(-_-)** A/L වලින් පසු පාර ක්ලියර් *******

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    (-_-)** A/L වලින් පසු පාර ක්ලියර් *******

    මේ එළකිරි එකේ ඇතුළු සම තැනකම ඉතා ඉහලින් කතා කරන ගැටළුවක් වගේම හුගක් තරුණ තරුණයින්ට සැහෙන ප්‍රශ්නයක් වන පාසලෙන් පසු කරන්නේ මොකක්ද , අඩිය තියන්නේ කොහෙටද කියන ගැටලුවට යම් තාක් දුරට විසදුමක් තියේවිද බලන්න තමා මේ නුලෙන් බලාපොරොත්තු වෙන්නේ . ඔන්න මම සරල තේරෙන විදිහේ පලවෙනි ප්‍රශ්නේ අහන්නම්. මේක එන්නේ සාමාන්‍ය පෙළ කරනකොට . එකේදී ICT කියල විෂයක් එහෙම තියනවා. ඕක ඉගන ගන්නකොට ඔන්න හිතනවා දැන් IT පැත්තේ උඩට යන්න ඕනේ. උසස් පෙළ ඕනේ නැ.

    "උසස් පෙළ කරන්නේ නැතුව කරන්න පුළුවන් කොම්පියුටර් කොර්ස් මොනවද?"

    ඇත්තම කිව්වොත් මේ ප්‍රශ්නෙත් වැරදි. "කොම්පියුටර් කොර්ස්" එක්කෝ IT වෙන්න ඕනේ එක්කෝ CS - Computer science වෙන්න ඕනේ. එක්කෝ rograming Languages වෙන්න ඕනේ. එක්කෝ desktop publishing වෙන්න ඕනේ . ඒ මොකුත්ම නැතුව නිකන්ම අහන්නේ.

    ඇයි අපි උසස් පෙළ කරන්න ඕනේ?


    මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉතින් මහාචාර්ය කෙනෙක් ඉන්න ඕනේ. මට පුළුවන් විදිහට කියන්නම්. ඔයගොල්ලන්ගේ අදහසුත් කියන්න. සාමාන්‍ය පෙලේදී විෂයන් 8 ක් විතර කලට උසස් පෙලේදී කරන්නේ 4 . ඒ කියන්නේ විෂය පථය කුඩා වෙලා එකේ විස්තර වැඩි වෙනවා කියන එකනේ. ඉතින් ගණිතය වගේ විෂයක් කරනකොට එක පස්ස උනත් නැතත් කමක් නැ අවරුදු 2ක් ගණිතය කරලා තියනවා. වාණිජ කලත් තත්වේ ඕකම තම විබාගේ මොක උනත් විෂය ඉගනගෙන තියනවනේ. එකයි කියන්නේ උසස්පෙළ කරන්න කියල .

    අනෙක් අතට උපාදියක් කරනවා කියන්නේ සාමාන්‍යපෙළ ලගට තියන එක නෙමේ. එක තියෙන්නේ උසස්පෙළ ලගට. මොකද උපදියේදී විෂය පථය තවත් පටුවෙලා එක විෂයේ විස්තර වැඩි වෙනවා. අනෙක් අතට තොරතුරු තාක්ෂනය හෝ පරිගණක විද්‍යාව උපාධියන් හදාරද්දී ගණිතය විෂය වැදගත්. එහිදී සාමාන්‍යපෙළ කල ගණිතය නොව උසස් පෙළ ගණිතය වැදගත් කමෙන් වැඩි වෙනවා.


    තොරතුරු තාක්ෂනය හා පරිගණක විද්‍යාව අතර වෙනස


    ප්‍රදානම වෙනස වනුයේ තොරතුරු තාක්ෂනය යනු පරිගණක විද්‍යාව එක කොටසක් වීමයි. උදාහරණක් ලෙස ඉන්ධන පිරව්ම් හලක පරිගණක ගත කිරීමක් ගමු. එහිදී පැට්‍රොල් පොම්ප ගලවා එහි ඇති පරිගණක අතුරු මුහුණත් පිටතට ගැනීමට හැකි පරිදි සකස් කිරීම පරිගණක විද්‍යාව මගින් සිදු කෙරේ. ඒ පිටතට දෙන මුලික තොරතුරු සකස් කර පරිගණක මෘදුකාංගයක් සැකසීම තොරතුරු තාක්ෂනය මගින් සිදු කෙරේ.
    (මේ පිළිබද වැඩි විස්තර අවශ්‍ය නම් සපයා දීමට හැකිය )

