99% බේරුනේ

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කලින් කුලියට හිටියා ගෙදරක.. හෙන කන්දක් උද තිබ්බේ අකුණු ගහනවා සෑහෙන්න.. මම කාමරේ මෙසේ උඩ ලැප තියන් හිටියේ.. ප්ලග් එකටත් ගහගෙනම.. හරියටම ලැප උඩින් ලොකු රාක්කයක් වගේ තියෙනවා මෙසේ ගාවින්ම.. එක උඩ පරණ ඉන්දියන් යකඩ ෆෑන් එකක් තිබ්බා.. එක පාරම හෙනයක් ගැහුවා බන්.. අර ෆෑන් එක මගේ මුන කෙලින්මයි තිබ්බේ.. ෆෑන් එක තනිකරම කරන්ට් එකක් වගේ උනා යකඩ පෙන්නැතුව රෝසපාට වගේ වෙලා ගියා සුටුස් ගාලා.. තප්පරයක් වගේ ගියේ.. එත් එක්කම ගෙරෙව්වා.. පට්ටම හයියෙන් අර නිකන් අකුණ අනිවා වැදුනා කියල ෆීල් එක එන්නම ගොරවන ගෙරවිල්ල.. මන් එහෙම්ම නැගිටලා පපුවට අත තියලා බැලුවා තාම පපුව ගැහෙනවද කියලා.. මන් හිතුවේ මැරුණා කියලමයි.. හැබැයි හෙන හිස් confused ෆීලින්ග් එකක් ආවේ.. :rolleyes:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මට නම් එහෙම බයක් නෙමෙයි දැනුනේ, මට bus කාරයා එක්ක පට්ට මලක් පැන්නේ . කතාව උනේ මෙහෙමයි 2012දී වගේ .

    මම office ගිහින් සෙනසුරාදා half-day ඉවරවෙලා ගෙදර එන්න හෝල්ට් එකේ ඉද්දි බස් දෙකක් කෙළගෙන ආව පොඩි රේස් එකක් දෙන්නගේ. මම ඉතින් මුලින් නවත්තපු බස් එකේ නැග්ගා. මුළු බස් එකටම හිටියේ 5ක් වගේ සෙනග. ඔන්න ඔහොම ඉතින් දෙන්න රේස් එක ආවා. මම බහින්න ලංවෙන හෝල්ට් එකේදී මම ඉස්සරහ දොර ලගට ආවා. ඒ වෙනකොට මම ආපු බස් එකට කලින් අනිත් බස් එක ගිහින් මගේ හෝල්ට් එකේ නැවැත්තුවා. මම ඉතින් බහින එකා නිසා ඉස්සරහ ෆූට් බෝර්ඩ් එක ලගට අවා බහින්න. එතකොටම බස් එකත් හෝල්ට් එකේ නවත්තන්න වගේ ටිකක් ස්ලෝව් කරලා හෝල්ට් එක පැත්තට ලං කරා. එහෙම කරපු බස් පකයා එක පාරටම අනිත් බස් එක overtake කරන්න අනිත් lane එකට දැම්මා. මම හිටියේ ෆූට් බෝර්ඩ් එකට බැහැල නිසා එක පාරම මාව උඩින් විසිවෙලා