__සOගීතයෙන් ලොව දිනු කලු මිනිසුන්, Must see__

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    __සOගීතයෙන් ලොව දිනු කලු මිනිසුන්, Must see__

    Oගීතයෙන් ලොව දිනු කලු මිනිසුන්

    african-musicians.jpg

    අඳුරු මහද්වීපය එහෙමත් නැත්නම් අපි‍්‍රකා මහද්වීපය තමන්ගේ නිජබිම කරගත්තු නීග්‍රෝ මිනිස්සු එයාලගේ පාඩුවේ කල් ගෙවද්දී සුදු මිනිස්සු ඇවිත් මෙයාලාව වහල්ලූ විදිහට තමන්ගේ රටවල්වලට අරගෙන ගියා :growl::growl: කලූ වහලූන්ව ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ "කළු ඇත්දළ" කියලා :eek::eek: ඒ වගේමයි අපි‍්‍රකානු භූමියත් මේ නූගත් නීග්‍රෝවරුන්ව මෝඩයෝ කරලා කොල්ල කන්න සුදු ජාතිකයෝ සමත් වුණා :frown::frown:



    සුදු ජාතිකයෝ නිසාම ලෝකේ හුඟක් රටවල්වලට නීග්‍රෝවරු පැතිරිලා ගියා :nerd::nerd: කොටින්ම පෘතුගීසීකාරයෝ නිසා ලංකාවටත් මේ නීග්‍රෝවරු ආවා :rolleyes::rolleyes: තවමත් එයාලගෙන් පැවැත එන අය පුත්තලමේ, කල්පිටිය පැත්තේ ඉන්නවා :yes::yes:


    ලෝකය පුරාම තමන්ගේ වහල් මෙහෙයට මේ කලූ ජාතිකයින්ව සුදු ජාතිකයෝ අරගෙන ගිහින් දරුණු වද හිංසා එහෙමත් පමුණවලා තියෙනවා :shocked::shocked: කාලෙත් එක්කම ක‍්‍රමයෙන් මේවා වෙනස් වුණා :D:D ඇමරිකාවේ හිටපු ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා මේ වහල් සේවය තහනම් කළා :cool::cool:

    ඒ වගේම දකුණු අපි‍්‍රකාවේ නෙල්සන් මැන්ඩලා මේ වර්ණ භේදවාදයට විරුද්ධව සටන් කරලා ජය ගත්තා :yes::yes: මාටින් ලූතර් කිං වගේ කලූ ජාතිකයින් සුප‍්‍රකට ජන නායකයින් වුණා ;);) අවසානයටම ගත්තොත් බැරැක් ඔබාමා කියන කලූ ජාතිකයා ඇමරිකාවේ මහ පුටුවෙත් වාඩි වුණා :baffled::baffled:



    මේ මොනවා කොහොම වුණත් තවමත් කලූ ජාතිකයන්ට අවඥා කරන එක සුලූ සුලූ විදිහට හරි වෙනවලූ :sorry::sorry: මොන වගේ කරදර ආවත් මේ කලූ ජාතිකයන් සතුටෙන් හිටපු කට්ටියක් :rofl::rofl:

    ඉතින් කලු ජාතිකයෙක් වුණත් තමන්ගේ සංගීත හැකියාවෙන් සුදු ජාතිකයන් වසඟ කරපු කලු ජාතික ගායකයෝ වගේම සංගීතඥයෝ කීප දෙනෙක් ගැනයි මේ කතා බහ :cool::cool::yes::yes:

    ____________________________________________________________________________________________________________________________________





    මේ post එකට මූල බීජය දුන්නු "What a Wonderful World" සිංදුවෙන්ම පටන් ගත්තොත් Louis Armstrong කියන 1901-1971 කාලේ ජීවත් වුණු ගායකයා තමයි මේ ගීතය ගායනා කරන්නේ.​




    දක්ෂ ට‍්‍රම්පට් වාදකයෙක් විදිහටත් මෙයාව හඳුන්වන්න පුලූවන්. ඒ වගේම නළුවෙක් විදිහටත් මෙයා කටයුතු කරලා තියෙනවා. මේ link එකෙන් ගිහින් එයාගේ තව සිංදු බලාගන්න පුළුවන්.

    ************************************

    Ray-Charles1.jpg


    මීළඟට කතා කරන්නේ Ray Charles ගැන. පොඩි කාලේ ඉදන් හරියටම කිව්වොත් අවුරුදු 3 ඉදන්ම පියානෝ වාදනයට Ray දක්ෂ වෙනවා. ඒත් අවුරුදු 7 දී ඇස් පෙනීම නැතිවීමත් එක්ක ඒක තමන්ගේ සංගීත ගමනට බාධාවක් කර නොගත්තු Ray අන්ධ විද්‍යාලයකට ඇතුල්වෙලා බ්‍රේල් ක‍්‍රමයෙන් පියානෝ වාදනය තවදුරටත් ප‍්‍රගුණ කරනවා.