    බොහෝ විශ්ව විද්‍යාල වල සහ සමහර private විද්‍යායතන වල මෙම පරිගණක විද්‍යා උපාධි ලබාදෙනු ලැබේ. උදාහරණ ලෙස ඔබ මොරටුව විශ්වවිද්‍යාලය, කොලබ විශ්ව විද්‍යාලය , පේරාදෙණිය , ඇතුළු විශ්ව විද්‍යාල වල ලබාදෙනුයේ පරිගණක විද්‍යා උපදියි. අනෙක් අතට කොලබ විශ්ව විද්‍යාලයේ පරිගණක පාසලෙන් හා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඔබට තොරතුරු තාක්ෂණ උප්දියක් ලබා ගාථා හැක. ඒ BIT හා FIT නම්වලින් හදුන්වන පටමල 2කකිනි


    තොරතුරු තාක්ෂනය(IT) හා පරිගණක විද්‍යාව (CS) සහ Programing Language අතර වෙනස


    පරිගණක විද්‍යාවේදී පරිගණක වල සහ දෘඩාංග වල සියලුම උපාංග වල ක්‍රියාකාරිත්වය සවිස්තරව උගන්වනු ලැබේ. එනම් ඔබට රෝබෝවකුගේ දෘඩාංග ක්‍රියාකරන ආකාරය සහ ඒ රොබෝව ගේ ඇතුලේ වැඩ කරන මෘදුකාංගය යන කොටස් 2ක හොදින් වටහාගෙන වැඩ කල හැක.නමුත් ඔබ තොරතුරු තාක්ෂණ වේදියෙක් නම් මෙම දෘඩාංග කොටස තේරුම් ගැනීමට ඔබට නොහැකි වනු ඇත. වෙන යම් ඉන්ගිනේරුවෙක් මගින් එය තේරුම් ගෙන අදාල මෘදුකාංග කොටස සම්පුර්ණ කිරීමට ඔබට සිදුවනු ඇත. ඔබ පරිගණක බශාවක් පමණක් දනිනම් ඔබට වනුයේ මුලදී කියූ කොටස් 2ක ම වෙනයම් කෙනෙකුගේ උදව්වෙන් වටහාගෙන තොරතුරු තාක්ෂණයේ ඉතා කුඩා කොටසක් වන කේතනය පමණක් සිදු කිරීමට ඔබට සිදු වේ. .

    සම්පීඩනය:-
    පරිගණක විද්‍යාව :- රෝබෝවා සැදීම + මෘදුකාංග සැලසුම + මෘදුකාංග කේතනය
    තොරතුරු තාක්ෂනය - මෘදුකාංග සැලසුම + මෘදුකාංග කේතනය
    පරිගණක බශාවන් - මෘදුකාංග කේතනය



    මෙන්න හොද ප්‍රශ්නයක්


    "ඩොට් නෙට් (.net) හෝ ජාවා (java) කරන්න යන්නේ . මචන්ලා හොද පොට් එකක් කියපල්ලකෝ "....

    දැන් මොකද කියන්නේ? මේ වැඩේ හරිද ? නැ නේද. මේවා ඉගන ගන්නට කලින් තමා තොරතුරු තාක්ෂනය ඉගන ගත යුත්තේ. ගෙයක් සැලසුම්කරණය ඉගනගැනීම මුලින් කරන්න ඕනේ ගෙවල් බදින්න ඉගන ගන්නට කලින්. නැත්නම් ඔබ සම්පුර්ණ දැනුමක් ඇති අයෙක් වෙන්නේ නැ. ඒ වගේම තමා මෘදුකාංග සන්වර්දනයේදී මුලින්ම විශ්ලේෂණය සහ සැලසුම්කරණය තම වැදගත්. ඒ 2කත තමා වැඩිම මුදලක් අය කරන්නේ සහ ගෙවන්නේ. එනිසා ඒවා හොදින් ඉගන ගැනීම ඔබ අනිවාර්යෙක් කල යුතුමයි



    තොරතුරු තාක්ෂනය(IT) කලොත් ලැබෙන්නේ මොනවද?