ගිහින් පාරට වැටුන. වැටිලා පාර ගිගේ රෝල් වෙලා ගිහින් පාර මැද පේමන්ට් එකේ වැදිලා නැවතුනා. ඒ වෙනකොට බස් එක අනිත් ලෙන් එකට දාල ඉවරයි. මම එහෙම්මම නැගිට්ටා. අගට එහෙම අමාරුවක් නැහැ. ඩෙනිම ඉරිලා තිබ්බ දනිස්ස හරිය අත් එහෙම පොඩ්ඩක් ලෙලි ගිහින් තිබ්බ.ඒ එක්කම බස් එකේ කොන්දා දුවගෙන ඇවිල්ල මොකද උනේ කියල අහනව. හුත්තට බැන්නා , තමුසෙලාට පිස්සුද ඕයි කියල අහල. එහෙම්මම ඌ මාව ත්‍රී වීලර් එකක දාගෙන බෙහෙත් දාන්න අරගෙන ගියා. බෙහෙත් දාන තැනදී කලිසම අයින් කරහම තමයි දැක්කේ දනිස්සට හැමිනිල කියල. දනිස්සේ තඩි වලක් . බෙහෙත් දාද්දි බෙහෙත් දාන එකාවයි බස් එකේ එකාවයි මරාගෙන කන්න හිතුන. එදාම දනිස්සේ scan එකක් කරා. කිසිම අවුලක් නැහැ කිව්වා දනිස්සේ , තුවාලේ විතරයි කියල තමා කිව්වේ.ඒ දනිස්සට වෙච්ච damage එක තාම තියෙනවා. කන්දක් නගිද්දී බහිද්දී එහෙම රෙවෙන්නේ නැති ටික විතරයි. ඒ කකුලට බර වැටුන ගමන් උන් හිටි තැන් අමතක වෙනවා. එක මුලින්ම සෙට් උනේ මෑතකදී සිරීපාදේ නගින්න ගිහින්. නගිද්දී අව්ලක් තිබ්බේ නැහැ , බහිද්දී තමයි තරු විසි උනේ. එක අඩියක් තියල විනාඩි කීපයක් යනකන් ඇවිදින්න බැහැ . ඒ කකුල දනිස්ස ගාවින් ලොක් වෙලා ඇදුම් කනවා එපා වෙනකන් . accident උනේ අවුරුදු 10කට විතර කලින් තාම අවුල් දනිස්ස බර වැටෙනකොට. තැනිතලාවේ ඇවිදිද්දී අව්ලක් ඇත්තෙම නැහැ. කදු පඩිපෙලවල් බහින්න තම බැරි. එකත් එක පාරම නෙමෙයි. සමහර වෙලාවට තම පත්තු වෙන්නේ වැඩේ.
    bus karayek uge hora ganiwa marapu seen ekekuth thiyenawa oya wage foot board eken wisik wenna bus eka elawala. Anthimata uta marana daduwama dunnalu
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    train eke foot board eke yaddi nan ath deka ridila patta gu yana bayak awa eka parak.

