කියන තරම් සුදු කරන්න බෑ බන්..

අපි හැමෝම ආස දත් කිරි සුදු වගේ කර ගන්නනේ.
ඩොකෙක් ලගට ගියාම ඩොකා ලියලා දෙනවා එක එක ටූත් පේස්ට් සුදු වෙන්න.

ඒවාගෙන් මැද්දා කියලා සුදු වෙන්නේ නෑ බන්..
එක පාරක් දත් සුදු කර ගන්න උන තිබිලා මම ගියා පේරාදෙනිය ඩෙන්ටල් හොස්පිටල් එකට.

උන් මට බැන්නා කියපන්කෝ..

සුදු කරන එක සාමාන්‍යයෙන් ඩොක්ටර්ස් ලා අනුමත කරන්නේ නෑලු.
ඒවා කරන වෙනම අය ඉන්නවලු.
බ්ලීච් දාලා සුදු කරගන්න පුලුවන් ලු අලුත් දත් දැම්මා වගේ..
හැබැයි එනමලයට හානි වෙනවලු .
තේ අනම් මනම් බීම වර්ග බෝන්න බෑලූ , කහට බැදෙනවලු..
ඒවා පැකේජ් ක්‍රමයටලු තියෙන්නේ ලොකු ගනන් යනවලු..
ඔහොම ඔහොම කීවා කතා ගොඩක්..

දත් වල කහ පාට ගතිය නම් හූරලා අයින් කරන්න පුලුවන් කිව්වා තරමක් දුරට.

ඒ ඇරෙන්න සුදු කරන විකල්ප ක්‍රම වලට යන්න එපා කිවා