    ඔබ තොරතුරු තාක්ෂණ වේදය හැදෑරීමෙන් පසුව ඔබට ඇත්තෙන්ම ලැබෙනුයේ දැනුමක් පමණි. උදාහරණයක් ලෙස ඔබ පිහියක් ගැන ඉගනගෙන ඇත ඔබේ මනසේ ආදී ඇත්තේ එපමණකි. දැන් ඔබ කල යුත්තේ ඒ පිහියෙන් පාන් ගෙඩියක් කපන අයුරු ඉගන ගැනීම හෝ අත්හද බැලීමය. මෙහිදී අත්හද බැලීම හැම විටම සාර්ථක ක්‍රමය වන අතර එහිදී ඔබට එය හොදින් මතක හිටි. එමෙන්ම ඔබගේ ප්‍රයෝගික හැකියාවන් දියුණු වනු ඇත

    ඉගනගැනීමට නම් ඔබ එවන් පාන් ගෙඩියක් මිට පෙර පිහියකින් කැප ඇති කෙනෙකු සමග එය කල යුතුය. එම්මෙන්ම තොරතුරු තාක්ෂනය කල පමණින් පබාට බැංකුවක මෘදුකාංගය සංවර්දනය කල නොහැක. ඒ සදහා ඔබට තවත් බොහෝ ද අවශ්‍යය. අත්හද බැලීමේදී ඔබේ දැනුම යොදාගෙන ඔබම පන් ගෙඩිය කැපීම කල යුතුය. එහිදී ඔබේ ඇත කපෙනු ඇත. එක්කෝ පන් පෙති එක සමාන නැති විය හැක. ඒවාට විසදුම් සොයාගෙන හරි අයුරින් පන් ගෙඩිය කැපීමට ඉගන ගත් යුතුය. මෙය උපාධියන් ඔබට උගන්වනු නොලැබේ.


    උපදියකින් පසු ප්‍රයෝගික මට්ටමට අවශ්‍ය දේවල්


    අංක 1

    මෙයට මම කියනුයේ wepon set එක කියාය. එනම් ඔබ උප්දියේදී උකහාගත් දැනුම් සමබරය පිලිවෙලින් නැවත ප්‍රයෝජනයට ගාථා හැකි පරිදි ඔබේ මනසේ පෙළ ගැස්වි තිබිය යුතුය ..

    අංක 2

    wepon location මෙහිදී ඔබ ලග නොමැති දැනුම ඉතාමත් අඩු කාලයකින් ඉතා නිවැරදිව ලබාගන්න ආකාරය ඔබ දැන සිටිය යුතුය. උදාහරණ ලෙස බැංකුවක ATM යන්ත්‍රයේ යම් දෝෂයක් ඇති වී නම් එයට ලගම විසදුම ගුගල් නොවේ. එය මිට පෙර කර ඇති අයෙකුගෙන් උපදෙස් ලබාගැනීම ලේසිම ආකාරයය.[/COLOR]

    අංක 3

    How to Fire ඔබ ආයුධය ලග තබගත්තට වැඩක් නැත .එයින් පහර දෙන නිවැරදි ක්‍රමය දැන සිටිය යුතුය. උදාහරණ ලෙස පරිගණක විද්‍යාවේදී Data Mining නමැති විෂයක් උගන්වනු ලබයි. එහිදී දත්ත සැකසුම් කිරීම ඔබ නිවැරදිව දනී. නමුත් ඔඉබට ලැබෙනුයේ ප්‍රයෝගික ජිවිතයේ ඉතා සංකීර්ණ දත්ත එකතුවකි. ඉතින් ඔබ ඔබේ අර Data Mining නම් උ Wepon එක හරි පරිදි හසුරුවන්නේ කෙසේදැයි දැන සිටිය යුතුය[/COLOR]


