A/L වලින් පසු...

Mr.Drac

Member
Aug 16, 2020
2
6
3
Hello guys, :-)
මට help එකක් ඕනෙ higher education ගැන,
මම A/L maths කලේ
Result - BCS,
z එක 0.9324,
ගම්පහ දිස්ත්‍රික් 366, island 3688.
වයස - 19 යි

දැන් ට adsense site කරන ගමන් පොඩි online store එකක් කරන් යනවා, දවසම ගෙවන්නේ ඔය දෙකට අමතරව ගමේ Game ගහන්න (job is first ඒත්)

හෙට කොළබ campus එකේ information system appitute test එකට යනවා, ඒක තමා දැනට kamathi ම campus course එක ( software engineer වගේ යන්න z මදි නිසා), sliit uni non government එකකට යන්න සල්ලි නැ. ගෙදර ඉඳන් online වැඩ කරලත් ඇති වෙලා. මොකක් හරි අනාගතය ට වටිනා හුඟක් සල්ලි යන්නේ නැතිව ඉගෙන ගන්න පුළුවන් course එකක්, external degree එකක්, වගේ දෙයක් ඕනේ?

(this is my 1st post, මම ඔක්කොම trends A/L, maths, uni, university, course key word වලින්, ලොකු දෙයක් හම්බුනේ නැ, internship එකක් හරි කමක් නෑ, ඉගෙන ගන්න පුළුවන් තැනක නම්)
 

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඉදිරියට ඉගෙන ගන්න හිතපු එක නම් බොහොම වටිනවා.

    බොහෝ දෙනෙකුට මුදල් අතගාන්න පටන් ගත්තම අධ්‍යාපනය අමතක වෙනවා.

    කොපමණ ඉගෙන ගත්තත් දෑතේ පිහිටෙන් කරන රැකියාව බොහොම වැදගත්. (අනුන් යටතේ වැඩ නොකර තමන් යටතේ වැඩ කරන පිරිසක් හදාගන්න)

    මට හිතෙන දේ නම්, අනුන් කියන දේ නොව, තමන්ට රුචිකත්වයක් ඇති දේ ගැන වැඩිදුර අධ්‍යාපනයක් ලබන්න.
     
    • Like
    Reactions: dilann
    උබ මචන් කොළබ campus එකේ information system එකේ aptitude test එක ගොඩ දාගනින් . ඕවගේ පොඩි පොඩි දේවල් බන් අහන්නේ . Basic maths වගේ . උබට ඕනනම් 2nd shy කරලා ඊට වැඩිය හොද එකක් try කරන්න පුළුවන් . 2nd shy කරන්න අමාරුයි වගේ නම් ඔය degree එක කරපන් . උබ Software Engineering ජොබක් කරන්න වුනත් ඔය degree එක ඇති මචන් . අපේ office වල ඉන්නවා non IT degrees තියෙන අය . උබ ඔය degree එක කරන ගමන් oracle certifications වගේ professional qualifications කරහන් . මම කිව්වේ Java institute එක නෙමෙයි හොදේ . තව youtube, udemy එකේ courses බල බල පොඩි පොඩි projects කරපන් . උබ Java, Javascript, Typescript, Nodejs, HTML, CSS, Angular, React, MongoDB, Mysql වගේ දේවල් හිමීට බලන් පලයන්. ඔක්කොම එක පාර කරගන්න බැහැ . හිමීට කරමු අපි . අවරුද්දකින් වගේ ඔය internship එකකට දාපන් . මෙලෝ දෙයක් දන්නේ නැතුව interns ල ගන්නෙත් නැහැ බන් දැන් . Online ඕනෑතරම් ඉගෙන ගන්න විදි තියෙනවා . උබ කොහමහරි බන් degree එකක් කරපන් . මේ කාලේ පොඩි පොඩි සල්ලි ලාබ හින්දා ඉගෙන ගන්න එක නවත්තන්න එපා . මොනාහරි ඕනෙනම් PM එකක් දාපන්
     
    • Like
    Reactions: dilann

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    දැන් ඔහොමම ඩිග්‍රි එකක් පටන් ගන්න. ආයේ ඒලෙවල් වලට යන්න හිතන්නවත් එපා.

    Highly recommend UCSC for this.