    kariya wage ellunata tika durak yanakota gassenakota paddenakota minissunge bara anga enakota ath deka riduna patta ridillak allan inda bari tharam. a madiwata express ekak. ambo man hithuwe hari thama dan atha arei dan atha arei kiyala
    matath mekama una... mage athlata pawa dadiya damma
    danne nathuwa ellune athule ida na kiala
    nattam jeevitheta footboard yanne na bus ekakawath
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මට නම් එහෙම බයක් නෙමෙයි දැනුනේ, මට bus කාරයා එක්ක පට්ට මලක් පැන්නේ . කතාව උනේ මෙහෙමයි 2012දී වගේ .

    මම office ගිහින් සෙනසුරාදා half-day ඉවරවෙලා ගෙදර එන්න හෝල්ට් එකේ ඉද්දි බස් දෙකක් කෙළගෙන ආව පොඩි රේස් එකක් දෙන්නගේ. මම ඉතින් මුලින් නවත්තපු බස් එකේ නැග්ගා. මුළු බස් එකටම හිටියේ 5ක් වගේ සෙනග. ඔන්න ඔහොම ඉතින් දෙන්න රේස් එක ආවා. මම බහින්න ලංවෙන හෝල්ට් එකේදී මම ඉස්සරහ දොර ලගට ආවා. ඒ වෙනකොට මම ආපු බස් එකට කලින් අනිත් බස් එක ගිහින් මගේ හෝල්ට් එකේ නැවැත්තුවා. මම ඉතින් බහින එකා නිසා ඉස්සරහ ෆූට් බෝර්ඩ් එක ලගට අවා බහින්න. එතකොටම බස් එකත් හෝල්ට් එකේ නවත්තන්න වගේ ටිකක් ස්ලෝව් කරලා හෝල්ට් එක පැත්තට ලං කරා. එහෙම කරපු බස් පකයා එක පාරටම අනිත් බස් එක overtake කරන්න අනිත් lane එකට දැම්මා. මම හිටියේ ෆූට් බෝර්ඩ් එකට බැහැල නිසා එක පාරම මාව උඩින් විසිවෙලා ගිහින් පාරට වැටුන. වැටිලා පාර ගිගේ රෝල් වෙලා ගිහින් පාර මැද පේමන්ට් එකේ වැදිලා නැවතුනා. ඒ වෙනකොට බස් එක අනිත් ලෙන් එකට දාල ඉවරයි. මම එහෙම්මම නැගිට්ටා. අගට එහෙම අමාරුවක් නැහැ. ඩෙනිම ඉරිලා තිබ්බ දනිස්ස හරිය අත් එහෙම පොඩ්ඩක් ලෙලි ගිහින් තිබ්බ.ඒ එක්කම බස් එකේ කොන්දා දුවගෙන ඇවිල්ල මොකද උනේ කියල අහනව. හුත්තට බැන්නා , තමුසෙලාට පිස්සුද ඕයි කියල අහල. එහෙම්මම ඌ මාව ත්‍රී වීලර් එකක දාගෙන බෙහෙත් දාන්න අරගෙන ගියා. බෙහෙත් දාන තැනදී කලිසම අයින් කරහම තමයි දැක්කේ දනිස්සට හැමිනිල කියල. දනිස්සේ තඩි වලක් . බෙහෙත් දාද්දි බෙහෙත් දාන එකාවයි බස් එකේ එකාවයි මරාගෙන කන්න හිතුන. එදාම දනිස්සේ scan එකක් කරා. කිසිම අවුලක් නැහැ කිව්වා දනිස්සේ , තුවාලේ විතරයි කියල තමා කිව්වේ.ඒ දනිස්සට වෙච්ච damage එක තාම තියෙනවා. කන්දක් නගිද්දී බහිද්දී එහෙම රෙවෙන්නේ නැති ටික විතරයි. ඒ කකුලට බර වැටුන ගමන් උන් හිටි තැන් අමතක වෙනවා. එක මුලින්ම සෙට් උනේ මෑතකදී සිරීපාදේ නගින්න ගිහින්. නගිද්දී අව්ලක් තිබ්බේ නැහැ , බහිද්දී තමයි තරු විසි උනේ. එක අඩියක් තියල විනාඩි කීපයක් යනකන් ඇවිදින්න බැහැ . ඒ කකුල දනිස්ස ගාවින් ලොක් වෙලා ඇදුම් කනවා එපා වෙනකන් . accident උනේ අවුරුදු 10කට විතර කලින් තාම අවුල් දනිස්ස බර වැටෙනකොට. තැනිතලාවේ ඇවිදිද්දී අව්ලක් ඇත්තෙම නැහැ. කදු පඩිපෙලවල් බහින්න තම බැරි. එකත් එක පාරම නෙමෙයි. සමහර වෙලාවට තම පත්තු වෙන්නේ වැඩේ.
    cari driver balla hoyan gehin kakula kadapan
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    mata nm wenne ona hela ekama wage wela thiyenawa. PC ekata hena gahuwa weda kara kara inna kota, thun parak bike eke acident una, deparak gilenna giya, wathura nathi adi 50 ka witara lidakata watenna gihin yantham lin gatte ellila beruna ... :no::no: dn nm sahena carefully weda karanawa. drive karanakota unath speed giyaata hema welema uparima awadhaanayen yanne. hemadaama jiwithe beraganna chance denne na ....:yes:
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    මම කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්ම ඔය ගැන කියල
    හැප්පුනා නම් කුඩු :sorry:
    ආයෙ දාපං මචං. ත්රෙඩ් කියන ඒවා කොච්චර දැම්මත් වැඩිවෙන්නෙ නෑ.
     
    • Love
    • Like
    Reactions: AnuradhaRa and DHE

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    train eke foot board eke yaddi nan ath deka ridila patta gu yana bayak awa eka parak.

    kariya wage ellunata tika durak yanakota gassenakota paddenakota minissunge bara anga enakota ath deka riduna patta ridillak allan inda bari tharam. a madiwata express ekak. ambo man hithuwe hari thama dan atha arei dan atha arei kiyala
    Matath ohoma wela ilaga station eken behala bus eke giya 😁😂
     