    අංක 4

    war planing ඔබට ලබාදෙනුයේ ඔබ ඉගනගත් ආකාරයේ ප්‍රශ්න නොවේ. ඔබට දෙනුයේ සබැ ජිවිතයේ සංකීර්ණ ප්‍රශ්න වලට පරිගණක විසදුම් ලබා දෙන ලෙසටය. එහිදී ඔබට ඉතා පුළුල් සැලසුම්කරණ හැකියාවක් අවශ්‍යය. මේ සැලසුම්කරණය පිලිබදව ඔබට දැනුම ලබාදෙන නමුත් එය ප්‍රයෝගිකව කරන තුරු කිසිසේත් හරි වැටහීමක් නොලැබේ. යුද්දය ප්‍රයෝගිකව නොකර ගෙදර ඉදන් යුද්ද කල නොහැකිව සේමය [/COLOR]



    තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවන්


    එක් දෙයක් හොදින් මතක තබාගත යුතුය. ඔබ මොනම ආකාරයේ උපාදියක් ලබාගත්තද ඔබ මුල සිට රැකියාවේ ඉදිරියට ය යුතුමය. මෙය නීතියක් නොවන නමුත් බොහෝ විට සිදු වනුයේ එයයි. එසේ කරනුයේ ඔබ අවශ්‍ය දැනුම තිබුනත් එය පරිහරණය කරන ආකාරය ඔබ නොදන්නා බැවිනි. බොහෝ තරුණ තරුණියන් උපදින් පසු උසස් තනතුරක් බලාපොරොත්තු වන නමුත් එය ඉතාමත් මෝඩ ක්‍රියාවක් බව දවස් කීපයක් රැකියාවේ යෙදුනු විට දැක ගාථා හැක. මේ අංශයේ රැකියා මට්ටම් පහතින් දක්ක්වේ. මේ පියවරවල් සියල්ලම එකින් එක නැග යා යුතුය

    1. Training Software programer - ඔබව බොහෝවිට ප්‍රථමයෙන් වැටෙනුයේ මේ තනතුරටය. මෙහිදී සම්පුර්ණයෙන්ම සාදා අවසන් කල පරිගණක මෘදුකාංගයක් ඔබට දෙනු ඇත. එමෙන්ම එය බල වැරදි සොයන ලෙස කියනු ඇත.

    2. Software Programer - මෙහිදී ඔබට ඉතා කුඩා මෘදුකාංග කොටස් සංවර්දනයට ලබාදේ. එයත් ඔබේ ඉහල නිලදරියෙකුගේ පුර්ණ අදීක්ෂණය යටතේ සිදු කල යුතුය. මෙහිදී බොහෝ විට ඔබ Report සැදීම කරනු ඇත. එමෙන්ම මේ පියවරේදී ඔබට පරිගණක මෘදුකාංගය කේතනය සහ පරික්ෂාව පිළිබද සැහෙන දැනුමක් ලැබේ

    3. Training Analysisi Programer - ඔබ ලබාගත් කේතනය හා පරික්ෂාව පිළිබද දැනුම ක්‍රියාවේ යෙදවීමට අවස්ථාව ලබාදේ. පෙරට වැඩ සකිර්ණ කොටසක් කේතනය කර එය පරික්ෂ කිරීමට සිදුවේ. පසුව එය පරීක්ෂණ අංශය (QC) වෙත යව ඔව්න්ගේ අනුමැතිය ගාථා යුතුය

    4. Analysis programer - සැහෙන දුරට කේතනය කිරීමට ලැබේ. එමෙන්ම මෘදුකාංග විශ්ලේෂණය (Software Analysis) සහ සැලසුම්කරණය පිළිබද
    අඩංගු සටහන් සහ රුප සටහන් කියව තේරුම් ගැනීම ඉගන ගාථා යුතුය .

    5. junior Software enginer - Software Analysis එකක් කීම ඉගන ගත යුතු සේම එය ප්‍රයෝගිකව ක්‍රියාවේ යොදවා එම පරිගණක මෘදුකාංගය සංවර්දන කාර්යය තම ආයතනයට ලබා ගැනීමේ කාර්යය කල යුතුය.