    මෙයත් චිත‍්‍රපටි නළුවෙක් වුණා වගේම Ray ගේ කතාවෙන් චිත‍්‍රපටි පවා නිර්මාණය කරලා තියෙනවා. මේ Hit The Road Jack සිංදුව ගේ ප‍්‍රසිද්ධ සිංදුවක්.



    Ray ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


    ************************************


    johnny_nash.jpg


    මෙයා තමයි Johnny Nash. මෙයත් නළුවෙක් විදිහට වැඩ කරලා තියෙනවා. Nash ගේ ප‍්‍රසිද්ධම ගීතයක් තමයි මේ I Can See Clearly Now සිංදුව.



    පස්සේ කාලේ තව තව අයත් මේ සිංදුව එක එක විදිහට ගායනය කළත් Johnny Nash තමයි මේ සිංදුවේ මුල් ගායකයා. Johnny Nash ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.

    ************************************



    Jimmy-Cliff-706259.jpg



    Johnny Nashගේ I Can See Clearly Now සිංදුව තව ටිකක් රොක් කරලා ගත්තු කෙනෙක් තමා Jimmy Cliff කියන්නේ. මේ තියෙන්නේ ඒ සිංදුව.



    මෙයත් නළුවෙක් විදිහට වැඩ කරලා තියෙන කෙනෙක්. Jimmy Cliff ගේ ප‍්‍රසිද්ධම සිංදුවක් තමා මේ Many Rivers to Cross සිංදුව.



    මේ සිංදුවෙන් ලංකාවේ හුඟක් ප‍්‍රසිද්ධ සිංදුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි චිත‍්‍රාල් සෝමපාල ගායනා කරන ”නදී ගංගා තරණයේ” කියන සිංදුව.



    Jimmy Cliff ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.

    ************************************



    ap041211023852bm__opt1__opt__oPt.jpg



    මේ හාදයා ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙයා තමයි Bob Marley. 1981 දී පිළිකාවක් නිසා මෙයා මියගියත් තාමත් ජනපි‍්‍රයත්වයේ කිසිම අඩුවක් නැහැ. රස්තාවරයෙක් විදිහට මෙයාව අනුගමනය කරන අය ඉන්නවා වගේම ලංකාවේ නම් විලාසිතාවක් වගේ Bob Marley ගේ තොප්පි, T-Shirts, Stickers ආදී එකී මෙකී නොකී ඒවා පැතිරිලා තියෙන්නේ.


    Bob Marley ගේ ප‍්‍රසිද්ධ සිංදුවක් තමා මේ Buffalo Soldier සිංදුව.



    Bob Marley ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


    ************************************


    OEXTD00Z.jpg



    මේ Harry Belafonte. මෙයත් ගායකයෙක් වගේම නළුවෙක්. ඒ වගේම සමාජ කි‍්‍රයාකාරිකයෙක් කියලා කියන්නත් පුලූවන්. අපේ පරණ අය අතර ප‍්‍රසිද්ධ සිංදුව Jamaica Farewell සිංදුව කියන්නේ මෙයා තමයි.



    ඒ වගේම Boney M සංගීත කණ්ඩායම ගායනා කරන ප‍්‍රසිද්ධ නත්තල් ගීතයක් වෙන Mary's Boy Child සිංදුව මුලින්ම කිව්වෙත් මෙයා තමයි.



    Harry Belafonte ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.

    ************************************



    boney-m-16.jpg



    Boney M ලා ගැන කතාවට ආපු නිසා දැන් එයාලා ගැන කතා කරමුකෝ ටිකක්. එක කොල්ලෙක්ගෙනුත් කෙල්ලෝ තුන් දෙනෙකුගෙනුත් සමන්විත වුණු Boney M කණ්ඩායම 1980 සහ 1990 දශකයන්වල අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණා.


    මම කලින් කිව්වා වගේම මෙයාලා කියන ජනප්‍රිය ගීතයක් තමා මේ Mary's Boy Child සිංදුව.



    ඒ වගේම මෙයාලගේ තවත් ජනප්‍රිය ගීතයක් තමා මේ Daddy Cool සිංදුව.




