වැසියෝ කුමක් කළා ද?

    කිටී ජෙනොවීස් ඝාතනය සිදුවූ මාර්තු මස 13 වන දා එය පුවත්පත්වල නිතරම අසන්නට ලැබෙන 'සාමාන්‍ය' මිනිස් ඝාතනයක් ලෙස පල වී තිබුණත්, මෙහිදී අසල්වාසීන් හැසිරුණු අසාමාන්‍ය ආකාරය ග්‍රහණය කරගන්නට මුලින්ම සමත්වන්නේ ඊට සති දෙකකට පසුව නිව්යෝක් ටයිම්ස් පත්‍රය යි. 37 දෙනෙකු ජෙනොවීස් ඝාතන සිද්ධිය දැක දැකත් අදාල ක්‍රියාමාර්ග ගැනීම ඉතා 'සාහසික' ලෙස පැහැර හැර ඇති බවට ඔවුන් චෝදනා නගා තිබුණා. මේත් සමගින් මේ සිද්ධිය පිළිබඳ පුවත ලැව්ගින්නක් සේ ඇමෙරිකා එක්සත් ජනපදය පුරාවටම පැතිරී ගියා.

    කිරී ජෙනොවීස් ඝාතන සිද්ධිය අධ්‍යයනය කළ සමහරක් දෙනා පවසන්නට වූයේ කලබලකාරී හා වෙහෙසකාරී ඇමෙරිකානු නගරබද ජන ජීවිතය මඟින් ජනයා ඉතා ආත්මාර්ථකාමී හා රාමුවකට කොටු වූ ජන කොට්ඨාසයක් බවට පත් කර ඇති බව යි. මෙය අවබෝධ කරගෙන ඉක්මණින්ම එහි වෙනස්කම් සිදු නොකරගතහොත් අනාගතයේ දී මෙය ඉතා දරුණු පිළිලයක් වනු ඇතැ යි වැඩි දුරටත් ඔවුන් පවසා සිටියා.

    කිටී ජෙනොවීස් ඝාතන සිද්ධියේ දී අසල්වාසීන් හැසිරුණු ආකාරය පිළිබඳව අධ්‍යයනය කරන්නට මනෝවිද්‍යාඥයින් තීරණය කරන්නේ උක්ත ආකාරයේ වටපිටාවක යි. ඒ අනුව ජන සමාජයේ ස්වභාවයන් හා, මිනිස් ඝාතනයක් වැනි ඉක්මණින් ක්‍රියා කළයුතු අවස්ථාවන්හී දී 'කර ඇර සිටීම' අතර ඇති මනෝවිද්‍යාත්මක සම්බන්ධයන් පිළිබඳව පර්යේෂණ සිදුකෙරුණා. කිටී ජෙනොවීස් සිද්ධිය කරණ කොටගෙන සිදුකෙරුණු පර්යේෂණවලට අනුව විවිධ කල්පිතයන් ගොඩනැගුණු අතර, ඒවා යොදාගනිමින්, අසල්වාසීන්, සමීපතමයන් හෝ ආගන්තුකයන් ලෙස තමන් දකින සමහර සිද්ධීන්වලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව විවිධ සමාගම්, පාසල් වැනි ආයතනවල පුහුණු කිරීම් අද වන විටත් සිදුවෙනවා. මේ කරුණු නිසා ජෙනොවීස් ඝාතන සිද්ධිය කෙතරම් ප්‍රසිද්ධ වී ද යත් පොත්, රූපවාහිනී වැඩසටහන් වැනි දේ රාශියක් එය ගුරු කොට නිපදවුණා. ඇමෙරිකාවේ ක්‍රියාත්මක වන අංක 911 හදිසි ඇමතුම් සේවය ස්ථාපිත කිරීමටත් මේ සිද්ධිය විශාල හේතුවක් වුණා.

    පසුවදන

    2016 වසරේ මෝස්ලි මියගිය පසු මේ සිද්ධිය පිළිබඳ නැවතත් කසුකුසුවක් ඇතිවුණා. එහිදී ලිපියක් ඉදිරිපත් කරමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා සිටියේ, මීට වසර 52කට පෙර තම පත්‍රයේ පල වූ ලිපියේ කිටී ජෙනොවීස් ඝාතනයේ දී ඇගේ අසල්වාසීන් පිළිබඳව දක්වා ඇති කරුණු, ලියුම්කරු විසින් අතිශ්‍යොක්තියකින් දක්වා ඇති බව යි. ඝාතනය සැබවින්ම සියැසින් දැක ඇත්තේ 37කට වඩා ඉතා අඩු ප්‍රමාණයක් බවත් ඔවුන් වැඩිදුරටත් දක්වා තිබුණා. ඔවුන් ද එහි වැඩි කොටසක් දැක නැහැ. කෙසේ නමුත් එම ලිපිය, කිටී ජෙනොවීස් ඝාතන සිද්ධිය හෝ ඊට අදාලව සැකසුණු සිද්ධාන්ත කෙරෙහි වූ ජන ප්‍රසිද්ධිය බිඳකදු හෝ අඩු කරන්නට සමත් වූයේ නැහැ.


    https://roar.media/sinhala/main/history/the-murder-of-kitty-genovese/
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    reputation.gif
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    මේ සිද්ධිය ගැන වැඩි විස්තර දැනගන්න කැමති අය "The Witness (2015)" කියන documentary එක බලන්න. Youtube එකෙත් ෆුල් documentary එක දාලා තියෙනවා. හුගක් හොද documentary එකක්. highly recommended. :yes: කිටී ජෙනොවීස්ගෙ murder එකෙන් දශක ගණනාවකට පස්සෙ ඒ සිද්ධිය ගැන එළි නොවුනු විස්තර හොයන්න කිටී ජෙනොවීස්ගෙ සහෝදරයා ගන්න උත්සාහෙ තමයි මේ documentary එකෙන් කතා කරන්නෙ.


    MV5BZTZjNDQ0OGQtZTU3OC00MmUzLTg0ODMtNTExNjM4YzRlN2MxXkEyXkFqcGc@._V1_.jpg