    6. Software engineer - පරිගණක මුරුකංග විශ්ලේෂණය , සැලසුම්කරණය , කේතනය සහ පරික්ෂාව , එසේම එය පර්බෝගිකයාගේ ජලය තුල ස්ථාපනය ඇතුළු සම්පුර්ණ වැඩ කොටස පැවරෙනුයේ මොහුටය

    7. Software Design engineer - විස්තර විශාල වශයෙන් ඇති බැවින් ඉල්ලා සිටියහොත් ලබාදිය හැක

    8. Software Architecture - විස්තර විශාල වශයෙන් ඇති බැවින් ඉල්ලා සිටියහොත් ලබාදිය හැක

    9. Team Leader - විස්තර විශාල වශයෙන් ඇති බැවින් ඉල්ලා සිටියහොත් ලබාදිය හැක

    9. Project Manager - විස්තර විශාල වශයෙන් ඇති බැවින් ඉල්ලා සිටියහොත් ලබාදිය හැක



    Desktop Publishing සහ 3D Animation


    Desktop Publishing යනු සාමාන්‍ය විවහාරයේදී රූපක හා සම්බන්ද වැඩ කටයුතුය. ජයාරූප කරණය , Video Editing , type setting වැනි ද මේ ගණයට අයත් වේ. මේ සදහා අද අපේ රටේ හොද තැනක් පවතින අතර මේ සදහා උපාදියක් ලබාගැනීමට තැන ඉතා විරලය. මේ සදහා ඇත්තේ කුඩා පාටමාලාවන්ය (Short Corses). එමගින් ලබාගන්න දැනුම ප්‍රයෝගිකව දීමෙන් මේ පැත්තෙන් ඉහලට ය හැක. මේ සදහා උසස් පෙළ ඒ තරමටම අවශ්‍ය නොවන අතර කුමන විෂය දරාවක් හදාරා තිබ්බත් කල හැක. අනෙක් අතට 3D Animation යනු ඔබ දැක ඇති හොලිවෝඩ් චිත්‍රපට වල , වෙළද දැන්වීම් වල , ඔබ ප්ලේ කරනා පරිගණක ක්‍රීඩා වල අඩංගු වනුයේ මේ 3D Animation තාක්ෂණයයි. මේ සදහා පුළුල් ගණිත දැනුමක් අවශ වන අතර එය සමගම හොද කලාත්මක හැකියාවකුත් තිබීම සුදුසුය. කලාත්මක හැකියාව උපරිම ඇති යටත් මේය හොදින් ගැලපේ.

    පරිගණක උපාදි සහ ඒවායේ විස්තර.

    සම පරිගණක උපාදියක් සදහම යම් කාලයක් ගතවේ. සමහරක් උප්ඩදී විශ්ව විද්‍යාලය තුළදීත් සමහරක් ඉන් පිටතදීත් ඉගෙනීම් කල යුතුය.External saha Internal යනුවෙන් හදුන්වනුයේ මේ දෙවර්ගයයි. මෙයින් BIT , FIT මේ ආකාරයේ පිටතින් ඉගෙන ගාථා යුතු උප්දින්ය. සාමාන්‍ය විශ්ව විද්‍යාල තුලදී හදාරන පටමලාවන් Internal වශයෙන් ගැනු ලබයි .

    FIT

    මෙය ඉතාමත් කුඩා මට්ටමේ තොරතුරු තාක්ෂණ වේද පාටමලවකි. නමුත් ඉතාමත් වැදගත් එමෙන්ම විශාල තොරතුරු සමුහයක් අඩංගු වන පටමලාවක් බව පෙනේ. ඔබ සාමාන්‍ය පෙළ පමණක් හදාරා තිබුනත් ඔබට මෙම පටමාලාව හැදෑරිය හැක. වැදගත්ම දේ වනුයේ මෙම පටමාලාව සම්පුර්ණ කිරීමෙන් පසු ඔබට BIT නම් උපදිය සදහා ඉල්ලුම් කල හැක එක්වරම මහමුහුදේ පන පිහිනනවට වඩා කුඩා ජලාශයකින් පිහිනීම අරඹ කිරීම නුවනට හුරු නිසා විශාල වෙහෙසක් හා සංකීර්ණ බවකින් යුතු උපාදියක් කරනුවට වැඩ ප්‍රථමයෙන් මෙවන් පටමලාවක් හැදෑරීම වටිනාකමකින් යුතුය