    මේ වෙන කොට සංගීත කණ්ඩායමේ පිරිමි සාමාජිකයා Bobby Farrell වුණු ජීවතුන් අතර නැතත් අනිත් තුන්දෙනා Liz Mitchell, Marcia Barrett, Maizie Williams තවමත් සංගීත කටයුතුවල යෙදෙනවා.


    ඒ වගේම Boney M ලා කියන තවත් ජනප්‍රිය සිංදුවක් තමා මේ Rivers of Babylon සිංදුව.



    ඒත් ඒක මුලින්ම කිව්වේ එයාලා නෙමෙයි The Melodians කියන ඒත් කලු කොල්ලෝ සෙට් එකක්. ඒ ගොල්ලෝ ගැන ඊළඟට


    Boney M ලගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


    ************************************



    Bo.jpg



    The Melodians කියන්නේ ජැමෙයිකාවේ කොල්ලෝ තුන් දෙනෙක් 1960 දශකයේ පටන් ගත්තු සංගීත කණ්ඩායමක්. මේ තමා එයාලා මුලින්ම කිව්ව Rivers of Babylon සිංදුව.



    මේ වෙද්දී ඒ කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්නේ දෙන්නයි. අනික් එක්කෙනා මිය ගිහින්


    The Melodians ලගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


    ************************************



    Bobby-McFerrin.jpg



    මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අපි කියන දෙයක් තමා Don't Worry, Be Happy කියලා. ඒකෙන් පටන් ගන්න ප්‍රසිද්ධ සිංදුව Don't Worry, Be Happy කියන්නේ මේ Bobby McFerrin.



    මෙයා දක්ෂ පියානෝ වාදකයෙක් වගේම බේස් ගිටාර් වාදකයෙක් කියලා තමයි කියන්නේ


    Bobby McFerrin ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


    ************************************


    Lionel%2BRichie%2B-%2BSay%2Byou%252C%2Bsay%2Bme.jpg



    Hello කියන සිංදුවෙන් හුඟාක් දෙනෙක් අතර ජනප්‍රිය වුණේ මෙන්න මෙයා තමයි.



    මෙයත් නලුවෙක් විදිහටත් කටයුතු කරන කෙනෙක්.


    Lionel Richie ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


    ************************************




    7michael-jackson.jpg


    මෙයා ගැන අපි හැමෝම දන්නවා. මෙයා තමයි "පොප් රජු" විදිහට හඳුන්වපු මයිකල් ජැක්සන්. කලු ජාතිකයෙක් විදිහට 1958 දී ඉපදුණු මයිකල් ජැක්සන් ප්ලාස්ටික් සැත්කමකින් සුදු හමක් ලබාගන්නවා. තමන්ගේ ජීවිතේ හුඟාක් ජනප්‍රිය වුණා, ධනවත් වුණා වගේම හුඟාක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න මෙයාට සිද්ධ වුණා අවසානයේදී සැකයක් ඉතිරි කරමින් මයිකල් ජැක්සන් මෙලොවින් සමුගත්තේ 2009 අවුරුද්දේදී.

    මේ මයිකල් ජැක්සන්ගේ මම කැමතිම සිංදුවක්




    ************************************

    තව ඉතින් Akonලා 50cents ලා වගේ ගොඩක් අය ඉන්නවා :yes::yes: මේ මදෑ, කියවලා හොදනම් ප්‍රතිචාරයක් දක්වලා යන්න කාරුණික වෙන්න :D:D


    ************************************



     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,509
    113
    අඩෝ පට්ට ත්‍රෙඩ් එක... :)
    (රෙප්+ දෙන්න බැහැ බං)
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,509
    113
    මෙයාවත් ඔය ගොඩට දාන්න ඕනෙ මචං.... මම ආසම සිංදුවක් මේක, කියන්නෙ Bobby Blue Bland

    Members Only


     
    Last edited:

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ape agameth innawa bilal raliyallahu anuhu kiyala imam kenek. ude paandara Allahu akbar Allahu akbar kiyala oyagollonta sinduwak wage deyak ape palli waline ahenawa athine ? eka palamu wathawata kiyala thiyenne kalu jaathikayek. eya thamai me loke hitiya palawei muezzin. bilal rali allahu anhuta nabi thuma oya wade pawaruwe ethumanange kata handa honda nisa.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ape agameth innawa bilal raliyallahu anuhu kiyala imam kenek. ude paandara Allahu akbar Allahu akbar kiyala oyagollonta sinduwak wage deyak ape palli waline ahenawa athine ? eka palamu wathawata kiyala thiyenne kalu jaathikayek. eya thamai me loke hitiya palawei muezzin. bilal rali allahu anhuta nabi thuma oya wade pawaruwe ethumanange kata handa honda nisa.
    :):):):):):):):)