Ada maava bus eken vatuna bn footboard eke yaddi...hutto ubalata kiyanna bus rodhe mage ainen giye...mama ehemma as deka vahagatta...thama nikan panapitin innavada nadda vage feel ekk enava...poddak nidagamu kiyala bed ekata alaunath ekamai bn mathak venne...
Ekai me thread ekak demme...ubalata mehema vela thiyanavada...like merena eka as panapita avilla giyapu scenes?apoo e feel ekanm...kohomath merena davasaka oya feel ekama ai kiyala baye bahe bn...
මම කැම්පස් ඉන්න දවස්වල අපි සෙට් එක ගියා නුවර පැත්තෙ ට්‍රිප් එකක්. එහෙ ගඟක් ගලන පට්ට ලස්සන ගමක් තියෙනවා. ඔය sunlight ad එහෙම record කරන්නෙත් එහෙලු. දැන් නම මතක නෑ.
කොහොම හරි ඔය ගඟේ නාන අතරෙ මාව ලිස්සලා ගහගෙන යන්න පටන් ගත්තා. ගල් පර සෑහෙන්න තියෙන හරියක්. වෙලාවට මට මොකක් හරි gift එකක් වගේ තියෙනවා මොකක් වුණත් panic නොවී ඉන්ඩ. (මේකෙ උන් කුලප්පු වුණාමත් එහෙමයි

) ඉතින් අහු වෙන අහු වෙන ගල අල්ලගෙන ගහගෙන යන එක නවත්ත ගන්න ට්‍රයි කරා.
හැබැයි එකෙන් එක ලිස්සලා යද්දි, ගහගෙන යන එක නවත්තන්න බෑ කියල තේරෙද්දි බොක්ක කූල් වෙලා යන අර මරණාසන්න හැඟීම අාවා බං. උඹ ඔය කියනවා වගේ තමයි. එ‍් වෙලාවට පට්ට අසරණකමක් දැනිලා හැම දේම slow motion වෙන සීන් එකක් තියෙනවා.
අපේ සෙට් එකම වටේ හිටියා. හැබැයි මම කෑ ගැහුවෙ, දැඟලුවෙ නෑ. පුළුවන් තරම් cool එකේ ගල් ලිස්සුවත් ගහගෙන යන වේගෙ ටික ටික අඩු කරගෙන අන්තිමට යාන්තම් නවත්ත ගත්තා. කට්ටිය ගොඩ දෙනෙක් මාව ගහගෙන යනවා වගේ දැකලා තියෙනවා. හැබැයි මම පට්ට cool පිට හිටපු නිසා ගාණක් නෑ වගේ පෙන්නලා shape වුණා.
කාටවත් කියල නොතිබුණ දෙයක් ඔන්න අද උඹලට කිව්වා. එදා TLM 13 Batch එකේ නුවර ගිය කවුරු හරි මේක දකිනවා නම් උඹලා හිතුවා හරි. එදා මම ගහගෙන ගියා තමයි බං. මාව මැරෙන එක කෙසේ වෙතත් ගල් තියෙන කොටස පහු වුණා නම් මාව සෑහෙන දුරක් ගහගෙන ගිහින් මළ විකාරයක් වෙන්න ඉඩ තිබ්බා. මුළු trip එකේම fun එක කණපිට ගැහෙන්න තිබුණා. වෙලාවට වගේ එහෙම නොවී බේරුණා.
Panic නොවී හිටපු එක තමයි මම හිතන්නෙ වටිනම දේ. එ‍් වෙලාවෙ යන්තම්වත් දඟලලා බය වෙලා කෑ ගහලා විකාරයක් නටන්න ගත්තා නම් මට කීයටවත් බේරෙන්න වෙන් නැහැ.