    ඔබ FIT පටමාලාව කෙලවර තෙක් ඉගන ගන්න ආකාරය මේ ලින්කුවෙන් බැලිය හැක

    http://fit.bit.lk/learningPath

    ලියාපදිංචි වීම සදහා උපදෙස්

    http://fit.bit.lk/sites/default/files/Instructions.pdf

    ලියාපදිංචිය සදහා පූරමයන් මේ ලින්කුවෙන් ලබාගන්න

    http://fit.bit.lk/sites/default/files/registration_form_0.pdf

    ලියාපදිංචි ගාස්තු ගෙවීමට අවශ්‍ය වව්චර මේ ලින්කුවෙන් ගන්න

    http://fit.bit.lk/sites/default/files/Payment%20Voucher.pdf


    ඔබ මේ සදහා ලියාපදිංචි ඌ පසු ඔබට ලියාපදිංචි අංකයක් ලබාදෙනු ඇත. එයින් ඔබට Online Learning System නම් ඉතා දියුණු හැදෑරීම ක්‍රමයක් හා සම්බන්ද වී ඉගන ගැනීම කල හැක. ඔබගේ Assignment , Study Notes, Group Projects වැනි දේ මේ මගින් ඉතා පහසුවෙන් ලබා ගත් හැක ඒ පිළිබද වැඩි විස්තර මේ ලින්කුවෙන් ලබාගන්න

    http://fit.bit.lk/learning

    අවසන් වශයෙන් ඔබට නැගෙන ඕනෑම ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා ගැනීමට මේ ලින්කුව බාවිතා කල හැක [/COLOR]

    http://fit.bit.lk/vle/pluginfile.php/2765/mod_resource/content/4/general.html


    BIT- Bachelor of Information Technology

    මේ සදහා අවරුදු 3 ක් පමණ ගතවේ . අවසානයේදී ඔබට විශ්වවිද්‍යාලයකින් ප්රිනැමෙන අයුරින් උප්දියක් ප්රිනමෙනු ඇත. සාමාන්‍ය විවහාරයේදී මෙය ඉතා වටිනා උප්දියක් බව අම්තිවෙන්

    කිවයුතු නැත . ඒ,
    1. ඔබ මේ උපදිය සදහා පාඩම් කරනුයේ තනිවමය.
    2.ඔබට විශ්ව විද්‍යාල තුල සිටින ළමයින් මෙන් ආචාර්ය වරුන්ගේ සහයෝගයක් නොමැත.
    3. පරිහරණය සදහා අවශ්‍ය තරම් සම්පත් නැත .
    4. ඔබට පරිගණක විද්යගරයන් නොමැත .
    5. ඔබට ප්‍රයෝගික පුහුණුව ලබා දීමට මග පෙන්වන්නෙකු නොමැත .


    මේ සියල්ල මද්‍යයේ කරන ඉගැනීම ඉතාමත් අමාරුවෙන් කල යුත්තකි. එනිසා කව්රු කෙසේ කිවත් ඔබ ආයතනයක රැකියාවට ගිය විට ඔබ මේ උපාදිය හදාරා ඇති බව කියූ සැනින් ඒ සම්මුක

    පරීක්ෂණ මණ්ඩලය පහත කරන දැනගැනී.

    1. ඔබ ඉතාමත් ඉක්මනින් සම දෙයක්ම වැටහ ගන්නෙකු බව
    2. ඔබට ඕනෑම දෙයක් කියා නොදී වැටහ ගැනීමේ ශක්තියක් ඇත්තෙකු බව.
    3. අනෙකුත් අයගේ පෙලබවීමක් නොමැතිව තනිවම දෙන ලද කාර්යය කිරීමට හැක්කෙකු බව .
    4. ඔබේ ඉංග්‍රීසි දැනුම ඉතා හොද මට්ටමක ඇති බව
    5.කණ්ඩයම් සමග වැඩකිරීමේදී දුර්වලතාවයක් පෙන්නව්නෙකු බව


