96 ජය සැමරුම් උළලෙනුත් ක්‍රිකට් ආයතනය වංචාවක ?

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    27.jpg

    1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව
    දිනූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට උපහාර දැක්වීම සඳහා පසුගිය 17 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 57ක මුදලක් වියදම් කර ඇති බවට ඉරිදා ‘මව්බිම” ට තොරතුරු වාර්තා වේ.

    මෙම උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අරලියගහ මන්දිරයේදී පැවැති අතර එය සංවිධාන කරන ලද්දේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැස්වීම් ශාලාවේ මෙම
    උත්සවය සංවිධානය කර තිබූ අතර එම කටයුතු වෙනුවෙන් වියදම් දරා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය මඟිනි.

    1996 ලෝක කුසලානය දිනාගත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්
    වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවැති දිවා
    භෝජන සංග්‍රහය වෙනුවෙන් සියලුම වියදම් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෞද්ගලිකවම දරා ඇති බවද වාර්තා වේ.

    එවැනි තත්වයක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම උත්සවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 57ක බිලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාටද තොරතුරු වාර්තා වී ඇති අතර මෙම සිද්ධිය ගැන අග්‍රාමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමු වී ඇති බවද වාර්තා වෙයි.

    ඩිජිටල් තිරය, ඡායාරූප කිහිපයක් එල්ලා තැබීම, ක්‍රීඩකයන් පිළිගැනීම සඳහා ඉදිරිපත් කරන ලද නැටුම යන අංග තුන වෙනුවෙන් පමණක් මෙම රුපියල් ලක්ෂ 57 ක මුදලක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වියදම් කළ බවට බිලක් සකසා ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.



    උපුටා ගැනීම -ඉරිදා මව්බිම පුවත්පත
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "සියලුම වියදම් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෞද්ගලිකවම දරා ඇති බව" :baffled:
     
    • Like
    Reactions: kpg

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    සාක්කුවට වැටුණු ගාන වියදමක් විදියට දැම්මා වැඩිය හිතුවේ නෑ. ආයේ ඕක ගැන හාර අවුස්සන්න දෙයක් තියනවා යෑ.