    • Love
    Reactions: DHE

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    අපි හුරුලු වැවේ නාන්න ගියා මම 6 7 වගේ ඉද්දි
    අපේ අම්මලා වැව මැද්දේ නෑවේ
    මට පීනන්නත් බැරි නිසායි බය නිසයි මම තමා පිටිපස්සෙම හිටියේ(ගොඩ ඉදන් මීටර් 4-5ක් වගේ ඉන්න ඇති )
    කොහොම හරි ඔහොම ඉද්දි යට අඩිය තියාගෙන හිටපු ගලෙන් පල්ලමකින් වගේ ලිස්සලා ගියා
    මම ඒ කාලේ කොටයිනේ උඩට එන්නත් බෑ වතුර පෙවෙන්න ගත්තා
    එදා නම් මැරුනා කියලාම තමා හිතුනේ
    කොහොම හරි අපේ පුන්චිගේ ලොකු දුව මාව උඩට ඇදලා ගත්තා
    එයාත් එතකොට 8 වසරේ වගේ හැබැයි එයාට හොදට පීනන්න පුලුවන්
    හොදම සීන් එක කියන්නේ මම උඩට ආවත් අර අක්කා ඇරෙන්න වෙන කිසි කෙනෙක්ට නෝට් නෑ
    එදා ඉතින් මම ගිලුනානම් පස්සේ බොඩි එක තමා හොයගන්න වෙන්නේ
    මම පස්සේ ආයේ ගියපු දවසක තමා දැනගත්තේ එතන නාන්නේ නෑලු ගොඩක් අය බිලි අරගෙනත් තියනවා කියලා ඔය විදිහට ලිස්සලා ගිහින්
    එදායින් පස්සේ වැවුවලින් නාන සීන් එකෙන් අයින් වුනා
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    පොඩි කාලේ බස් එකෙන් පැනලා තියෙනවා මෝඩ කමට
    දනිස් දෙක ලෙලි ගියා
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පොඩි කාලේ බස් එකෙන් පැනලා තියෙනවා මෝඩ කමට
    දනිස් දෙක ලෙලි ගියා
    හම්මෝ... ඕක නම් කරන්න හොඳම නැති වැඩක්. දනහිසේ අස්ථි 2ක මැද්දේ තියන කාටිලේජ කෑල්ල damage උනා නම් උඹට ජීවිත කාලේම විඳවන්න වෙනවා
     
    • Sad
    Reactions: techhelpme

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    train eke foot board eke yaddi nan ath deka ridila patta gu yana bayak awa eka parak.

    kariya wage ellunata tika durak yanakota gassenakota paddenakota minissunge bara anga enakota ath deka riduna patta ridillak allan inda bari tharam. a madiwata express ekak. ambo man hithuwe hari thama dan atha arei dan atha arei kiyala
    Same experience bro.
    මොකක් හරි විශෙශ නිවාඩු දවස් කිහිපයක්ම සෙට් වෙන සති අන්තෙක නැග්ගා කොටුවෙන් යාපනේ නයිට් මේල් එකට ෆුට් බෝඩ්. ඕවා මොනාදා ගේමක් නෑනේ කියලා හිතලා.
    කොහොමත් ඒකෙන් පස්සෙ වෙන යන්ඩ එකක් තිබ්බෙත් නෑ.ටික දුරක් යද්දි තමා වීරයගේ ගොන්කම තේරුනේ බන්.බැරිවෙලාවත් අත් දෙක හිරි වැටුනොත් කියන බයත් තිබ්බා.
    ඒ මදිවට කොලබින් ඇද්දම ආයෙ නවත්තුවේ පොල්ගහවෙල. එදායින් පස්සේ ෆුට් බෝඩ් අරහං.
     
    • Like
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,684
    113
    කොහෙ හරි කනත්තක
    train eke foot board eke yaddi nan ath deka ridila patta gu yana bayak awa eka parak.

    kariya wage ellunata tika durak yanakota gassenakota paddenakota minissunge bara anga enakota ath deka riduna patta ridillak allan inda bari tharam. a madiwata express ekak. ambo man hithuwe hari thama dan atha arei dan atha arei kiyala
    මටත් ඔය සීන් එකම වුනා එක පාරක්. වැඩට ගිහින් එද්දි හවස ට්‍රේන් එකක එල්ලුන. කොහෙද හිටපු කඩල කාරයෙක් කූඩ ගොඩකුත් අරන් මූ ෆුට් බෝඩ් එකේ එල්ලිල. මට අල්ල ගන්න විදිහකුත් නෑ. පට්ට ගේමක් දීල එල්ලිල හිටියෙ. ගල්කිස්සෙ බිංගෙ ලං වෙද්දි මං හිත හදාගත්ත අදනන් සීල් පෙට්ටියෙ තමා ගෙදර යන්න වෙන්නෙ කියල. කට ලේ රහ වුනා.😄 මරන බිය ආපු සීන්නන් කීප සැරයක්ම වෙලා තියෙනව.