    මේ සියල්ල ඔබව හොද රැකියාවකට සුදුස්සෙකු කරනු ඇත. මෙම උප්දාදීය සදහා ලියාපදිංචියට ප්‍රථම ඒ සදහා ඇති විස්තර අඩංගු පත්‍රිකාව කියව සියල්ල තේරුම් ගාථා යුතුය. මෙම පියවර ඉතා වැදගත් වන අතර එමගින් ඔබට මෙම උපදිය පිළිබද සම්පුර්ණ චිත්‍රයක් මැවෙනු ඇත . මෙයින් පසු ඔබ මේ 3 Y කාලය කෙසේ සැලසුම් කරගත යුතුද යන්න මානව පැහැදිලි කරගැනීමට මෙම පත්‍රිකාවෙන් උප්දදෙස් ලබා දෙනු ලබයි . එමෙන්ම ඔබට මේ සදහා යන වියදම් සම්බන්ද දල අදහසක් ලබා ගැනීමටද මේ පත්‍රිකාවෙන් හැකිය. එය මෙතනින් ලබාගන්න

    http://bit.cmb.ac.lk/sites/default/files/bit_docs/Student%20Hand%20Book_2013_0.pdf

    මෙම උපදී පටමලාවේ අන්තර්ගතය මෙතනින් ලබාගත හැක

    http://bit.cmb.ac.lk/examination/course_structure

    මෙම උපදී පටමලාවේ උගන්වන ද පිළිබද ඉතා ලුහුඩු විස්තරයක් සහිතව අන්තර්ගතයක් ලබා ගැනීම සදහා පහත ලින්කුව වෙත් පිවිසෙන්න. මෙහිදී පොබට වෙන්ට් උපදී පටමලාවන් සමග මෙය සංසන්දනය කර බැලිය හැක . එසේ කිරීම මගින් ඔබට වැඩ සාර්ථක අනාගතයක් ගොඩනග ගාථා හැක

    http://bit.cmb.ac.lk/bit_syllabus_2013-14



    SLIIT - BSc in Information Technology


    මෙයද Sri Lanka Institute of Information Technology ආයතනය මගින් පවත්වන තොරතුරු තාක්ෂණවේද උපාදි පටමලවකි. මේ සදහාද අවරුදු 3
    කැ පමණ කාලයක් ගතවේ . මෙහෙඉදී ඔබට ඉතා හොදින් පොතේ දැනුම සමගම ක්‍රියාකාරී දැනුමද ලබාදෙමින් පවත්වනු ලබයි. මෙහිදී ඔබට අවරුදු 3 නම සම්පුර්ණ කල නොහැකි උවහොත් ඒ සදහා ඔබට වෙනමම National Diploma in IT නම් සහතිකය අවරුදු 2ක් අවසානයේ ලබාගත හැක. අනෙක් අතට ඔබට රැකියා ස්ථානීය පුහුණුවක්ද මේ මගින් ලබාදෙන බව එම ආයතනය පවසනු ලබයි.


    ඇතුලත් වීමේ සුදුසුකම්


    මේ සදහා ඔබ උසස් පෙළ සමත් ශිෂ්‍යකු විය යුතුය . එය ලන්ඩන් හෝ ලාංකීය වීම ගැටළුවක් නැත. එමෙන්ම අයත්ය මගින් පවත්වන Aptitude Test එක සමත් වීමද අනිවාර්යය


    ඇතුලත් වන ආකාරය

    1. මුලින්ම ඔබ ඇතුලත් වීමේ පෝරමයක් ගෙන එය පුරවා යැවිය යුතුය . එය බාගත කරගැනීමට පහත ලින්කුවෙන් හැක

    http://computing.sliit.lk/wp-

    content/uploads/2013/12/preliminary_application_BSc_in_IT_2014_June-Intake-2014.pdf

    2. Aptitude Test එක සදහා රුපියල් 750/- කැ මුදලක් ගෙවිය යුතුය
    එය ගෙවිය යුතු ගිණුම වන්නේ [/COLOR]


    SLIIT Computing (Pvt) Ltd
    1630619
    Bank of Ceylon
    Kollupitiya


    3. මෙය ගෙවා ඒ බැංකු ස්ලිපය සහ පෝරමය පහත ලිපිනයට යොමු කරන්න

    Student Affairs and Enrollment Division
    SLIIT Computing (Pvt) Ltd,
    No 371, R.A. De Mel Mawatha(Duplication Road),
    Colombo 03.
    Hot line : 0772665555
    Tel : 0117543600


    පටමල ගාස්තුව

    semester එකක් සදහා ගාස්තුව වශයෙන් රුපියල් 96,000 ක් ගෙවිය යුතුය එය කොටස් වශයෙන්ද ගෙවීමේ පහසුකම් එම ආයතනය විසින් සලසා ඩි ඇත

    පාටමල අන්තර්ගතය


    මෙය පහත ලින්කුවෙන් ලබා ගත හැක

    http://computing.sliit.lk/undergraduate/bsc-information-technology/


    තවත් වැඩි විස්තර සමග මෙම නුල ඉදිරියට යනු ඇත. එනිසා ඔබගේ සියලු ප්‍රශ්න , අදහස් , විශේෂයෙන්ම වැරදි තැන , චෝදනා , යෝජනා සියල්ල ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

    එමෙන්ම මෙම නුල අපේ අනාගත පරපුර බාරගන්නා නංගිලා මල්ලිලා වෙනුවෙන් ඉදිරිපත් කරන්න නිසා මෙහිදී අනවශ්‍ය දෑ ඉදිරිපත් කර නුල කඩාකප්පල් නොකරන මෙන් ඉල්ලමි. එය ඔව්න්ට කරන අපරාධයක් ලෙස සලකා ක්‍රියා කිරීම වටි.

    එමෙන්ම මෙය අනෙක් අයට ද බලාගැනීමට bump එකක් දමා යන මෙන් ඉල්ලා සිටිමි

    ඔබට ජය
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    එළ ත්‍රෙඩ් එකක් මචන්. සෑහෙන්න වටිනවා
    11.gif
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    IT විතරක් නෙවෙයිනේ තියෙන්නේ තව කොච්චර දේවල් තියෙනවද.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    IT විතරක් නෙවෙයිනේ තියෙන්නේ තව කොච්චර දේවල් තියෙනවද.

    එකනම් ඇත්ත මචන්. එත් කරන්න දෙයක් නැ බන්. මේක මගේ සුබ්ජෙච්ට් එක නිසා ලිව්වා
    තව කව්රු හරි අනික්වා ගැන ලියයි කියල හිතනවා
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මචන් BIT කරන්න මොරටුවද කොළඹද හොද ????
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ගොඩක් ස්තූතියි මචන්
    හොදට පැහැදිලි කරල තියනවා
    මේ වගේ ත්‍රේඩ් තමයි එලකිරියට අඩු
    Thank you Again
    Rep Added
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සුපිරි ත්‍රෙඩ් එකක් මචං .රෙප් 2+

    BIT එක කරන්න යන ගාස්තු ටිකත් දැම්මොත් මචං ලොකු උදව්වක් . මේවා කරන්න පුළුවන් සල්ලි තියෙන මිනිස්සුන්ට විතරද බන් , සල්ලි නැති එකෙක් නං කොහොමද මේවා කරන්නේ , සල්ලි හොයා ගන්න ක්‍රම .
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මචන් ඌව වෙල්ලස්ස university එකේ Computer Science & technology කියන කෝස් එක කොහොමද හොද ද? ඉක්මනට කියපල්ල යනව නම් මන් මේ 7 වෙනිද රෙජිස්ටෙර් වෙන්ඩ ඕනෙ.ඒක හින්ද දන්න එකෙක් ඒ degree එක ගැන කියපල්ලකො ඉක්මනට:):):)
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    සුපිරි ත්‍රෙඩ් එකක් මචං .රෙප් 2+

    BIT එක කරන්න යන ගාස්තු ටිකත් දැම්මොත් මචං ලොකු උදව්වක් . මේවා කරන්න පුළුවන් සල්ලි තියෙන මිනිස්සුන්ට විතරද බන් , සල්ලි නැති එකෙක් නං කොහොමද මේවා කරන්නේ , සල්ලි හොයා ගන්න ක්‍රම .

    සල්ලි ඒ තරම් නැති එකෙක්ට ,A/L Results නැත්නම් හොදම එක තමයි HND ලක්ෂ 2 කට කිට්ටු වෙන්න යන්නේ. නමුත් ඒකටත් හුටා වෙයි ලංකාවට සම්බාධක වැටුනොත්.